New journey

80 4 2
                                    

හැමදේම වෙන්නේ හොදට කියනවනේ අක්කේ.. ඒ නිසා හිත හදාගන්න..

ම්ම්.. ඉශූ එහෙම කියද්දී එයත් ඉස්සර මට කිව්වෙ ඒ දේම කියල මතක් උනා මට.. ඒත් කොහොමද දෙයියනේ එච්චර ලේසියෙන් මං හිත හදා ගන්නේ..

හැමදාමත් මං ප්‍රාර්ථනා කරේ එයාගෙ සතුට.. ඒත් එයාගෙ සතුට එයාට ලැබෙද්දී ඇයි මට මෙච්චර දරා ගන්න බැරි..

Novel වල ලස්සන කවි වල ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කිව්වට මං කොහොමද මගේ පනටත් වඩා මං පරිස්සම් කරපු ආදරය වෙන කෙනෙක් ලග ඉද්දි ගහක් ගලක් වගේ බලන් ඉන්නේ..

මට කොහේ හරි දුරකට යන්න ඕන ඉශූ..

කොහෙ යන්නද බං අක්කේ මෙන්න මෙහාට වෙල ඉන්න..

බෑ බෑ මට කොහේම හරි යන්න ඕනි.. housemaid කෙනෙක් විදිහට මට midle east හරි යන්න ඕන ඉශූ ..

*******************************

ජාන්.. ජාන්.. ජා....න්.....වී.. නැගිටපන් බං.. හොදටම පරක්කු වෙලා..

යකූ.. මේකි කුම්බකර්නි වගේ නිදිනෙ තාම.. ජාන්වී.. මං ආය කියන්නෙ නෑ...නැගිටහන් බං.

බලපන් උබ නිසා මටත් හොදටම පරක්කු වෙලා.. උබ එන්න කලින් අම්ම කියපු දේ ඇත්ත තමයි.. ලෝකෙ පෙරලුනත් මේ කෙල්ල නම් නිදි දුවේ කියල..

මොකද බං උදේ පාන්දර උබේ ටින් බෙලෙක්කෙ හොලවන්නේ.. නිදා ගන්න දෙන්නකො ටිකක්..

නිදාගන්න..? මෙන්න මෙහෙ නැගිටහන්.. මේ ගෙදර නෙමෙයි..
අම්ම වගේ උබව හුරතල් කරන්න නම් මට බෑ..
අද උබට exam නේද..?

ඒක ඇහෙදිදි නම් නැගිට්ට නෙමෙයි මාව නැගිට්ටුනා..

ඇයි බං කලින් කතා කරේ නැත්තේ.. බලපන් හොදටම පරක්කු වෙලා.. මං එහෙම කියාගෙනම දිව්වෙ bathroom එකට.

ඉක්මනට ලෑස්ති වෙලා දුවන ගමන්ම කොන්ඩෙ උඩට කරල bun එකක් දා ගත්තේ දිගට දිගේ තියන ඒ වරලස පීර පීර හිටිය නම් මට subway එකත් miss වෙලා exam එකත් miss වෙන නිසා..

*******************************

අදින් පස්සේ මං මොකද කරන්නේ.. වැස්සක් වගේ චෙරි මල් පෙති එක දිගට වැටෙන පාර දිගේ හෙමින් හෙමින් අඩිය තියන ගමන් චෙරි මල් පෙත්තක් අතේ තියාගෙන මං කල්පනා කරා..

නුබ ඉරක් හදක් වගෙයි.. ❤️Where stories live. Discover now