Chapter 07

10 3 0
                                    

ජීවිතේ සමහර දේවල් වෙන්නෙ හොදටද නරකටද කියල කාටවත්ම කියන්න බෑ. ආදරෙන් පිරුනු හදවත් වලට අහස කලුකරන් වහින වැස්සක් කියන්නෙම එයාලගෙ හැගීම් එක්ක තනි වෙන්න පුලුවන් හරි ලස්සන මොහොතක් වෙන්න පුලුවන්..
ඒත්...
මහමග හිසට සෙවනක්වත් නැතිව තනි උනු කෙනෙක්ට පුංචි හිරිපොද වැස්සත් ගේන්නෙ හරිම අමිහිරි අත්දැකීමක්..
කොහොම උනත්,
අපිට පුලුවන් නම් ඒ හැමදේටම විදවීමක් නැතිව විදිමින් මූන දෙන්න මේ ජීවිතේ මෙච්චර කාලයක් හම්බුනේ නැති සතුටක් සැහැල්ලුවක් අපිට ලැබේවි..
දන්නෙ නෑ ඒ සතුට සැහැල්ලුව මට ඒ කියන්නෙ ජාන්වීට හොයා ගන්න පුලුවන් වෙයිද කියල..

"Annyeonghaseyo..."

Pet care එකට ඇතුල් වෙද්දිම උඩ එල්ලල තියෙන whale කෙනෙක් ඉන්න windchime එක සාමාන්‍ය විදිහට වඩා ටිකක් සද්දෙන් හිනා වෙද්දි මම ඇතුලෙ ඉදන් එලියට ආවෙ එහෙම කියාගෙනමයි..

"Cute"
ආපු කෙනා එහෙම කියද්දි මගේ කට බෙල්ල ලගටම ඇරුනෙ දන්නෙම නැතිව..

"දේ..".?

"මම කිව්වෙ මේ එල්ලල තියෙන එක."
ඔව් ඉතින් මම cute නෑ කියල මම කොහොමත් දන්නවනෙ එහෙම හිත හිතම මම ඇරුනු කට හිමීට වහ ගත්ත.

"ඉදගන්න yoongishi.."

"Yeon කිව්ව අද yoongishi එනව කියල.. ඒත් තාම report ටික නම් ඉවර කර ගන්න බැරි උනා.
මට විනාඩි 15ක් දෙන්න මම ඉක්මට ලෑස්තිකරල දෙන්නම්..

කෝච්චිය වගේ එක දිගට ඒ ටික කියන් ගිහින් ඇතුලට දුවන්න හදද්දිම,

"හෝව්.. හෝව්.. ජාන්වී..
ඒ ටික ඔයා yeon ට mail කරන්න. මම ආවෙ මෙතන වැඩ කොහොමද කියල ටිකක් බලල යන්න විතරයි.."

මෙහෙමයි ජාන්වී..
සමහරවිට ඔයාට මෙතන වැඩ ගැන ලොකු දැනුමක් නැතිව ඇති මම හිතන්නෙත් නෑ මෙතෙන්ට ඒ වගේ ලොකු දැනුමක් ඕන වෙයි කියල

මෙතන ජන්කූක් පටන් ගත්තෙ ලාබ ගන්න තැන්ක් විදිහට නෙමෙයි ජාන්වි.
එයාගෙ බාම් නැති උනාට පස්සෙ එයාට දැනුනු පාලුව අපිටවත් නැති කරන්න බැරි උනා.. ඒ දවස් වල මේ මනුස්සය හිටියෙ පිස්සෙක් වගේ..
ඒ දුක ටිකක් හරි නැතිකර ගන්නයි එයා මේක පටන් ගත්තෙ.

නුබ ඉරක් හදක් වගෙයි.. ❤️Where stories live. Discover now