Chapter 09

10 2 0
                                    

නොදැනේවි නුබට..
මගේ හිත අස්සේ තෙරපෙන,
දහසක් සිතුවිලි..
නමුත්,
පැවසීමට මටද නොහැකිය..
වචන සොයාගත නොහැකි
මගේම සිතුවිලි..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"ජාන්... ජාන්..."
"මේකි යකෝ මැරිලවත්ද.."
"ජා...........න්............"
"පිං සිද්ද වෙයි දැන්ම නම් මැරෙන්න තියා හිතන්නවත් එපා ජාන්.."
"එහෙම උනොත් ඉතින් RIP කියල ඉටි කොලේක ඔතල වලක් කපල වල දාන්න තමයි වෙන්නෙ කෙල්ලෙ.."

මොනවද රෝස් මේ උදේ පාන්දට කච කච ගගා කියවන්නේ..
නින්ද යන්නෙ නැති ලෙඩක් තියෙනව නම් අන්න අර පැත්තකට වෙලා හිටහන්කො වද නොදී...

"ආ.. මැරිල නැද්ද තාම..?"

"මං මේ කොහෙන්ද වලක් කපන්නෙ කියල කල්පනා කරේ.."

හොදම යාලුවො කියන්නෙම මෙන්න මේ බැදීමට වෙන්න ඇති. මොනතරම් සංකීර්ණ ප්‍රශ්නයක් උනත් මොනතරම් බැරෑරුම් අවස්තාවක් උනත් ඒක විහිලුවකට ගත්තෙ නැත්තම් ඒ නම් හොදම යාලුවො වෙන්න බෑ කියලමයි මට නම් හිතෙන්නෙ.
අසනීපයක් උනු වෙලාවකට ඉක්මට සනීප වෙන්න කියල මූනට විතරක් කියනවට වඩා..
ඔහොම වෙන්නෙ නම් ඉක්මට මැරෙන්න කියල මම අහල තියෙනව කියන්න පුලුවන් හොදම යාලුවන්ට විතරමයි 🤣

මම නම් ප්‍රාර්ථනා කරන්නෙම උබට හම්බෙන්න කියල කන ලග තියාගෙන වහලෙ උඩ යන්න ගොරවන මහත්තයෙක්ව.
මට මේ නිදාගන්න දෙන්නෙ නැතිව කරන දුශ්ටකම් වලට හරියන්නත් එක්කම.

යකූ.. දුශ්ටකම්..?
ඒ කියන්නෙ උදේ ඇහැරුනේම නැද්ද.?

උදේ..?
මොනවද වදේ මේ කියවන්නෙ..
තාම අනේ පාන්දරනෙ පේන්නෙ නැද්ද කලුවර..

ඇස් දෙක වහගෙනම එහෙම කියල මම ආයෙත් ලෑස්ති උනේ පොරවගෙන ගුලි වෙලා තවත් ටිකක් නිදා ගන්න.

ඒත් ඉතින් කොහෙ නිදා ගන්නද..
පොරවගෙන හිටිය එකත් ඇදල අරන් පැත්තකට විසි කරල දුන්නෙ නැද්ද රෝස් මගෙ පස්ස රත් වෙන්නම හොද පාරක්..

"ඌයී...."

කලුවර වෙලා තියෙන්නෙ තාම පාන්දර නිසා නෙමෙයි..
මේ...
දැන් වෙලාව හවස 6.30 යි..

මොකක්..😲

වැදුනු පාර හොදටම රිදුනු නිසා පස්සත් අත ගාගෙනම ඇදෙන් පැනල රෝස්ගෙ අතින් ආයෙත් ඇදල අරන් එයා දාගෙන හිටිය watch එකෙන්ම වෙලාව බැලුවෙ එක පාරට phone එක කොහෙද කියලවත් හොයන්න කල්පනාවක් නැතිව.

නුබ ඉරක් හදක් වගෙයි.. ❤️Where stories live. Discover now