Angry bird2

6 4 5
                                    

"හියුන්ග්.."

"මට මේ වැඩේ පාඩුවෙ කරගන්න දීල වෙනද වගේ අර සෝෆා එකට වෙලා ටිකක් නිදා ගන්නකො"

"යා..යාහ්ආ.... ජන්කුකාහ්.."
පොඩි එකානෙ කියල තමුන් කරන කියන හැම දේම දිහා මම මොකුත් නොකර බලන් ඉදී කියල නම් හිතන්න එපා"

"අනිත් එක ඇයි මේ එක පාරට මෙහෙම දෙයක්.. මම දැකල නැහැ තමුන් සේවකයොත් එක්ක මෙහෙම තරහ ගන්නව ඊටත් වඩා ඒ ලමයගෙ මේකට කිසිම සම්බන්දයක් නැහැ. Yeaon කියපු විදිහට ඒ අද අලුතින් ආපු intern කෙනෙක්"
"Yeon මේක වගකීම ගන්නම් කියද්දිත් මොකක්ද මේ නටන්න හදන පිස්සුව"

යූන්ගි ජන්කූක් දිහා බලාගෙනම table එකේ ඉස්සරහ පුටුවෙන් වාඩි වෙලා අහද්දිත් ජන්කූක් ගෙ ඇස් තිබුනෙ එයාගෙ ලැප්ටොප් එකේ..

යූන්ගිට පුදුම ඇයි අද මෙයා මෙහෙම හැසිරෙන්නෙ කියල. මොකද company එකේ cleaning කරල කෙනාගෙ ඉදල හැමෝටම ජන්කූක් ගොඩක් හොදින් සලකනව. ඒ වගේම එයාලගෙ ඕනම ප්‍රශ්නයකදී තරාතිරමක් බලන්නෙ නැතිව උදව් කරන පුරුද්දක් ජන්කූක්ට තියෙනව. හැබැයි ඒකටත් යූන්ගි මොකුත් නොකියම නෙමෙයි. මොකද හරි ඉක්මනට ඕනම කෙනෙක්ව විශ්වාස කරන නිසා මෙයාගෙන් කවුරු හරි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගනී කියන බයට.
ඉස්සරත් ජන්කූක් කොච්චර මහන්සියෙන් හිටිය උනත් ෆෑන්ස්ලගෙ autograph එකක් වත් මග අරින්නෙ නැතිව අත්සන් කරපු විදිහ යූන්ගිට මේ වෙලාවෙම මතක් උනා.

"Yeon මගේ room එකට එන්න"

මෙච්චර වෙලා ලැප්ටොප් එකේ ඇස් දෙක තියගෙන හිටපු ජන්කූක්ගෙ කටහඩට කල්පනා ලෝකෙ හිටිය යූන්ගිත් පියවි සිහියට ආව.

Intercom එකෙන් call එකත් අරන් ඒක තියනව බලන් හිටිය යූන්ගි අත් දෙකත් බැදගෙන හරි බරි ගැහිල පුටුවෙ පිටිපස්සට හේත්තු වෙලා ඉදගත්තෙ ඊලගට මේ පොඩි මහත්තය මොනවද කරන්න ලෑස්ති වෙන්නෙ කියල බලන්න.

Room එකට එද්දිම බිම හැම තැනම විසි කරල තිබුන files ටික දකිද්දිම yeon තේරුම් ගත්ත mr Jeon මේ වෙලාවෙ ඉන්නෙ හොද mood එකක නෙමෙයි කියල.

යූන්ගි දිහාත් ඇස් කොනකින් වගේ බලපු yeon ජන්කූක් අත දික් කරල වාඩි වෙන්න කියපු නිසා යූන්ගිට එහා පැත්තේ තිබුනු පුටුවෙන් වාඩි උනා.

නුබ ඉරක් හදක් වගෙයි.. ❤️Where stories live. Discover now