11 කොටස

4.3K 479 34
                                    

යීබෝ උදෑසන ඔෆිස් එකට පැමිනෙන විටත් ශාන් ඔෆිස් එකට ඇවිත් හිටියා... ඉස්සර වගේ good morning කියන පුරුද්දක් දැන් දෙන්නට නැහැ ඉතින්.... ආපු ගමන් කිස් කරන එක තමයි දෙන්නගෙ පලවෙනිම වැඩේ... ඉතින් වෙනදා වගේම ශාන් ලගට ආපූ යීබෝ ශාන්ගේ දෙතොල් විනාඩි කිපයක් සිපගත්තා...

"ඔන්න පැටියෝ මම අද ආවේ ගුඩ්ම ගුඩ් නිවුස් එකක් එක්කමයි...." යීබෝ කිව්වේ ශාන්ගේ තොල් වලින් මිදෙන ගමනුයි

"ඇත්තටම ගුඩ් වුනොත් හොදයි... මොකද මම මේ ගෙදර අයට මූන දෙන්න බැරුව ඉන්න වෙලේ තව මොන මරාල කඩා පාත් වෙයිද දන්නැහැනේ..."

"කියන්න කලින් විචාර දීලා ඉවරනේ.... ඉස්සෙල්ල පොඩ්ඩක් අහලා ඉන්නවකෝ...."

"ම්... කියන්නකො බලන්න.."

"නෙක්ස්ට් වීක් අපි කොරියා යනවා.... අපේ බිස්නස් ටුවර් එකට පපා ඔයාවත් ඇඩ් කලා..." යීබෝ කිව්වේ ගොඩක් සතුටකින්..

නමුත් ඒක ඇහුන ගමන් ශාන්ගේ මූනට ලොකූ සතුටක් ආවෙ නැහැ

"ම්..... මේ.... මම එන්නම ඕනිද..." ශාන් අහද්දී යීබෝගේ හිතනම් ගොඩක් රිදුනා වගේම තරහත් ආවා මොකද එයා උදේම ආවේ ඒක කිව්වම ශාන්ගේ මූනේ ඇදෙන හිනාව බලාගන්නයි

"ඔව් එන්න ඕනි තමයි... මොකද තමුන් මගේ සෙකට්‍රිනේ.... අනික ඇයි තමුසෙ එන්න අකමැති... තමුසෙ ඩිග්රි එක කලෙත් එහෙ කිව්වා නේද..." යීබෝ ඇහුවෙ තරහින්

"ඔව්... ඒක හින්දම තමා මන් වැඩිය කැමති නැත්තේ.... එහෙන් ආවේ ආයේ කවදාවත් යන්නේ  නැහැ කියලා හිතාගෙන...."

"ඇයි ඒ.... යන්නෙ නැහැ කියල හිතන්න තරම් මොකද්ද ඔයාට එහෙදි වුනේ...."

"ම්ම්.... එහෙම මුකුත් උනේ නැහැ... හරි මන් නිකන් වගේ ඇහුවේ.... අවුලක්  නැහැ අපි යමු... අපි දෙන්නා විතරද යන්නේ"

"නැහැ... අර මල හෝන්තුව යැන්සිත් එනවා... පපාගේ ප්ලෑන් තමා ඒකිව මට සෙට් කරන්න... දන්නවද පපාමයි කිව්වේ ඔයාවත් එක්ක යන්න කියලා මගේ වැඩ වලට ලේසි වෙන්න. ඉතින් බබී... මට හෙල්ප් කරනවා නේද.... දවල්ටයි රෑටයි දෙකටම...." යීබෝ කිව්වේ එයාගේ පැනි හිනාව දාන ගමන්  

"Fianceeගෙන්ම හෙල්ප් ගන්න එකයි ඇත්තේ.... කොහොමටත් ඔයා ගාවින් හෙලවෙන එකක්වත් නැහැ...ඔයාගේ හිතේ තියන දේවල් නම් කරන්න වෙන එකක් නැහැ යීබෝ"

Hot Blue Love (Yizhan)Where stories live. Discover now