ඊලග දවසේ උදේම බොබෝ නැගිටලා ශොපින් මෝල් එකට ගියේ ශියාඕ ගෙ interview එක නිසයි . ඇත්තටම බොබෝ දැනන් හිටියේ නෑ මේ ශියාඕ එයාට කලින් දවසේ බස් එකේදී හම්බුනු පිරිමි ලමයා කියලා...
බොබෝ ආපහු පාරක් ශියාඔ ගෙ biao data එක චෙක් කරා...ඒකේ තිබ්බ ශියාඕ ගෙ පික් එකත් බැලුවා...
" අනේ මන්දා මෙයාව මට හොදට දැකලා පුරුදුයි වගේනේ....කොහෙදිද මන් මෙයාව දැක්කේ... යීබෝ කල්පනා කරන්න ගත්තා...ඒත් එක්කම ලිවූ අයියා යීබෝ ගෙ ඔෆිස් එකට ආවා...
" මාර වැඩේනේ බොබෝ ශියාඕ ට මන් කෝල් කරා ඒත් එයා කැමති වුනේ නෑනේ අපිත් එක්ක වැඩ කරන්න
" මොකක් ? වැඩ කරන්න කලින් අඩුම තරමේ අපි එක්ක කතා කරන්නවත් ඒ කොල්ලා එන්න බෑ කිවුවද ?
" ඔව් . ඒක තමා මාත් බැලුවේ . එයා කිවුවේ ........මේ.... මේ....
" අනේ ලිවූ අයියේ මේ මේ ගාන්නෙ නැතුව ඕක කියනවද !!
" එයා කිවුවනේ ඔයා එක්ක වැඩ කරන්න එයාට බෑ කියලා යීබෝ
" මොකක් ? එයා මාව දන්නෙවත් නැතුව මාත් එක්ක වචනයක්වත් කතා කරලවත් නැතුව කොහොමද එයා ඒම කියන්නේ මා එක්ක වැඩ කරන්න බෑ කියලා...
" ඇත්තටම බොබෝ ඔයාලා කලින් හම්බවෙලත් නෑනේ . ඒක තමා මාත් මේ හිතුනේ...
" හරි දැන් එයා කොහෙද ඉන්නෙ ?
" එයා පොඩි කැෆේ එකක පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා මේ දවස් වල .
" මොකක් ?එච්චර ඉල්ලුමක් තියෙන ඩිසයිනර් කෙනෙක් කැෆේ එකක කිරි වක්කරනවද ? හරි කමක් නෑ එයාට මෙහෙට එන්න බැරිනම් අපි එහෙට යන්
" මොකක් ? පිස්සුද යීබෝ . එහෙට ටිකක් දුරයන්නත් ඕනීනේ .
" ඔයා දන්නවනේ කැෆේ එක තියෙන තැන එහෙනම් එච්චරයි අපි යන් !!
" හරි එහෙනම් . ගිහින් ගුටි කාගෙනවත් එමුකෝ ලිවූ අයියා කට කැඩිච්ච කතාවකුත් කියලා එලියට බැස්සා..🤣
************************************
" ඔයාලා ලග වැඩ කරන ශියාඕ අද වැඩ නැද්ද ? යීබෝ කැෆේ එකට ආපූ ගමන් කැෂියර් එකේ හිටිය පොඩි කොල්ලගෙන් ඇහුවා
YOU ARE READING
~ 𝙄𝙅𝙄 ~
Fanfictionසංසාරගත බැදීමක් එක් ආත්ම භවයකට පමණක් සීමා නොවේ...... ඔවුන් ආත්මයක් ආත්මයක් පාසා හමු වේ.... නමුත් පෙර භවයේ විදි දුක් කම් කටොලු මේ භවයේද විදීමට සිදුවේද ? ..... ඔවුන් ඔවුන්වම හදුනාගනීවිද ? ..... For - Yizhan fans 💖 Hi 🐢 !! #BL #YIZHAN #YIZHANREAL