21 කොටස

3.9K 384 14
                                    

යීබෝගෙන් සමුගත්ත ශාන් කෙලින්ම ආවේ ගෙදර..... බස් එකෙන් ගෙදරට යනකන්ම ශාන් ආවේ යුබින්ගේ උරහිසට ඔලුව තියාගෙන.. නමුත් වචනයක්වත් කතා කලේ නැහැ.. ශාන්ව ගෙදරට ගෙනත් ඇරලපු යුබින් පිටත් වෙලා ගියේ යැන්ලිට සහ චෙන්ට වෙලා තියන දේ පැහැදිලි කරලා...

ආපු විදිහටම ඇදේ කොනකට වෙලා අඩ අඩා ඉන්න ශාන් ගාවට ගිහින් යැන්ලි ඔලුව අත ගාන්න පටන් ගත්තා...

"පැටියෝ... ඔයාට අඩන්න එපා කියලා මම කියන්නැහැ... ඒත් ඔයා එක පාරටම ඔහොම තීරනයක් ගත්තේ ඇයි... යීබෝ මල්ලිට ටික කාලයක් දෙන්න කියලා එයා කලින් ඉදලම කිව්වා නේද..." ඔලුව අත ගාන අතර යැන්ලි ඇහුවා..

"මගේ බෝට මම නිසා ප්‍රශ්න ඇති වෙන්න දෙන්න බැහැ අක්කෙ.... කම්පැනි එක එයාගෙ පොඩි කාලේ ඉදන් හීනේ... මම නිසා ඒක නැති වෙන්න දෙන්න බැහැ...මා එක්ක ඉන්න එක එයාගේ ගමනට බාධාවක් විතරයි... එයාගෙ සතුට විතරයි මට ඕනි... මන් යීබෝට මගේ පනටත් වඩා ආදරෙයි... එයා වෙනුවෙන් මට කරන්න බැරිදෙයක් නැහැ මේ ලෝකේ..." කදුලු අතරින් ශාන් කිව්වා

"ඉතින් මෝඩයෝ.... තමුසෙ නැතුව යීබෝ සතුට්න් ඉදී කියලා හිතනවද... පිස්සෙක් වෙන්නැතුව ඉන්නවා..." චෙන් කිව්වේ එයාට ඇත්තටම දැනිච්ච දේ.. මොකද මේ දවස් ටිකට ශාන්ගෙයි යීබෝගෙයි අතර තියන බැදීම චෙන් උනත් හොදටම දැකලයි තිබුනේ...

"ඔව්... මගේ බෝට..... මන් නැතුව.... ඉන්න බැහැ දෙයියනේ... මම දන්නවා... මටත්.... මගේ බෝ නැතුව..... ඉන්න බැ..හැ..... ඒත්... ඒත්.. මට මේක ක..රන්න... වෙනවා..... මට පිස්සු වගේ....." ශාන් හැඩීම තවත් වැඩි කරමින් කියන්න ගත්තා...

"හරි... හරී... මගේ පැටියෝ.... අනේ ඔච්චර හයියෙන් අඩන්න එපා මගේ ශාන් පැටියෝ... අපි දන්නවා මැණික ඔයාට දැනෙන දුක.... චෙන්ග්... කිසි දෙයක් අහන්න එපා... ශාන්ට පාඩුවෙ ඉන්න දෙන්න... අපි යමු... එයා තනියම ඉදී ටිකක්..." ශාන්ව තුරුල් කරගෙන කියපු යැන්ලි චෙන් එක්ක කාමරයෙන් පිට වෙලා ගියේ එයාලා අහන්න අහන්න ශාන්ගේ දුක තවත් වැඩි වෙනවා කියලා තේරුම් ගත්ත නිසයි....

...............................................................

ශානුයි යීබෝයි වෙන් වෙලා හරියටම දැන් මාස තුනක් ගත වෙලා..... යීබෝගේ සාර්තකත්වය වෙනුවෙන් ශාන් ඒ තීරනය ගත්තට ශාන් මානසිකව ගොඩක් පහල මට්ටමකට වැටුනා... මුල් සති කීපය ශාන් හරි ආකාර කෑමක් බීමක් නැතුව එයාගේ කාමරයටම වෙලා ගත කලා... යීබෝ කිහිප සැරයක්ම ශාන් හමුවෙන්න ගෙදරට ආවත් ශාන් යීබෝව හමුවෙන එක ප්‍රතික්ශේප කලා... යැන්ලි, චෙන්ග් සහ යුබින්ගේ උදව්වෙන් ශාන්ව ටික ටික පියවි ලෝකයට ගෙනාවා... මාස දෙක හමාරක් පමන ගතවෙද්දී ශාන් සාමාන්‍ය තත්වයට පත් වුනා...

Hot Blue Love (Yizhan)Where stories live. Discover now