වෙනදා වගේම කාර්‍යාලයේ රාජකාරී එක්ක දවස ගෙවිලා ගිහින් පිටත් වෙන වෙලාවත් ආවා...
"සර් ... එහෙනම් මම යන්නම්...." zhan දොර අසලට යන ගමන් කිව්වා
"ඔතනම ඉන්නවා..." කියමින් yibo zhan දෙසට ඇවිත් zhan ඉදිරියෙන් ලගින් හිට ගත්තා
"එක වෙලාවකට yiboලු ආයේ වෙලාවක සර්ලු.... එකක් කියන්න බැරිද....මීට පස්සෙ සර් කියලා අහු වෙන්නැහැ.... yibo කියන්න...."
"හ්ම්ම්....." zhan කෙටියෙන් උත්තර දුන්නා
ඒ එක්කම yibo zhanගේ මූනට ලන් වෙන ගමන්..." ඕන එකෙක් ඉල්ලන ඉල්ලන වෙලාවට ඕන දෙයක් දෙනවද ඔයාගේ වැඩේ කරගන්න...."
"හහ්..... ඕන විදිහකට හිතා ගන්න එකයි ඇත්තේ.... අනිත් එක yibo..... එතකොට ඔයා ඕන එකෙග්ගෙන් ඕන දෙයක් ඉල්ලනවද ඔයාගෙන් ඉදව්වක් ඉල්ලපුවම" zhan පෙරලා yiboට එයාගෙ ප්‍රශ්නෙන්ම දමලා ගැහුවා
"හරි පැටියෝ ඔයා දිනුම්.... මට විතරයිනම් කමක් නැහැ.... මීට පස්සේ ඔය හැමදේම මගේ විතරයි..." yibo කිව්වේ zhanගේ මූනට තවත් ලන් වෙන ගමන් කට කොනින් දාන එයාටම ආවෙනික හිනාවත් දාන ගමන්
"කොහෙන් ආව අයිතියක්ද ඒක... මාව දෙපාරක් කිස් කරපු පලියට මගේ අයිතිය ඔයාට ගන්න බැහැ yibo..අනික මීට පස්සෙ එහෙම දෙයක් අපි අතර වෙන්නෙ නැහැ... ඔයා මගේ බොස් එච්චරයි එතනින් එහාට ආයෙ කිසි දෙයක් වෙන්නෙ නැහැ...."
"කී පාරක් කිස් කරාමද එහෙනම් අයිතිය ලැබෙන්නේ..."
"ආයෙත් කිස් කරන්න දුන්නොත්නෙ...."
"ඒක අපි බලමුකො baby......"
"හරි... එහෙනම් මම යනවා..."
"මොකද හදිස්සි.... කිරි දෙන්න ලමෙක් ඉන්නවද දුවන්නෙ හවසට ගාල කඩාගෙන...."
"හදිස්සි තමයි.... බස් එක අල්ල ගන්න ඕනිනේ....අපි සාමාන්‍ය මිනිස්සුනේ.....ඔය ලොකු ලොකු මිනිස්සුන්ට වගේ වාහන නැහැනේ"
"අපෝ ඕකද මහ ලොකු ප්‍රශ්නේ....මම ඔයාව ඩ්‍රොප් කරන් යන්නම්... එක්ම පැත්තටනෙ යන්නෙ...."
"අහ්.....ඔයා කොහොමද මගේ ගේ තියන පැත්ත දන්නේ....." zhan ඇහුවෙ කුතුහලෙන්
කෙලිය තාප්පෙටම... මගෙ කටටත් බ්‍රේක් නෑනෙ අප්පා.... මෙයාගෙ පිටිපස්සෙන් ගේ හොයාගෙන ගියා කියලා අහුවෙයද.... විලි ලජ්ජවයි.... yibo කල්පනා කලේ පොලව පලන් යන්න හිතෙද්දියි