"ගුකී"
පිටිපස්සෙන් ඇහුන හුරුපුරුදු කටහඬත් එක්ක මන් හුන් තැනම නතර වුනා..
දුවගෙන වගේ ආපු ආරා හිනා වෙනවද නැද්ද වගේ බැල්මකින් මගෙ දිහා බලන් ඉද්දි මන් එක එල්ලෙම ආරා දිහා බලන් හිටියා...
"මන් කිව්වා ඒ නමෙන් ආයෙම මට කතා කරන්න එපා කියලා.!!"
දමලා ගහන්නා වගේ කියපු වචනත් එක්ක කලබලෙන් ඇස් එහෙ මෙහෙ යවපු ආරා මූනට ආයාසෙන් හිනාවක් අරගෙන ආයෙමත් මගෙ දිහා බැලුවා...
"ස්-සොරි ජන්කුක්.."
"හ්ම්..."
වටපිට බලන ගමන් මන් අත් එකට බැඳගනිද්දි කලබලෙන් එහෙමෙහෙ දුවපු ඇස් බිමට හරවගන්න ගමන් ආරා අමාරුවෙන් වචන ගලපන්න ගත්තා....
"ම්-මේ ඇත්තටම මේකයි...මේ..."
"තටමන්නෙ නැතුව කියන දෙයක් ඉක්මනට කියන්න ආරා..මට පරක්කු වෙනවා..."
මගෙන් මේ තරම් සැර වචන බලාපොරොත්තු වුනේ නැති නිසාමද කොහෙද ඇහි පිල්ලම් ගහන වේගෙට ඒ ඇස් වල කඳුලු පිරුනා... ආරාගේ මේ අමුතු හැසිරීම ගැන පුදුම හිතුනත් ,ඒකට හේතුවක් දැනගන්න ඕනි වුනත් මගෙ ආඩම්බර හිත ඒකට කැමති වුනේ නෑ ... මන් ආරාගෙ ඇස් මග ඇරල ඈතට ඇස් යැව්වෙ ඒ නිසාමයි...ලොකු හුස්මක් පහල දාපු මන් බලන් හිටියෙ ආරා කතා කරනකන්...
"හ්ම්...ම්-මට දැනගන්න ඕනි වුනේ ඔයා තාම මාත් එක්ක තරහෙන්ද කියලා..."
"නෑ...එහෙම එකක් නෑ"
"එහෙනම් ඇයි ජන්කුක් මාත් එක්ක හරියට කතා කරන්නෙ නැත්තේ..."
ආරා ආවේගෙන් අත් දෙකෙන්ම කඳුලු පිහදාන ගමන් අහද්දි අහක බලන් හිටපු මන් එයාගෙ මූන දිහා බැලුවෙ කට කොනේ හිනාවකුත් එක්ක...
"මේ කතා කරන්නේ..."
"එහෙම නෙමේ මන් කියන්නේ.."
"එහෙනම් කොහොමද??"
"ඇයි මාව මග අරින්නෙ කියලයි මන් අහන්නේ..."
ඒ තප්පරේට ආයෙමත් පිරුන කඳුලු අතරෙන් ආරා අහද්දි මගෙ කට කොනේ හිනාව තවත් පුලුල් වුනා...
"ඕහ්...මග අරින්නෙ ඇයි කියලා!!!....ඔයාට දැනගන්න ඕනි ඒකද හ්ම්ම්ම්..."
YOU ARE READING
Do You Know? ||JJK (ONGOING)
Fanfictionඔයා දන්නවද? °°°මගෙ ජීවිතේ මට ලැබුනු වටිනම තෑග්ග ඔයා කියලා°°° Started - 2022.04.04