Chapter 4

132 24 28
                                    

ඇතුලට ආපු වාහනේ දැක්ක ගමන් ලොකු වුන ඇස් වලින් මන් බැලුවෙ මින්හි දිහා..එයා ඒ දිහා බලාගෙනම ඉද්දි මට දැනුනෙ අමුතු වේදනාවක්..පපුවෙන් එන වේදනාවට ඇඟ පණ නැතිවෙන බවක්..

තාමත් මගෙ අතෙන් අල්ලන් ඉන්න මින්හිගෙ මූනේ ලාවට ඇඳුනු හිනාව නැති වෙලා ගියෙ වාහනෙන් බැහැපු කෙනාගෙ කට පුරා තිබුන හිනාව දැකල...

"මගෙ ගුකී.."

ආපු කෙනාගෙ කටින් ඒ වචන දෙක පිටවෙනවත් එක්කම මින්හි මගෙ අත අතඇරියත් මන් හිටියෙ මැරිච්ච මනුස්සයෙක් ගානට එයා දිහා බලාගෙන..

"ආරා.."

මන් කිව්වෙ ඇහෙන නෑහෙන හඬින්...
ඔව්..ඒ ආවෙ ආරා..මගෙ ජීවිතේ පවා මට එපා කරවපු ඒ රූපෙ ආයෙත් මගෙ ඉස්සරහ...මගෙ හිතට දැනුනෙ වේදනාවකටත් වඩා තරහක්...

මුකුත් නොවුන ගානට ආයෙමත් එයා ඇයි මගෙ ඇස් ඉස්සරහට ආවෙ?

ආපු වෙලේ ඉඳල තිබ්බ හිනාව නම් එක මොහොතකට එයාගෙ මූනෙන් නැති වුනේ නෑ...

ඔව්..එයාට හිනා වෙන්න පුලුවන්..එයා සතුටින්..මන් වින්ද දුක ,තාමත් විඳවන දුක නොදන්න එයා ඉස්සර වගේම සතුටින්...
මොකද මන් විතරයි ආදරේ කරේ.. මන් විතරමයි...
එයාටයි මාව එපා වුනේ..එයාටයි මගෙ ආදරේ විහිලුවක් වුනේ....කොහොමත් මගෙ ජීවිතේම විහිලුවක්..මාව හැමෝටම හැමදාම විහිලුවක්..

මන් මුකුත් නොකියා ආරා දිහා බලන් ඉද්දි එයා සැරින් සැරේ මගෙ එහා පැත්ත බලන ගමන් රවන්න ගත්තේ මන් දිහාත් හොරෙන් බලන ගමන්..

මගෙ මින්හී!!
ආරා එහෙම කරන හේතුව හිතට ආපු පලවෙනි මොහොතෙම මන් බැලුවෙ ඒ පැත්ත...

මගෙ හැඩිදැඩි අතකට මුවා වෙලා බිම බලාගෙන ඉන්න මින්හි දිහා මන් බැලුවෙ පපුව හයියෙන් ගැහෙන්න ගද්දි..

අත් වල ඇඟිලි එකට පටලන් ඒවා පහුරු ගාන මින්හි දැක්කම මට තේරුම් ගියා එයා කලබල වෙලා ඉන්නෙ කියල..

'මේ වතාවෙත් ආරා නිසා මින්හිව මග ඇරගන්නවද? '

මගෙ හිතම මගෙන් ප්‍රශ්න කරද්දි මන් මින්හිගෙ වෙවුලන ඇඟිලි මගෙ දිගැටි ඇඟිලි අතර පටලවගත්තෙ එයාගෙ මූනෙන් එක මොහොතකවත් ඇස් අහකට ගන්නෙම නැතුව..ඒ ටිකට අත සීතල වෙලා...

Do You Know?  ||JJK (ONGOING)Where stories live. Discover now