I-ndoor of the bungalow 🔍

132 29 22
                                    

තම තමන්ගෙ කාමර අස් පස් කරලා කට්ටියම 1st ෆ්ලෝ එකට එකතු වුනේ ලන්ච් එක ගන්න..

Yoshi : මේ ජීමින් ! ටේ ! උඩ තට්ටුවේ කොනේම තියෙන රූම් එක අරින්න බෑනෙ !! ඒකට ලොක් එකක් දාලා තියෙන්නෙ !

jimin : අහ් !! ඒ මක්කද??

tae : මක්ක නෙවේ ඇයි මතක නැද්ද මේ ගෙදර අපිට විකුණපු කෙනා කීවා ඒ රූම් එක කාටවත් අරින්න බැරි එකක් කියලා ?? එයා කීවා ලොක් එක අඩන්නත් එපා කියලා !! අනික එයා අපෙන් සල්ලි ගත්තෙ ඔය රූම් එකේ ගාණ අඩු කරලා !!

Asahi : අහ් !! ඒක මිසක් !! අපිට මොකද ඉතින් වැඩිපුර රූම් එකක් !! මෙන්න මෙහෙ දෙන්න ඔය ජූස් එක !!

යෝෂි මොනවා කීවත් අසහිට කෑමෙන් තොර ලොවක් නෑ..

Riku : ජීහුන් !! මොකෝ නිකන් සිල් අරන් වගේ ??

රිකූ ජීහුන්ගෙන් එහෙම ඇහුවෙ ජීහුන් වෙනදට වඩා අද සයිලන්ට් නිසා..

Jihoon : ඔයාගෙන් ඔය වචනෙ අහගන්න ඕනි නිසා තමයි මොකුත් නොකියා බලන් හිටියෙ !

Riku : අපෝ මේ පිරිමි කියන ජාතිය නම් !!! කොහොමටවත් මට නම් තේරුම් ගන්න බෑ !! හරියට ඇවිස්සුන කුණු ගොඩක් වගේ

රිකූ ඔය හෙමින් හෙමින් වෙර අදින්නෙ වලියක් ඇදලා ගන්න...රිකූ ජීවිතේ වලියක් නැති දවසක් තිබිලම නෑ..කොහොමත් රිකූ කියන්නෙ වලි රැජිනක්..

එදා එයාලා එහෙට ගියපු පළවෙනි දවස නිසා ඒ දවස මහන්සි අරින්න තියා ගත්තා..කට්ටියම බැන්ග්ලෝ එක අස්පස් කරලා ටික වෙලාවක් හෑල්ලක් දාන් ඕපා දූපා ටිකක් හළලා රෑ වුනයින් පස්සෙ කට්ටියම නින්දට ගියා...

At 3rd floor

jeongwoo : අසහියෝ ! යෝෂියෝ ! ඔයාලා නිදිද? පේන විදියට නම් මුන් දෙන්නම නිදි වගේ !! හරි කමක් නෑ ඔන්න ඔහෙ තනියමම යනවා..

මහ රෑ මැද්දෙ ජොන්ග් වූට ලොකු වතුර තිබහක් ආපු නිසා එයා කිචන් එකට යන්න නින්දෙන් වගේ ඇහැරුණා..හිත කොනේ තියන බයකට වගේ එයා යෝෂියි අසහියි නිදිද කියලා බැලුවෙ තනියම කිචන් එකට යන්න බය නිසා...මේ බැන්ග්ලෝ එකේ කිචන් එක තිබුනෙ දෙවනි තට්ටුවේ..

ටික වෙලාවකට ජොන්ග් වූ එයාගෙ බය සාක්කුවට දාගෙන වතුර බොන්න කියලා හෙමීට පහළට ගියා..

Find the owner of the dark love [Horror]Where stories live. Discover now