Chapter 2

108 30 12
                                    

"මින්හියා"

කොලේජ් එකට ආපු වෙලේ ඉඳන් දැක්කෙ නැති හින්දා කැෆටේරියා එකට ගිහින් බලද්දි මන් දැක්කෙ කොනේ table එකකට වෙලා කල්පනා කර කර ඉන්න මින්හිව........

මන් ඉස්සරහින් ගිහින් ඉඳගත්තත් මාව දැක්කෙ නැති නිසා කතා කරල බැලුවත් මින්හි මාව දැක්කෙ නෑ....ඒ නිසා මන් ආයෙම වතාවක් සද්දෙට කතා කරද්දි මින්හි මන් දිහා බැලුවෙ කලබලෙන්....

"මින්හියා....."

"ආහ්ම්...කුකී ගොඩක් වෙලාද ඇවිත්...."

"දැන් ආවෙ...
මාව දකින්නෙ නැති වෙන්න තරම් මොනාද කල්පනා කරේ ම්ම්ම්...."

"ආ..මේ...මුකුත් නෑ...."

"මොකද්ද ප්‍රශ්නෙ...."

"මුකුත් නෑ අනේ..."

"එහෙනම් මගෙ දිහා බලල කතා කරන්නකෝ...."

"ආහ්..."

"ඔයාට ඒ ගැන මට කියන්න පුලුවන් මින්හියා....."

"මොනාද?..."

"ඔයාට පුලුවන් අපේ ගෙදර නතර වෙන්න...."

"කුකී ඔයාට පිස්සුද?.."

අපි කොලේජ් ඉන්න අන්තිම අවුරුද්දෙ ඉඳන් මින්හිට අනාථ නිවාසෙ ඉන්න බැරි නිසා මන් කලින් ඉඳන්ම මින්හි අපේ ගෙදර නවත්තගන්න හිතන් හිටියත් මන් හිතුව වගේම එයා ඒකට කැමති නෑ....

"ඇයි මොකද වෙන්නෙ....අප්පත් කැමති වෙයි...."

"අනේ මේ මට බෑ....මන් ඉන්න තැනක් හොයාගන්නම්...."

"ලොකුකම නම් තියනව ...."

මන් මින්හිට රවන ගමන් කියද්දි,

"ලොකුකමක් නෙමේ කුකී...මට ඔයාට එහෙම කරදර කරන්න බෑ..."

"කරදර කරන්න බෑ...හනේ ඔයා ඒකෙන් අදහස් කරේ මොකද්ද මින්හී....ඔයාව මගෙ කාමරේ තියාගන්න මගෙ කිසිම අදහසක් නෑ....මොනාද මින්හි ඔයා හිතුවෙ...ලැජ්ජාවෙ බෑ...."

"විකාරද කුකී ඔයාට....එහෙම එකක් නෙමේ මන් කියන්නෙ....."

මින්හි මට ඔරවන් කියද්දි මන් හිනා වෙලා මින්හිගෙ නහයට තට්ටුවක් දාලා ආයෙත් කතාකරන්න ගත්තා....

"පාර්ට් ටයිම් ජොබ් එකක් කරල ඔක්කොම කරගන්න පුලුවන් කියලද හිතන් ඉන්නෙ....පණ්ඩිත නොවී ඉන්නවා..."

Do You Know?  ||JJK (ONGOING)Where stories live. Discover now