"ජ්..ජ්.. ජ්...ජ්..ජ්.ජ්..
මොකද තටමන්නෙ..? ඔව් ඔව් ජ්..ජ්..ජ්.. තමයි.."ඒ පාර නම් මගේ වෙරි සේරම හිදුන වගේ..
ඒත්.. මේ හා තඩිය කොයි වෙලාවෙද මෙතෙන්ට කඩන් පාත් උනේ..
නෑ..නෑ.. මම මේ හීනයක් වෙන්න ඇති දකින්නෙ..
ආයිශ් මට හරියට ඇස් දෙක ඇරගන්නත් බෑනෙ.. මේ යකා ඉස්සර මේව කොහොම බිව්වද මන්ද. මාව නිකන් පා වෙනව වගේ.. ඒ මදිවට මේ රූපෙ.. මේ කටහඩ..?
"මොකද ගල් ගිල්ල වගේ බලන් ඉන්නෙ.?
කතා කරන්න බැරිද.
කෝ දැන් මහ ලොකුවට මෙච්චර වෙලා කියවපු කට..
කතා කරනව ඉතින්.. ""ආව්.."
ජ්න්කූක් ඒ වෙලාවෙ නම් මගේ දකුණු අතේ වැලමිට ලගින් පුලුවන් තරම් හයියෙන් අල්ලල ලගට ඇදල ගද්දි දැනුනු වේදනාවටම මට කෑගැහුන..
"ආව්.. මට රිදෙනව.. අතාරින්න.."
ඇස් වලින් කදුලු පනින්න ඔන්න මෙන්න තියෙද්දි පුලුවන් තරම් හිමින් මම කිව්වෙ හිතට වගේම ඇගටත් ඒ වෙලාවෙ කිසිම පනක් තිබුනෙ නැති නිසා.
"මොන ලෝකෙද අද දවසම හිටියෙ ආ..?
මෙහෙම බේබද්දියක් වගේ බිබී ඇවිදින්නද අද office ආවෙත් නැත්තෙ.?
කතා කරනව ජාන්වී.. මට මාවවත් පාලනය කර ගන්න බැරිවෙන්න කලින් මාව තවත් යකෙක් කර ගන්නෙ නැතිව කතා කරනව."ජන්කූක් එහෙම ඇහුවෙ අල්ලන් හිටිය තැනින් තවත් හයියෙන් අල්ලන් මාව හොල්ලන ගමන්
"මම කොහෙ හිටියාම තමුසෙට මොකද.
හැමදේම කරල දැන් මොකුත් නොවුන තොත්ත බබා වගේ අහනවද මොකද උනේ කියල
ඔව් මම බේබද්දියක් තමයි.. මම දවසම බිව්ව.. හෙටත් බොනව අනිද්දත් බොනව.. ඊට පස්සෙ දවසෙත් බොනව.. මම මැරෙනකන්ම බොනව.. බීල බීල මැරෙනව.. මැරුනට පස්සෙ හොල්මනක් වෙලත් බොනව.. ආය ඉපදිලත් බොනව..
තමුසෙට ඒකෙන් වැඩක් නෑනෙ.."ජන්කූක් අල්ලන් හිටිය අත පුලුවන් තරම් එයාගෙන් ගලවගන්න හදන ගමන් මොන මොනවදෝ වචන වගයක් කිව්වෙ දැනුනු තරහටයි අතට දැනුනු වේදනාවටයි..
ඇයි වදේ මම මොන වැරැද්දක් කරාටද මේ..
කරන්න පුලුවන් හැම නපුරු වැඩක්ම මට කරල දැන් අහනව මොකද උනේ කියල..
සූප්පුවක් තිබ්බනම් හරහට වඩාගෙන ගහනව සූප්පුව කටේ..
(මේ වෙලාවෙ මට කෙලින් හිටගන්නවත් බැරි එක වෙනම කතාවක්😂)
YOU ARE READING
නුබ ඉරක් හදක් වගෙයි.. ❤️
Romanceපිස්සුවෙන් වගේ කරන් ආදරයකට වඩා හැගීම් වලින් කරන ආදරයක් හරි ලස්සනයි නේද.. මේ කතාව තරුවක් වත් නොවී පොලොවෙ පිපෙන බිම් මලක් ගැන..