රෙස්ටුරනට් එකෙන් එලියට එද්දි නම් මාව සීතලට ගල් වෙන්න ඔන්න මෙන්න වගේ. කිටි කිටි ගාල වෙව්ලද්දි දත් ටිකත් එකට එක වදින්න ගත්තෙ ඉස්සර පොඩි කාල නාල ඉවර වෙද්දි වෙව්ලනව වගේ. දත් එකට වදින සද්දෙත් ඇහෙනව.
"ශිට් අර යෝදය කඩන්පාත් උනේ නැත්තම් මට මෙච්චර සීතලක් නෑනෙ. එහෙනම් මම තව සෝජු බෝතල් දෙක තුනක්ම හිස් කරල. කොහෙද කල පව් පස්සෙන් පන්නනව කියන්නෙ ඕවට තමයි. එයාට සේරම හොදයි. ඉස්සර නිදා ගන්න දෙන්නෙත් නැතිව රෑ තිස්සෙ live ඇවිත් කරපු දේවල් දැන් මතකම නැද්ද දන්නෙ නෑ..
දැන් මෙතන බබා වගේ මට බේබද්දිලු..
සේරම කරල ඉවර වෙලා කොහෙ අතුරුදහන් උනාද දන්නෙ නෑ..තනියම කියව කියව ටිකක් හරි සීතල නැති වෙන්න අත් දෙක එකට අතුල්ලන ගමන් apartment එකට ඉක්මනට යන්න පිටත් උනා. මොකද මෙච්ච්චර රෑ වෙනකන් මම තනියම එලියට ඇවිත් නැහැ.
ඇවිදගෙන යද්දි තමයි තේරුනේ හිදුන කිව්වට බීපු ඒව ඒ වෙනකනුත් හොදටම හිදිල නෑ කියල.
කක්කුටු වන්නම ලාවට අල්ල අල්ල තමා ඇවිදින්න උනේ.
කලින් මේ වන්නම අල්ලලම නැති නිසා දෙතුන් පාරක්ම කකුල පැටලිල වැටෙන්න ගියත් ඒ දවස් වල අල්ලපු වන්නම් නිසා බිමට නොවැටී බේරුන.අනේ ඉතින් මෙහෙම යද්දි කවුරුහරි මට කරදර කරන්න හදල තාමත් ආසාවෙන් බලන kdrama එකක වගේ angel කෙනෙක් ඇවිත් මාව බේර ගන්නව නම්.. කොහෙද ඉදල ඉදල කඩන්පාත් උනේ හා තඩියෙක්නෙ.
හීන ලෝකෙත් එක්ක apartment එක ලගටම ආව. ඒ ලං වෙද්දිම තමයි තේරුනේ ගොඩ වෙලාවක ඉදන් කලු පාට කාර් එකක් මාත් එක්කම වගේ මෙච්චර වෙලා ඇවිත් කියල.
ඒ පාර නම් මට හොදටම බය හිතුන. මොකද drama වල angelsල(angel කියද්දි මතක් වෙන්නෙම ජිමින්ශී...) බේර ගන්න ආවට හැබෑ ලෝකෙ එහෙම දේවල් වෙන්නෙ නැති නිසා. ඉතින් මගෙ පිහිටට නම් මගෙ අසරන කකුල් දෙක විතරයි කියල හිතාගෙන එක පිම්මටම දුවන් ගිහින් හති අරින්න නැවතුනේ door එක ඉස්සරහ.
ආයිශ්.. හදිස්සියට මේ මගුල enter වෙන්නෙත් නෑනෙ. මට අමතක වෙන නිසා ලේසි password එකක් දැම්මට රෝස් ඒක හැමදාම වෙනස් කරනවනෙ වදේ..අවසානෙට රෝස් වෙනස් කරන්න කලින් මම දාල තිබ්බෙ 1111, සරලයි පහසුයි. මොලේ කොලොප්පන් වෙන්නෙත් නෑ, මේ වගේ හදිස්සියකට පපුවෙ අමාරුව හැදිල හග් ගාන්නෙත් නෑ. කොහොම හරි 10 පාරක් විතර enter කරල door එක open උනා.
ඇතුලට යන්න හදද්දිම කවුරු හරි මාව ඇදල අරන් බිත්තියට හේත්තු කර ගත්ත.
කවුරු උනත් මම මේ වෙලාවෙ මගෙ ජීවිතේ බේර ගන්න ඕනි. බයට හයියෙන් වහගෙන හිටිය ඇස් දෙක අරින ගමන් ඇගේ තිබුනු සේරම ශක්තිය දාල කකුලෙ දනහිස නමල යටි බඩට ගහන්න හැදුවට...ආයෙත් ඒ රතු උනු ඇස් මගේ ඉස්සරහ
ඉස්සෙල්ලටත් වඩා මට ලන් වෙලා.. හයියෙන් හුස්ම ගන්න එයාගෙ හුස්ම හරියටම මගෙ නලලට දැනෙනව..
මගෙ හැගීම් සේරම මත් වෙලා නිසා මම කවුද එයා කවුද කියන එකත් අමතක කරල මට ඒ උනුහුමට තවත් ලං වෙන්නමයි ඕනි.
එයා නිසාම කදුලු පිරුනු ඇස් ඒ ඇස් අස්සෙම හංගගන්න ඕනි.."ආයෙත් තනියම මේ විදිහට එක එක තැන්වල එක එකා එක්ක බීල මට අහුවෙන්න එපා. එහෙම වෙලා තිබ්බොත් ඒ තමුන්ගෙ අවසානෙ.
මගෙ අතින් තමුන්ගෙ අවසානෙ වෙන්න කැමති නම් බොනව. ආයෙත් බොන්න පුලුවන් මාත් එක්ක විතරයි තමුන්ට.. තේරුනාද..?"මමත් ඉතින් උඩටයි පල්ලෙහාටයි ඔලුව වැනුව. නැත්තම් මේ යකා දැම්මම මගෙ අවසන් කටයුතු මෙතනම කරයි.
"ම්ම්.. දැන් ඇතුලට ගිහින් දොර වහගන්න."
මොනාද දෙවියනේ ඒ උනේ.. ඇතුලට ගිහින් දොර වහගෙන දොරට හේත්තු වෙලා එහෙම්මම බිම ඉන්ද උනේ පපුව ගැලවිල අතට එන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි.
එතකොට මගෙ පිටිපස්සෙන් කාර් එකේ ආවෙ ජන්කූක්ද..
නෑ.. නෑ.. එහෙම දෙයක් වෙන්න බෑ..
ඇයි එයා එහෙම මාව පරිස්සම් කරන්නෙ.
එයා මාව දැක්ක දවසෙ ඉදන් මට කරන්නෙ නපුරුකම්මයි
අනික එහෙම පරිස්සම් කරන්න තරම් මම කවුද
අඩුම තරමින් හිත ඇදිල යන ලස්සනකවත් මට නෑ..අයිගෝ.. මොනවද මම මේ හිතන්නෙ..
පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ දැන් නම්. කොන්ඩෙත් අත් දෙකෙන්ම අවුල් කරගෙන ඇදට පැන්නෙ සේරම අමතක කරල නිදාගන්න ඕනි උනු නිසා. අඩුම තරමින් හෙට උදේට ඇහැරෙද්දි මේක හීනයක් හරි වෙලා තියේවිනෙ. මම එහෙම ප්රාර්ථනා කරනව.**************************************************************
Jk live ආවනෙ.. 🙈
අදට චුට්ටයි ඒ නිසා හොදේ..
සම්පූර්ණ වගකීම ඉතින් එයාගෙ තමා.. පාඩුවෙ කතාවක් ලියාගෙන ඉන්න මාව මේ රෑ මැද ඇවිත් අවුස්සනවනෙ. 😂
YOU ARE READING
නුබ ඉරක් හදක් වගෙයි.. ❤️
Romanceපිස්සුවෙන් වගේ කරන් ආදරයකට වඩා හැගීම් වලින් කරන ආදරයක් හරි ලස්සනයි නේද.. මේ කතාව තරුවක් වත් නොවී පොලොවෙ පිපෙන බිම් මලක් ගැන..