Chapter 10

104 13 3
                                    

අනතුරු ඇඟවීමක්: ඔක්කාරය කරන ආකාරය පිළිබඳ රූපික හැඳින්වීමක් අන්තර්ගත ය.

මෙරූන් පැහැ කාරය ඔහුගේ දසුනෙන් ඈත්ව යත්ම කුඩාවන්නට විය. ශ්‍යාඕ ඡාන් බිම බලාගනිමින් මෝඩ අන්දමින් පැයක් පුරා පිටත සිටගෙන සිටියේ ය. තමා සිය ඇඟිල්ල වටා රන් පැහැ මුදුව තවමත් පැළඳගෙන සිටින බව ඔහු වටහා ගත්තේ ය. යිබෝ තවදුරටත් එය නොපළඳින බව ඔහුට සිහිපත් විය, ඇත්තෙන්ම ඔහු එය නයිට්ස්ටෑන්ඩය මත පෙරසිටම දමා ගොස් තිබුණි. ශ්‍යාඕ ඡාන් සිය දකුණත මොළවාගත් විට තවමත් කෙලෙස මුදුව දිලිසෙමින් පවතිනවාද යන්න දුටුවේ ය. ඔහුට සිය පිළිබිඹුව බවා ඉන් දැකිය හැකි විය. එය ඔහුට මෙලෙසින් සිතීමට පෙළඹු‍වේ ය, අඩුම ගාණේ ඔයාගේ පාටවත් නැතිවුණේ නැහැනේ, අපේ ආදරේ වගේ.

මේ සියල්ල නරක සිහිනයක්දැයි ඔහු එතෙකුදු සිතමින් සිටියේ ය. අවාසනාවට, එය එසේ නොවීය. ඔහුට තමාට තවත් කඳුළු ‍නොමැති බව දැනුණුමුත් ඔහුගේ හදවත තවමත් බිඳී තිබුණි. මෙය ඔහු මුහුණ පෑමට බියව සිටි යථාර්ථය විය. ශ්‍යාඕ ඡාන් මුදු ලෙසින් සුසුම් හෙළුවේ ය.

ගේට්ටුව අගුලු ලෑමට හෝ වෙහෙස නොවූ ඔහු වළවල්වලින් යුතු වූ දෑසින් යුතුව නැවතත් නිවෙස ඇතුඝට ගියේ ය. ඔහු එහි තුළට ගිය විට එය පෙරටත් වඩා හිස්බවකින් යුතු විය. එක්වරම ශ්‍යාඕ ඡාන් වටාවූ පැහැයන් අතුරුදන් ව යන්නට වූ අතර ඔහුගේ පෙනීම බොඳවී යන්නට වූ විට ඔහු පැත්තකට ඇදී ගියේ ය. ඔහුගේ හිස වේදනා දුන් නිසාවෙන් ඔහු නළල අල්ලාගෙන දොර රාමුවට බර දුන්නේ ය. “තව ටික වෙලාවක්...” ඔහු තමාටම කොඳුරා ගත්තේ වෙව්ලන දෑතින් කුඩා බෝතලය පිටතට ගෙන නැවතත් වරක් බෙහෙත් පෙති රැසක් එකවර ගිලදමමිනි. සිය කුස වේදනාවෙන් අල්ලාගත් ඔහු තදින් කැස්සේ ය.

ඔහු ගැඹුරු හුස්මක් ගෙන එය සෙමින් පිට කළේ ය. තම තත්ත්වය අයහපත් බවට හැරෙමින් තිබෙන බව ශ්‍යාඕ ඡාන් වටහා ගත් අතර ඔහුගේ උදරය ඇඹරෙමින් තමාවම ඉරා ගනිමින් සිටින අයුරක් දනවන්නට විය. ඔහු පහත් හඬින් ශාප කරමින් සිය දුරකතනය පිටතට ගෙන එක් නිශ්චිත වූ අංකයකට අමතන්නට උත්සාහ දැරුවේ ය.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 11, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

1438 -- Sinhala TranslationWhere stories live. Discover now