මන් හිටියෙ මින්හිගෙ කාමරේ ඇඳ උඩ එරමිණිය ගොතාගෙන ඉඳගෙන තනියම හිනාවෙවී..
මගේ ඉස්සරහයින් පුටුවක ඉඳගෙන හිටපු මින්හි දැන් විනාඩි විස්සක් විතර තිස්සෙ ඔලුවෙත් අත ගහගෙන මන් දිහා බලන් ඉන්නවා..."දැන්වත් කියනවද?.."
මින්හි අට වෙනි වතාවටත් මගෙන් අහද්දි මන් ඔලුව දෙපැත්තට වනන ගමන් ආයෙම හිනා වුනා..
එදා මින්හියි මායි පාක් එකේ ඉඳලා ආපු දවසෙ ඉඳන් සතියක් ගෙවිලා ගියෙ ඇහි පිය ගහන වේගෙන්..මේ සතිය ඇතුලත මන් තේරුම් ගත්තෙ එයාගෙ මින්හෝ ඔප්පා ගැන මින්හි නොදන්න දෙයක් නෑ කියලා...කතා කරන්න ගියත්,කන්න ගියත් ,ඇඳුමක් ඇන්දත් මින්හිගෙ කටේ තිබුනෙම මින්හෝ ඔප්පා ගැන...වෙන වෙලාවක වගේ නම් මට තරහ යනව වුනත් මේ වතාවෙ මගෙ ඔලුවෙ තිබුනෙ වෙනම කාරණාවක් නිසා ඊට වඩා සතුටු වෙන්න මට හේතුවක් තිබුනා..
මන් හිටියේ කියාගන්න බැරි තරම් හිතේ පිරුණ සතුටකින්..කොච්චරක්ද කියනවනම් මෙතන මගෙ තරහ කාරයෙක් හිටියත් බදාගෙන උම්මා එකක් දෙන්න තරම් සතුටින්..
පිස්සෙක් දිහා බලනව වගේ මගේ දිහා බලන් ඉන්න මින්හිටත් ඇහැක් ගහන ගමන් මන් ඇද වියනට හේත්තු වුනේ තනියම හිනාවෙවී ඇස් පියාගන්න ගමන්...
එක පාරටම ඇහුන වාහනයක් ගේට්ටුවෙන් ඇතුලට දාපු සද්දෙට මන් ගැස්සිලා කෙලින් වුනා....
මේ වෙලාවෙ කව්ද??
අප්පා කොහොමටත් මේ වෙලාවෙ එන්නෙ නෑ!!!බැරි වෙලාවත් ඒ එයාද??
දඩ බඩ ගාල ඇඳෙන් නැගිටපු මන් ජනේලෙ ලඟට දුවද්දි කලබල වුන මින්හිත් නැගිටල ඇවිත් මගෙ පිටිපස්සෙන් හිටගත්තා..
"ඇයි?.."
මින්හි මන් දිහා බලන ගමන් ඇහුවත් මන් ඇස් දෙකත් හීනි කරන් ජනේලෙන් එලියට බෙල්ල දාගෙන බැලුවෙ හරි වුවමනාවෙන්...
ආපු වාහනේ අඳුරගත්ත ගමන්ම මන් හිනා වෙලා මින්හි දිහාට හැරෙද්දිත් මින්හි මගෙ උරහිසට උඩින් ඔලුව දාගෙන ජනේලෙන් එලිය බලාගෙන ඉන්නවා...මින්හිට හිතන්නවත් වෙලාවක් නොතියා එයාගෙ අතින් ඇදගෙන මන් පල්ලෙහාට දුවන්න ගත්තා...මින්හි හයියෙන් කෑ ගගහ මොනවදෝ අහනව වුනත් ඇහුව දේවල් කිසිම දෙයක් මගෙ ඔලුවට ගියෙ නෑ..
YOU ARE READING
Do You Know? ||JJK (ONGOING)
Fanficඔයා දන්නවද? °°°මගෙ ජීවිතේ මට ලැබුනු වටිනම තෑග්ග ඔයා කියලා°°° Started - 2022.04.04