" වෙයි යින්ග් ඔතනින් මෙහාට එන්න !!
ඒත් එක්කම ඒ කලු නිකාය ඇදුමකින් සැරසුනු පිරිමි ළමයා කන්දෙන් පහලට වැටුනා...
______________________________
ආයිත් මන් ඒ හීනෙම දැක්කා.. යී බෝ කෙදිරි ගාගෙන ඇදෙන් නැගිට්ටා..
බෝබෝ අද ශොපින් මෝල් එකට යන්නේ නැත්ද ? ලිවු අයියා යී බෝ නැගිටිනකොටත් යී බෝ ගෙ ඇද ගාව 🤣
බුදු අම්මෝ !! බෝබෝ බය වුනේ මහ පාන්දර ඇද ලග හිටන් ඉන්න ලිවු අයියා දැකලා.
" යී බෝ මේ මම
" හයියූ හා හා මන් දන්නවා....අනේ ලිවු අයියේ ඔයා ආපහු ඇද ගාව හිටන් හිටියොත් මන් ඔයාව අස් කරනවා .
බෝබෝ ඒම කිවුවේ කිසිම තරහකින් නෙමෙයි ටිකක් විහිළුවට වගේ ... හැමදාම බෝබෝ නැගිටින්නත් කලින් ලිවු අයියා බෝ බෝ ඇඳ ළඟට වෙලා හිටියා .
" bo bo පරක්කු වෙනවා ඉක්මනට නැගිටින්න අද shopping mall එකට යන්නේ නැද්ද ? මොකද මේ මූණු සුදු මැදි වෙලා ?
" කලින් හීනෙම ආපහු දැක්කා බෝබෝ කිව්වා...
" හා ඒක තමයි එහෙනම් මේ .... ඉතිං අද වත් අර කළු පාට දිග සළුවක් පොරවන් ඉන්න පිරිමි ළමයගේ මූණ දැක්කද ?
" සළුවක් නෙමෙයි අනේ ඒක එයාගේ ඇඳුම 😐
හරි හරි මොකක් හරි ඉතිං අදවත් මූණ දැක්කද ?
" නැහැ අවුරුදු ගාණක් තිස්සේ එකම හීනේ දකිනවා...හැමදාම රෑට හීනෙන් එයාවයි මාවයි දකිනවා ඒත් කවදාවත් මට හරියට එයාගේ මූණ පෙනිලා නැහැ .බොඳවුණු ඡායාවක් විතරමයි මට පේන්නෙ ..... ඒත් මං එයාගෙ ඇස් දෙක දැක්කා !!
" ඔයාට ඔය මනස්ගාත පේන්නේ රෑට කන්නැතුව නිදාගන්න නිසයි !!
" පිස්සුද අයියේ !! ඒ හීන වලටයි මටයි මොනවා හරි සම්බන්ධයෙන් තියෙන්න ඕන
YOU ARE READING
~ 𝙄𝙅𝙄 ~
Fanfictionසංසාරගත බැදීමක් එක් ආත්ම භවයකට පමණක් සීමා නොවේ...... ඔවුන් ආත්මයක් ආත්මයක් පාසා හමු වේ.... නමුත් පෙර භවයේ විදි දුක් කම් කටොලු මේ භවයේද විදීමට සිදුවේද ? ..... ඔවුන් ඔවුන්වම හදුනාගනීවිද ? ..... For - Yizhan fans 💖 Hi 🐢 !! #BL #YIZHAN #YIZHANREAL