Chapter 05

99 21 12
                                    

පළමු දිනය සැබවින්ම නුහුරු ලෙසින් ඇරඹිණි. කවුද එහෙම නොවෙන්නෙ? ඔවුන් පෙරදින හා දැන් වනතුරු පිස්සු බල්ලන් මෙන් රණ්ඩුවුණු නමුත් ඒ මොහොතෙහි ඔවුහු දෙපළම මුළුතැන්ගෙයිහි හිඳිමින් උදා ආහාරය සකසමින් සිටියහ. “මම ඇත්තටම කැමති නැහැ මේ ගෙවල් සෙල්ලම කරන්න.“ වන්ග් යිබෝ කෙඳිරූ විට සුසුමක් සමගින් සිය අත වූ පත්ත තදින් ග්‍රහණය කර ගත් ශ්‍යාඕ ඡාන් සිය හැඟීම් පසෙකලූවේ ය. “අයියෝ, ඔයා මේක කරන්න කැමති වුණා.“

ඊට පිළිතුරක් ලෙස වන්ග් යිබෝ කිසිවක් නොපැවසූ අතර ඔවුහු නැවත ආහාර පිසීම ඇරඹූහ. මුළුතැන්ගෙය ප්‍රණීත කුකුළුමස් සූපයක සුවඳින් පිරී ගියේ ය. ශ්‍යාඕ ඡාන් දුඹුරු පැහැ පත්ත ඔබා සූපයෙන් තරමක ප්‍රමාණයක් ඊට ගෙන සෙමෙන් එයට පිම්බේ ය. එළවළු කපමින් කාර්යබහුලව සිටි සිය සැමියා දෙසට මුහුණ ලන්නට ඔහු සෙමෙන් හැරුණේ ය. “යිබෝ“ ඔහු මුදු ලෙසින් ඇමතූ විට අනෙකා ඔහු දෙසට මුහුණ ලා හැරුණේ ය. “මේක පොඩ්ඩක් බලන්න, ඒකේ රහ අමුතුයි වගේ නම් කියන්න.“ශ්‍යාඕ ඡාන් ඔහු හැන්ද ප්‍රවේශමෙන් ග්‍රහණය කරගෙන සිටින අතරේ කීවේ ය.

වන්ග් යිබෝගේ දෑස් ඔහුගේ පිළිස්සුණු අත දෙස ක්ෂණික බැල්මක් හෙළූ විට ඔහුගේ හදවත මදක් සිරවුණි. සුසුමක් සමගින් ඔහු ඉදිරියට නැවී උගුරක් මුවට ගත්තේ ය. “ඒක ටිකක් හොඳයි.“ ඔහු ප්‍රශංසා කළ විට ඔහුගේ වදන් ඇසූ ශ්‍යාඕ ඡාන්ගේ මුහුණ එක්වරම ආලෝකවත් විය. “හරි, මට දැන් ඔයාගේ එළවළු ටික ඕනේ.“ සූපය හැඳිගෑම අරඹමින් ඔහු කීවේ ය. යිබෝ පිළිතුරු ලෙසින් හ්ම් හඬක් නැගූ අතර මද වේලාවකින් ඔහු එළවළු දමා එය සූපය සමගින් මුහු කළේ ය.

ඔහුගේ පුදුමයට මෙන්, ඔවුන් වටා සුවපුහසු නිහැඬියාවක් පැවති අතර එය වඩාත් සාමකාමී සහ සන්සුන් ලෙසින් දැනිණි. අවසානයේ ඔවුහු ආහාර පිසීම අවසන් කොට කෑම මේසයේ හිඳ ආහාර ගැනීම ඇරඹූහ.

ශ්‍යාඕ ඡාන් කුමක් කතා කළ යුතු දැයි කල්පනා කරමින් සිටියේ ය, වැඩ ගැන නම් නොහැකි වූ අතර සැබවින්ම එහි කතාකිරීමට කිසිවක් නොවීය. ඔහු මුදුව සුසුමක් හෙළා ආහාර ගැනීම ඇරඹූ විට එක්වරම යමෙකුගේ දුරකතනය නාද විය. දෙවැනි සිතුවිල්ලකින් තොරව වහාම නැගී හිඳි යිබෝ කිසිවක් නොකියාම පිටව ගියේ ය. ශ්‍යාඕ ඡාන් කෑමකූරු තදින් අතින් ග්‍රහණය කරගෙන ඔහු ඉදිරියේ වූ ආහාරවේල දෙස බලා සිටියේ ය.

1438 -- Sinhala TranslationWhere stories live. Discover now