" ඇයි වදේ... වැටෙනව ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද.?
කොයි වෙලාවෙ කොහොම බැලුවත් බිම දනගානවනේ..
කොහෙන්ද yeon මේ තාම දන ගාන ලමයෙක්ව හොයා ගත්තේ..""අනේ yooongiyaah...
ඔතන හිටගෙන grandpah වගේ කියවන්නේ නැතිව ඔය ලමයව මෙතනින් ඉන්දවන්නකො.."මොකක්... yoongiyaah.. 😲
හීනෙන් වගේ ඒ ඇහුනු දේට ඇස් වහගෙනම මුලු ඇගම පන නැතිව ආයෙත් මාව වැටෙන්න වගේ..
මොනාද දෙවියනේ මේ වෙන්නේ..
රෝස් වත් හිටිය නම් හයියෙන් මාව කොනිත්තන්න කියන්නවත් තිබුන..
මේ දකින්නෙ හීනයක්ද බලන්න.
මට දැන් ඇස් දෙක අරින්නත් ලෝබයි වගේ..
දකින්න කාලයක් පෙරුම් පුරපු..
හැමදාමත් හීනයක් විතරක් කියල හිතපු..
දුක හිතන හැම තැනකදිම එකම එක හිනාවකින් ඒ හැම දුකක්ම නැති කරපු..
හැම සිංදුවක්ම සිය ලක්ශ වාරයකට වඩා අහපු..
ඒ හැම දේකින්ම ජීවිතේට දෙයක් කියල දුන්නු..
දකින්න තරම් පිං කරල නෑ කියල අනන්තවත් හිතුනු...
Military යද්දි යාලුවොන්ව බදාගෙන ඇස් රතු වෙනකන් අඩපු..
ආපහු පරිස්සමින් එනකන් මගෙ බලාගෙන ඉදපු..
අනන්තවත් කැප කිරීම් අපි වෙනුවෙන්ම කරපු..
ඉතින් මම කොහොමද ඒ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම මගේ ඉස්සරහ ඇත්තටම ඉන්නව වගේ දැක්කම මේ හීනයක් නෙමෙයි කියල විශ්වාස කරන්නේ..
මේ ඇත්තටම හීනයක් නම් මම කොහොමද මේ හීනෙන් ඇහැරෙන්නේ..""ජාන්වී.."
"ඇස් අරින්න ලමයො.."Chae-yeon කතා කරද්දි නම් තද කරල වහගෙන හිටිය ඇස් දෙක ඉබේම වගේ හීමීට ඇරුන.
ඇස් දෙක හිමින් අරිනවත් එක්කම හාන්සි කරල හිටපු පුටුවෙන් කෙලින් වෙන්න හදද්දිම yeon මට වතුර එකක් බොන්න දුන්න.
ඒක බොන ගමන් වට පිට බැලුවෙ meeting room එකේ හිටිය සේරම මං දිහා කන්න වගේ බලන් ඉන්නවද දන්නෙ නෑ කියල දැනුනු ලැජ්ජාවට."ප්ප්පුහ්......"
ඒ පාර නම් බොන්න ගත්ත වතුර උගුරත් බොකොස් ගාල එලියට පැන්න.
Suga ගේ මූන පුරාම මගෙන් එලියට පැන්න වතුර 🙈
උදේ ඉදන් මාව පෙරලගෙන ගිහින් තියෙන්නෙ මෙයානෙ කියල දැන ගත්තහම මාව ශොක් වෙන එක සාදාරනයිනෙ. මට කොහොමද එච්චර ලගින් ඉදලත් අදුර ගන්න බැරි උනේ..
හරිනේ.. මාස්ක්.. ඉතින් කොහොමද මම අදුරගන්නේ..
අනිත් එක මෙහෙම තැනක එහෙම මම වගේ කෙනෙක්ට.. හරියට ඉස්සර කියවපු බොලද නවකතාවක් වගේනෙ. කවදාවත් වෙන්න විදිහක් ඇත්තෙම නෑනෙ."මියානේ"
අතකින් කටත් වහගෙන ඇහෙන නොහැන ගානට මම කිව්වෙ ඊලග තප්පරේ මොනව වෙයිද කියල හිතා ගන්න බැරිව."යාආආආආ..." 🤨
ඒකට නම් meeting room එකත් දෙදුරුම් දුන්න වගේ උනා."Yoongiyaah.. මියානේ.. මේ ලමය හොදටම බය වෙලා ඉන්නෙ. තවත් බය කරන්න එපා. යන්න ගිහින් අර පුපුර පුපුර ගියපු අපේ පොඩි මහත්තයව බලන්න. මෙලහකට office room එකේ files වලට තටු ඇවිත් වගේ උඩ පියාබනව ඇති 😂"
"ජාන්වී අපි යමු මගේ room එකට.
ඔයාට දැන් ඇවිදින්න පුලුවන් නේද..
මම ඔයාට ගෙදර යන්න වාහනයක් arrange කරන්න කිව්ව. තව ටිකකින් ඔයාට යන්න පුලුවන්."
"අද උනු දේවල් ගැන ඔයා හිතන්න එපා..
මමයි ඔයාව ඒ අමාරුවේ දැම්මෙ
තව තප්පරයක් අරන් මම file එක චෙක් කරානම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.."
අනිත් එක මට හිතා ගන්න බෑ mr jeon ඇයි අද එහෙම හැසිරුනේ කියල..
එයා හරිම හොද කෙනෙක්..
Company එකේ low level එකේ ඉදන් හැම කෙනෙක්ම එයාට හරිම ආදරෙයි."
හරි අපි ඉතිරි දේවල් හෙට කතා කරමු. ඔයා ගෙදර ගිහින් හොදට rest කරන්න..******************************
"Yehh.. jungkook.."
"උබට අද මොන යකෙක්ද වැහුනෙ" "ආ..."
Yoongi junkook ගේ office room එකට ආවෙ එහෙම අහගෙනමයි."අප්පට සිලි"
"Yeon කිව්ව හරියටම හරිනේ.."
"මේ තියෙන්නෙ file වලට තටු ඇවිත් උඩින් ඇවිත් බිම වැටිල හැමතැනම"Jungkook හිටියෙ suga අහපු කියපු කිසිදෙයක් ගැන ගානක් වත් නැතිව එයාගෙ ලැප්ටොප් එක දිහා බලගෙනම මොනවදෝ type කර කර.
File ගොඩක් මෙහෙම තරහින් හැම තැනම විසි කරල කිසිම දෙයක් නොවුන වගේ ලැප්ටොප් එක දිහාම බලාගෙන ඒ පාර මොනවද කරන්නෙ කියල බලන්න jungkookge පුටුව පිටි පස්සෙන් හිටගෙන බලාගෙන හිටියෙ මොනාද මෙච්චර අවදනෙන් type කරන්නෙ කියල.
"යා..ආආආ..."
"Jungkookaah..."
"එච්චර පොඩි දේකට මෙච්චර දෙයක් ඇයි බං.."*****************************
අද එපිය නම් පොඩ්ඩයි වගේ නේද..
ඊලග එක ගොඩක් දෙන්නම්..🥰
YOU ARE READING
නුබ ඉරක් හදක් වගෙයි.. ❤️
Romanceපිස්සුවෙන් වගේ කරන් ආදරයකට වඩා හැගීම් වලින් කරන ආදරයක් හරි ලස්සනයි නේද.. මේ කතාව තරුවක් වත් නොවී පොලොවෙ පිපෙන බිම් මලක් ගැන..