"කියන්න ජාන්වී.."
ජන්කූක් මගේ මූනටම බර වෙලා එහෙම අහද්දි මම හිමීට මාවම කොනිත්තගත්තේ අනේ මේක හීනයක් නම් වෙන්න එපා කියල හිත හිත.
වෙන්නෙ මොනවද කියල හිතාගන්නත් කලින් mr jeonගෙ mobile එක රින්ග් උනා.
"හරි මම එන්නම්"
ඒත්....
ඒත්.. එයා ඇයි එහෙම..
මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරද්දි මම තාමත් ඇස් දෙක ලොකු කරන් ජ්න්කූක් දිහා බලාගත්ත ගමන්මයි..සමහරවිට ජන්කූක් වත් දන්නෙ නැතිව ඇති ඇයි එයා එහෙම දෙයක් ඇහුවෙ කියලවත්. මොකද කොල්ල ඉස්සර ඉදන්ම තමන්ගෙ හිතට එන දේ ඒ වෙලාවෙම කරන නිසා. ඒත් දැන් මේ අහපු දේට හේතුව සමහරවිට දවස් ගානක්ම කල්පනා කරයි.
Call එක ආන්සර් කරාට පස්සෙ අත පිටි පස්සට නමල බෙල්ල පැත්තෙන් ඔලුවත් කස කස ජ්න්කූක් එතනින් ගියේ හරියට හීනෙකින් ඇහැරලා වගේ.
"මොනාද මේ යක්ශ හාවට එක පාරට උනේ ආ.."
තව පොඩ්ඩෙන් මට පපුවෙ ආමරුව හැදිල හොද වෙලා ආයෙත් හැදෙනව"
එයත් එක්ක වැඩ කරන හැමෝමත් එක්කම මෙහෙම වෙන්න ඇතිද..
එහෙම හිතෙද්දි නම් පපුව ඇතුලෙන්ම මොකක්දෝ දැවිල්ලක් දැනෙනව.
එත් එයා එහෙම උනත් ඒකට ඇයි මම දුක හිතන්නෙ.
මම එයාව දන්නෙවත් නෑ.. නෑ..නෑ.. නෑ..
හිත යටින් මම පුලුවන් තරම් හයියෙන් කෑගහුවෙ මගේ හිත මගේ පාලනයෙන් ගොඩක් දුර ගිහින් තිබුනු නිසා..
මොකද ඒ මට අයිති නැති හීනයක්.******************************
සතියක් දන්නෙම නැතිව ගෙවිල ගියේ pet care එකේ වැඩත් එක්ක මම හොදටම කාර්‍යබහුල වෙද්දි.ඒ සතිය පුරාවටම mr jeon එක තප්පරයකටවත් මෙතන්ට ආවෙ නෑ කියන එක නම් මට හොදටම මතකයි. ඒක මගේ හිතේ හොල්මන් කරේ මම අහල තිබුන mr jeon කොච්චර වැඩ වලින් කාර්‍යබහුල උනත් අනිවාර්යයෙන්ම දවසකට එක සැරයක් හරි එයාගෙ pet care එකට එන්න වෙලාවක් හදා ගන්නව කියල.
"බොරුකාරය"
"එහෙනම් දැනුත් එන්න ඕනිනෙ"
"එච්චරම මෙතෙන්ට ආදරෙයි නම් කොහොමද සතියක්ම එන්නෙ නැතිව ඉන්නෙ."
ආයිශ්..
මොනාද මම මේ හිතන්නෙ
"එයා ආවත් එකයි මට නැතත් එකයි'
"මට මොකෝ"
කම්මුල දෙපැත්තට හයියෙන් අතින් තට්තුවක් දාගෙන කර කර හිටිය වැඩේට ආයෙත් අවදානෙ දුන්නෙ අද හවස් වෙද්දි ඉවර කරන්න ඕනි වැඩ ගොඩක් තිබුනු නිසා.
******************************
"මොකෝ පොඩි මහත්තය මේ දවස් ටිකේම මූන නානු කරන් ආ..."යූන්ගි එහෙම ඇහුවෙ වෙනදට අහස උසට වැඩ තිබුනත් හරිම ක්‍රියාශීලි විදිහට වැඩ කරන ජන්කූක්ගෙ මොකක්දෝ වෙනසක් දැක්ක නිසා වෙන්න ඇති.
ජන්කූක් කල්පනා කරන්නෙත් ඒ දේම කියල යූන්ගි දන්නෙත් නැතිව ඇති.
"මම තව ටිකකින් pet care එක පැත්තට යනව. යන්න එනවද මාත් එක්ක."
" Cha yeaon කිව්ව අලුතින් දාපු ලමය මොනව කරගෙනද දන්නෙ නෑ පොඩ්ඩක් ගිහින් බලන්න කියල."
"වෙනද කුරුල්ල වී පැදුරට යනව වගේ ගියාට ඔයත් එතන්නට ගොඩ දවසකින් ගිහින් නෑ කියල yeon කිව්ව.""Hyung ගිහින් එන්න. මට වැඩ ගොඩක් තියෙනව".
"අනිත් එක එතන වැඩ ටික හරියට පිලිවෙලට වෙන්නෙ නැත්තම් එයාව අස් කරන්න."
"මම කැමති නෑ එතන අපිලිවෙලට වැඩ වෙනවට."මේසෙ උඩ තිබුනු documents වගයකට අත්සන් කරන් ගමන් කිසිම බරපතලක් නැතිව ජන්කූක් එහෙම කියද්දි නම් යූන්ගිගේ ඇගේ ලේ ටික රත් වීගෙන ආවෙ නම් පොඩි එකානෙ කියන එකත් අමතක වෙලා.
"යා.. ජන්කුකාහ්.."
"ඒ ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ව එතන වැඩ වලට දැම්මෙ තමුන්මයි නේද.."
"දැන්ද එතකොට තමුන්ට පිලිවෙල මතක් උනේ.."
"මම මේ අවසාන වතාවට කියන්නෙ ඒ ලමයව මෙතන්ට අරගෙන pet care එකට අත්දැකීම් තියෙන කෙනෙක්ව දාන්න."යූන්ගි එහෙම කියාගෙන එලියට යද්දි ජන්කූක් බය වෙලා වගෙ බලාගෙන හිටියෙ hyung මේ විදිහට සේවකයන්ගෙ ප්රශ්න වලදි ජන්කූකට කෑ ගහල නැති නිසා. එහෙම තරහ ගන්න තරම් වැරැද්දක් ජන්කූක් අතින් වෙලා තිබිලත් නෑ..
"ආ...හ්.."
අතේ තිබුනු පෑනත් මේසෙ උඩටම විසි කල ඇගිලි වලින් නලල දෙපැත්ත අත ගාගන්න ගමන් ජන්කූක් තනියම හිතුවෙ,
"කවදාවත් නැතිව මට hyung එහෙම කතා කරේ අර girl නිසානෙ."
"Hyung කොහෙමද අද ඊයෙ ආපු කෙනෙක් නිසා මට එහෙම සැර කරන්නෙ"
"හරි මම බලා ගන්නම්කො."
"මොකක්ද නම මේ.."
"ජාන්වී.. "
"ජෝන්වී.."
"ජූන්වී.."
"මොකක් හරි.."
"මම කවුද කියල මම පෙන්නනම්කො...."*******************************
සමාවෙන්න මේ කතාව කියවන ඔයාලට ගොඩක් දවස් බලන් ඉන්න උනාට..
මේ එපිය ලස්සනයි නම් vote comments කරන්න..
Love you all 😍🥰❤️
YOU ARE READING
නුබ ඉරක් හදක් වගෙයි.. ❤️
Romanceපිස්සුවෙන් වගේ කරන් ආදරයකට වඩා හැගීම් වලින් කරන ආදරයක් හරි ලස්සනයි නේද.. මේ කතාව තරුවක් වත් නොවී පොලොවෙ පිපෙන බිම් මලක් ගැන..