කතා වුන විදියටම ජීමින් අනික් දවසෙ උදේ පාන්දරම ආපහු කොරියාවට පිටත් වුණා..
ඒ වගේම යෝෂිත් ටේ එක්ක එකතු වෙලා හරුටොගෙ අළු භාජනේ හොයන්න උපරිම උත්සහ කළා...
මේ වෙලාවෙ එයාලා දෙන්නා හිටියෙ හරුටො එක්ක උඩ ලොක් වෙලා තියෙන කාමරේ ඇතුළෙ..මොකද යෝෂිට සැක හිතුනු පළවෙනි තැන තමයි එතන..
ඒ වගේම මේ වෙලාවෙ ජොන්ග් වුයි ලිව් යි හිටියෙ දෙවනි තට්ටුවේ...අසහි නම් එදා ගෙදර හිටියෙ නෑ.මොකද එයාට ඒ වෙලාවෙ එයාගෙ ඔම්මයි අප්පයි හම්බෙන්න එයාලගෙ ගෙදරට යන්න සිද්ධ වුණා...
ඒ වගේම රිකූ එදා උදෙන්ම ජීහුන්ව බලන්න හොස්පිට්ල් එකට ගියා...හවස් වෙනකන්ම හොස්පිට්ල් එකේ ඉදලා රිකූ ආපහු ගෙදර ආවෙ එයාගෙ සහෝදරී ගැන කල්පනා කර කර...
Riku : ලිව් පැට්ටෝ ! දැන් කොහොමද ?
ගෙදර ආපු ගමන් රිකූ ගියේ ලිව් ළගට..ලිව් ඒ වෙලාවෙ හිටියෙ එයාගෙ රූම් එකේ....
@3rd floor
yoshi : ටේ ! මං බඩ්ඩක් කරන්නද? හරුටො ඔයා පොඩ්ඩක් මෙතනින් ඈත් වෙලා හිටියොත් හොදයි.මොකද මේකෙන් ඔයාට හානියක් වෙන්න පුළුවන්..!
haruto : හරි ! මං එලියෙන් ඉන්නම්..
හරුටො එලියට ගියාට පස්සෙ යෝෂි ටේ එක්ක එකතු වෙලා අමුතු දෙයක් කරන්න පටන් ගත්තා..
tae : අම්මෝ යකෝ මේකෙ අස්සෙ නයි පොළොන්ගු විතරයි අඩු !
යෝෂිගෙ වාස්තු පෙට්ටිය දැකපු ටේට නිකන්ම එහෙම කියවුණා..
yoshi : කට පියන් මට ඉටි පන්දම් හතකුයි ඔය රතු පාට කුඩුවලින් ටික්කුයි දියන් !!
ඉටි පන්දම් ටික අතට ගත්තු යෝෂි ඒ වයින් එක එක අරන් පත්තු කරලා ප්‍රෙයින්ග් සර්කල් එකක් විදියට අර කලුවර කාමරේ මැදින් පත්තු කළා..ඊට පස්සෙ ඒ හැම එකක්ම වටේට අර කීව රතු කුඩුවලින් ටික ටික ඉහුවා..
tae's pov
යෝෂියා එක පාරටම ඉටි පන්දම් පත්තු කරන් මොනාදෝ දොඩවන්න ගත්තෙ නැද්ද ! සත්තමයි මං ඩිම් වුනා යෝෂියගෙ ඒ ස්වරූපේ දැකලා..යෝෂියා ටික වෙලාවක් ඕක කරන් යද්දි එකපාරටම අර වෙනදට වගේ හුළගක් ආවෙ අකුණු විදුලි කොටන ගමන්මයි..
YOU ARE READING
Find the owner of the dark love [Horror]
Horror"මට ඕනි වුනේ ඒ ලේ පාර දිගේ යන්න විතරයි" 220504 #3-lew #24-riku treasure x niziU x bts x tempest collab 22.04.11 started