" බොබෝ ඒ ඔයාගේ gf මට බෑනේ එතන තුන් වෙනියෙක් වෙන්න !! අනික ඔයා මට කියලාවත් නෑ ඒ ඔයාගේ gf කියලා...
" එයා මගේ කවුරුත් නෙමෙයි
" මොකක් ?
" ශියාඕ චාන් මන් ඔයා දිහා බලන් ඉන්නවා වගේ එයා දිහා බලලා නෑ....ඔයා එක්ක කතා කරනවා වගේ එයා එක්ක කතා කරලා නෑ...ඔයා එක්ක දවස ගෙවන්න ආස වුනාට එයා එක්ක එහෙම නෑ....එයා මගේ කවුරුත් නෙමෙයි........ඔයයි !! ඔයයි මට ඕනී කෙනා...!!
බොබෝ ඒ කිවුව දේවල් මන් පොඩ්ඩක්වත් බලාපොරොත්තු වුනු දේවල් නෙමෙයි . එක නිමේෂයකට මාව අතරමන් වුනා වගේ දැනුනා..
"බොබෝ ඔයා දන්නවද ? ඔයා දන්නවද ඔයා ඔය මොනවද කියවන්නේ කියලා......? මන් ෂටර් එක ඇරියේ එවෙලේ මාව පිච්චුනා වගේ හරි අමුතු හැගීමක් මට දැනුනු නිසයි.
" ඔව් දන්නවා....හොදටම දන්නවා.....ඔයාටයි ඒ දේවල් තේරෙන්නේ නැත්තේ . ශියාඕ මන් ඔයාට ආදරේ කරන්න පටන් අරන්.....
" අනේ දෙවියනේ බොබෝ........ මට කියන්න කිසිම දෙයක් ඉතුරු නොකර බොබෝ මගේ සීට් එක පැත්තට නැවුනේ එයාගේ සීතල වුනු තොල් වලින් මාව සිපගන්න ගමන් ......
" බෝ දී ( මල්ලි ) අයින් වෙන්න !! මට බොබෝගෙන් ඈත් වෙන්න බැරි වුනා.. එයා ගොඩක් දරදඩු වෙලා . ඒත් එයා එයාගේ හැගීම් මාත් එක්ක බෙදාගන්න ගොඩක් පරිස්සම් වුනා.. මන් බොබෝව මගෙන් ඈත් කරා..
YOU ARE READING
~ 𝙄𝙅𝙄 ~
Fanfictionසංසාරගත බැදීමක් එක් ආත්ම භවයකට පමණක් සීමා නොවේ...... ඔවුන් ආත්මයක් ආත්මයක් පාසා හමු වේ.... නමුත් පෙර භවයේ විදි දුක් කම් කටොලු මේ භවයේද විදීමට සිදුවේද ? ..... ඔවුන් ඔවුන්වම හදුනාගනීවිද ? ..... For - Yizhan fans 💖 Hi 🐢 !! #BL #YIZHAN #YIZHANREAL