හුලග නිසා එයාගේ කොට කොණ්ඩේ හුලගට ගියා...එයා ඇදන් හිටියේ සුදු පාට ෂර්ට් එකක් ඒකට උඩින් නිල් පාට ෂර්ට් එකක් උඩින් දාගෙන හිටියා...හුලගට ඒ නිල් පාට ෂර්ට් එක පාවුනේ හරිම ලස්සනට . ශියාඕ දිහා බලන් ඉන්න එක තරම් මන් වෙන කිසිම දේකට ආස වුනේ නෑ . එයාගේ හිනාව හරිම අමුතුයි . හරිම සිත්ගන්නා සුලුයි . ඒ වගේම ඒ ඇස් . මන් විනාඩී දහයක් විතර එයාගේ ඇස් දිහා බලන් හිටියා...ඒත් එක්කම මගේ ඔලුවට ආවේ මන් හීන වලින් මන් දකින පිරිමි ලමයව . කලු පාට නිකාය ඇදුමක් ඇදන් හිටිය ඒ පිරිමි ළමයව .ශියාඕ බයිසිකලය පැදගෙන ඇවිත් මගේ කකුල් දෙක ගාව නතර කරා...
" යීබෝ මේ !! එයා මට කතා කරා..
" වෙයි යින්ග් !!
එක පාරටම මගේ කටින් ඒ නම පිටවුනා..." ආ.......... ශියාඕ ඇස් ලොකු කරන් බලන් හිටියා....
" ඔයා !? ශියාඕ ඔයාගේ ඇස්
" ඇයි මගේ ඇස් මොකද ? ශියාඕ අත් දෙකෙන්ම එයාගේ ඇස් පිහ දැම්මා..
" ඇයි ඇස් වල මොනාහරි ගෑවිලාද ? ආ දූවිල්ල වෙන්න ඇති....
මන් ශියාඕ ගෙ බයිසිකලෙ හැන්ඩ්ල් එකෙන් බයිසිකලය අල්ලගත්තා...එක පාරටම අකුණක් ගැහුවා වගේ මගේ මොලේ ඇතුලේ එක එක දේවල් හොල්මන් කරන්න ගත්තා..මන් ශියාඕ ගේ මූනට ලන් වුන විදියට ශියාඕ බය වෙන්නත් ඇති......
YOU ARE READING
~ 𝙄𝙅𝙄 ~
Fanfictionසංසාරගත බැදීමක් එක් ආත්ම භවයකට පමණක් සීමා නොවේ...... ඔවුන් ආත්මයක් ආත්මයක් පාසා හමු වේ.... නමුත් පෙර භවයේ විදි දුක් කම් කටොලු මේ භවයේද විදීමට සිදුවේද ? ..... ඔවුන් ඔවුන්වම හදුනාගනීවිද ? ..... For - Yizhan fans 💖 Hi 🐢 !! #BL #YIZHAN #YIZHANREAL