Chapter 5

102 26 23
                                    

"මින්හියා.."

එයා හිටියෙ මට පිටුපාලා ජනේලෙන් එලිය බලාගෙන ලොකු කල්පනාවක..අඩුම මන් කතා කරාම හැරිලවත් බැලුවෙ නෑ...ලඟ අඩි තියන ගමන් හෙමින් මින්හි ගාවට ගිය මන් එයාගෙ උරහිසෙන් අත තිබ්බම මින්හි ගැස්සිලා ගිහින් වේගෙන් මගෙ පැත්ත බැලුවා...

එයාගෙ මූන තිබ්බෙ හොඳටම රතු වෙලා..ඒ පිරුනු කම්මුල් වල තාමත් වේලුන කඳුලු පාරවල්...මූන දැක්කම මින්හි අඬල කියල හොඳටම තේරුනත් එයා මගේ දිහා බලන ගමන් ලාවට හිනා වුනේ මුකුත් නොවුන ගානට...

"මින්හියා..."
මන් ආයෙම වතාවක් එයාගෙ නම මුමුනන ගමන් ඒ මූන පුරාම ඇස් යැව්වෙ හරි විමසිල්ලෙන්...මන් කතා කරද්දි එයා උත්සාහ කරේ එයාගෙ මූන මගෙන් හන්ගන්න...

"ජන්කුක් මේ..මං.."
මින්හිගෙ ඇස් රැඳිලා තිබුනු අතේ ,ඇඟිලි එකට පටලවන ගමන් කියද්දි මන් මගෙ අත් දෙකෙන්ම ඒ අත් දෙක අල්ලගත්තෙ එයාගෙ මූනෙන් ඇස් අහකට ගන්නෙම නැතුව...

"මුකුත් කියන්න එපා මින්හි...මේ වතාවෙ කලින් පාර වගේ වෙන්නෙ නෑ...මන් පොරොන්දු වෙනව කිසිම හේතුවක් නිසා මන් ඔයාව අත අරින්නෙ නෑ මින්හියා...එක පාරක් වෙච්ච වැරද්ද ආයෙ පාරක් වෙන්න කොහොමටත් ඉඩ තියන්නෙ නෑ මන්...ඒ නිසා බය නොවී ඉන්න..."

මන් කතාකරන ගමන්ම මගෙ එක අතක් ඒ කම්මුල් වලට අරන් ගියත් එයා මූන එහෙට මෙහෙට හරවන ගමන් උත්සාහ කරේ මගෙ අත එයාගෙ මූනෙන් ගලවගන්න....

පැටලිලා තිබුන මින්හිගෙ අත් දැන් ලිහිල් වෙලා තිබ්බත් තාමත් මන් හිටියෙ එයාගෙ එක අතකින් අල්ලගෙන.. මින්හි මූනත් එක්කම අත් දෙකත් මගෙන් ගලවගන්න දඟලද්දි එයාගෙ කම්මුල් වල තිබ්බ අතත් අරගෙන ඇවිත් මන් මගෙ අත් දෙක ඒ අත් දෙකේම තදින් පටලවගත්තා...

"ඇයි මින්හි මේ..."

"මන්..මන් මෙහෙන් යන්නම් ජන්කුක්.." මින්හි ඔලුව උස්සලා මන් දිහා බලලා එහෙම කියලා ඒ මොහොතෙම ආයෙ බිම බලාගත්තා..

"මොකද්ද හේතුව මින්හියා..."

"හේතුව ඔයා නොදන්නව නෙමේනෙ ජන්කුක්...මට පුලුවන් මන් ගැන බලාගන්න..."

Do You Know?  ||JJK (ONGOING)Where stories live. Discover now