"තාම නැත්තෙ ඇයි..." අතේ ඔරලෝසුව දිහා බලන ගමන් මන් මිමිනුවා...
උදෙන්ම මින්හිව ගන්න අනාථ නිවාසෙ ලඟට ආවත් තාමත් එයා ආවෙ නැති නිසා විනාඩි පහලවක් තිස්සෙ බලන් හිටියත් මින්හි එන පාටක් තිබ්බෙ නෑ....
බලන් ඉඳල බැරිම තැන වාහනෙන් බැහල ගේට්ටුව ගාවින් එබිලා බැලුවෙ ඇතුලට යන්න අවසර නැති නිසා.....
ඈතින් මින්හි එද්දි මන් මින්හිට අත වනල හිනා වුනත් මින්හි මන් දිහා බලල ආයෙම බිම බලාගත්තා....
'ඒ පාර මොනව වෙලාද..'
ලඟට එද්දි තමයි දැක්කෙ මින්හිගෙ මූන රතු වෙලා තියනව..බෑග්ස් ටික ඩිකියට දාද්දිවත් මින්හිගෙ කතාවක් තිබ්බෙ නැති නිසා මන් යන ගමන් ඒ ගැන අහන්න හිතාගත්තා....
"මින්හි ඇයි?..." මන් ඇහුවෙ drive කරගෙන යන ගමන් මින්හිගෙ මූන දිහා බලලා....
උත්තරයක් නැති තැන මන් වාහනේ පාරෙ අයිනකට කරල නවත්තද්දි මින්හි ඔලුව උස්සල මන් දිහා බැලුවා....
"මොකද මේ කතාවක්වත් නැත්තෙ...මාත් එක්ක යන්න අකමැතිද?.."
මන් ටිකක් තදින් අහද්දි මින්හි නෑ කියන්න ඔලුව වනල එකපාරම කෑගහල අඬන්න ගත්තා....ඒ අඬපු විදිහට මන් බය වුනේ මොකක් හරි කරදරයක්වත් වෙලාද කියල....
"මින්හි ඇයි මේ...?"
"මින්හි බය නොකර කියන්නකො මොකද්ද වුනේ කියල..."
සද්දයක් නැති තැන මන් මින්හිගෙ උරහිසින් අල්ලල හොලවන්න ගත්තා..
"අනේ කුකී මට දුකයි...."
"ඇයි ..ඇයි මින්හි එක පාරට?...."
"මොනව වුනත් මන් පොඩි කාලෙ ඉඳල හිටපු තැන ඒ....කොහොමද මන් එයාලා නැතුව ඉන්නෙ....අනාථයෙක් වුනත් එයාල මට මගෙ පවුල වුනා... එයාලව දාලා එන එක මෙච්චර අමාරු වෙයි කියල මන් හිතුවෙ නෑ කුකී...."
"හ්ම්..හරි මට තේරෙනව.....දැන් අඬන්න එපා ඉතින්...."මන් කිව්වෙ මින්හිගෙ කඳුලු පිහදාන ගමන්...
"ඔයාට මතකද කුකී දවසක් මන් කිව්ව යූහා කියල පොඩි ගෑනු ලමයෙක් ගැන...."මින්හි ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරන් මගෙ අතකිනුත් අල්ලගෙන...
YOU ARE READING
Do You Know? ||JJK (ONGOING)
Hayran Kurguඔයා දන්නවද? °°°මගෙ ජීවිතේ මට ලැබුනු වටිනම තෑග්ග ඔයා කියලා°°° Started - 2022.04.04