Chapter 6

102 27 38
                                    

පැයක් විතර මින්හිට තුරුල් වෙලා අඬපු මම මින්හිත් එක්කම කාමරෙන් එලියට ආවෙ අප්පා ගෙදර ආපු බව දැනගත්ත නිසා ..මන් වගේම මින්හිත් හිටියෙ කිසි දෙයක් නොවුනු ගානට..මට ඕනි වුනේ නෑ මේ දේවල් ගැන අප්පට කියන්න...කිව්වත් එයාට මන් ගැන පොඩි හරි අනුකම්පාවක් දැනෙයිද කියල මට හිතාගන්න බැරි වුනා..

"මින්හී"
මාවත් ඉස්සර කරන් පඩිපෙල බහින මින්හිට අප්පා කතා කරද්දි මින්හිගෙ මූනෙත් ලොකු හිනාවක් ඇඳුනා...එයා හිනා වුනේ ටිකකට කලින් ඇඬුවා කියන එකත් අමතක කරලා..

"අන්කල්.."
මින්හි ඒ හිනාවෙන්ම කතා කරද්දි අප්පා හරි ආදරෙන් මින්හි දිහා බලලා හිනා වුනා...ඒ විදිහට හිනා වෙන අප්පාව හුඟ කාලෙකිනුයි මන් දැක්කෙ...
අප්පා දිහා බලාගෙනම හිටපු මගෙ ඇස් වලට කඳුලු පිරුනෙ එයා මේ විදිහට මාත් එක්ක ආදරෙන් කතා කරපු කාලයක් මතක නැති නිසා...
ආදරෙන් තියා එක ගෙදර ඉඳලත් මාත් එක්ක වචන දහයක් කතා නොකරන අප්පා මින්හි එක්ක මේ විදිහට කතා කරද්දි මට ලෝබ කමක් නොදැනුනා නෙමෙයි..
ඒක ඉරිසියාවක් නෙමෙයි...මින්හිටත් පොඩි කාලෙ ඉඳල එයාගෙ දෙමව්පියන්ගෙ ආදරේ ලැබුනෙ නෑ...අප්පාගෙන් ලැබෙන සැලකිල්ල නිසා මින්හිගෙ හිතට සැහැල්ලුවක් දැනෙන බව මන් දන්නව...මට සතුටුයි එහෙම හරි එයා සතුටින් ඉන්නව නම්...

"ඒ කියන්නෙ දුව ආවා...මන් දැනගත්තා මින්හි මන් කියන දෙයක් අහක දාන්නෙ නැති බව..."

"හ්ම්ම්"
අප්පා මින්හිගෙ ඔලුව අතගාන ගමන් කියද්දි මින්හි මුකුත් නොකියා හිනා වුනා...

"මින්හිට කාමරයක් ලෑස්ති කරලා දුන්නා නේද?."
අප්පා මන් දිහා බලලා අහද්දි මන් ඔව් කියන්න ඔලුව උඩ පහල වැනුවා...

'එයාට කාමරයක් ලෑස්ති කරන්න මන් අප්පා කියනකන් ඉන්නවද'
මන් හිතෙන් හිතද්දි මගේ මූනටත් ලා හිනාවක් ආවෙ මටත් නොදැනිම..

"හ්ම්ම්...පස්සෙ අපි කතා කරමුකෝ එහෙනම් හරිද?."

මින්හිට එහෙම කියාගෙන පඩිපෙල නැගලා උඩට යන අප්පා දිහා ටිකක් වෙලා බලන් හිටපු මන් මින්හිගෙ පැත්තට හැරෙද්දි මගෙ උරහිස උඩින් එබීගෙන මින්හිත් ඒ පැත්ත බලාගෙන හිටියෙ තාමත් මූනෙන් මැකිලා නොගිය හිනාවත් එක්ක..
මන් හෙමින් මින්හිගෙ අත අල්ලගනිද්දි එයා ගැස්සිලා මගේ දිහා බැලුවෙ කලබලෙන්..

Do You Know?  ||JJK (ONGOING)Where stories live. Discover now