Chapter 7

108 26 26
                                    

"අනේ බලන්නකෝ..එයා හරි හුරතල් නේද කුකී..."

"මට ගෙදර අරන් යන්න හිතෙනව..."

කම්පැනි එකට ගිහින් එන ගමන් මින්හිගෙ කෑගැහිල්ලටම අපි ආවෙ පාක් එකට...අද පලවෙනි වතාවට පාක් එකක් දැක්කා වගේ වටපිට බලන ගමන් තනියෙන් හිනා වෙන මින්හි දිහා ගොඩක් වෙලා බලන් හිටපු මගෙ අවදානෙ බිඳුනෙ එයා මගෙ අතේ එල්ලි එල්ලි කෑ ගහන්න ගත්තු හින්දා..

පාක් එකේ සෙල්ලම් කරන ලමයි අතරෙ පොඩි ගෑනු ලමයෙක් දිහා බලාගෙන අත් කකුල් ගසන ගමන් පොඩි එකෙක් වගේ කෑගහන මින්හි දිහා බලලා මන් හිනා වුනා..

"හ්ම්ම්...ලස්සනයි.."

මන් මින්හිගෙන් ඇස් අහකට නොගෙනම කිව්වෙ ඒ හිනාව මගඇරෙයි කියලා ලෝබ කමේ...වල ගැහුන කම්මුලට ඇඟිල්ලකින් ඇන්න මන් වටපිටේට ඇස් යැව්වා..

අපිට ටිකක් ඈතින් බෙන්ච් එකක ඉඳන් හිටපු කොල්ලෙක් මින්හි දිහා බලාගෙන ඉන්නව මන් දැක්කෙ ඒ වෙලාවෙ..ඇඟේ මස් කලඳක් නැති පිම්බත් අඩි දෙක තුනත් විසික් වෙන සයිස් එකේ හිටපු කොල්ලා මින්හි දිහා කන්න වගේ බලන් ඉද්දි මන් යටිතොල හපාගෙන ඒ දිහා බලන් හිටියා....
ඒත් එක්කම මන් මින්හි දිහා බැලුවත් එයා තාම ලමයින්ගෙ සිහියෙන් ඉන්න නිසා ඒ කොල්ලා දිහා බලාගෙනම මින්හිගෙ කරවටේ අත දාපු මන් මින්හිව තව ටිකක් මගෙ ලඟට ඇදල ගත්තා...

ගැස්සිලා මගේ දිහා බලපු මින්හි මගෙන් ගැලවෙන්න දගලද්දි මන් ඇස් වලින් පෙන්නුවෙ අපිට ටිකක් එහායින් තිබුන බෙන්ච් එක..මට ඔලුව වනලා දුවගෙන ගිහින් මින්හි එතනින් වාඩිවෙද්දි මන් ඇහිබැමි රැලි කරන ගමන් ඒ කොල්ලා දිහා බැලුවා...මන් දිහා බලල ඇස් ලොකු කරගත්තු කොල්ලා මුකුත් වුනේනෑ වගේ අහක බලාගත්තම මට ඉබේම පොඩි කටකොනේ හිනාවක් ගියේ මාත් එක්ක බලද්දි පඟරනැට්ටෙක් වගේ පෙනුන ඒ කොල්ලා මට බය වුනා කියල දැනුන හින්දා...

කට කොනේ හිනාවත් එක්ක සාක්කු දෙකට අත් දෙක දාගෙන වන වනා ස්ලෝ මෝශන් එකේ බෙන්ච් එක දිහාවට ගියපු මන් නලලට වැටිලා තිබුන කොන්ඩෙ පස්සට ගසලා දාලා කකුලක් පිට කකුලක් දාගෙන මින්හි ලඟින්ම වාඩි වුනා...

Do You Know?  ||JJK (ONGOING)Where stories live. Discover now