ඔවුන් දෙදෙනා සම්භාහන මධ්යස්ථානයෙහි රැඳී සිටීම දිගටම නොකළේ සම්භාහනය කරන කාන්තාව ශ්යාඕ ඡාන් දෙස නරක ලෙසින් ඇහැගසාගෙන සිටීමත් ඔවුන් ලොබියේ සිටින විට ඔහු වෙත නොනවත්වාම ඇඟැළුම්කම් පෑම නිසා ය. යිබෝගේ කෝපය ඉවවහාගොස් තිබූ අතර ඔහු ඡාන්ව ඒ අපායෙන් වහ වහා මුදවා ගත්තේ ය. “යිබෝ! ඔයා මොනා ද කරන්නෙ?“ මද වශයෙන් සුව වී තිබූ ඔහුගේ පිළිස්සුණු අතෙහි වූ දැඩි ග්රහණය නිසාවෙන් ශ්යාඕ ඡාන් හඬන්නට විය.
“අර මනුස්සයා ඕනාවටත් වඩා ඇඟේ නගින්න හදද්දි ඔයාට තාමත් ස්පා එකට යන්න ඕනෙද?“ ශ්යාඕ ඡාන්ගේ දෑස් විමතියෙන් මහත් වූ අතර ඔහුගේ හදවතේ වේගයෙන් වන ස්පන්දනය වළක්වා ගැනීමට ඔහුට නොහැකි විය. එයාට ඉරිසියා හිතිලා ද?
“ඉස්සෙල්ලාම මගේ අත අතාරින්න, ඒක රිදෙනවා.“ ඔහු කෙඳිරූ විට යිබෝ තමා කරමින් සිටින දෙය වහා ඔහුව මුදා හැරියේ ය. “සමාවෙන්න.“ යි ඔහු මිමිණූ අතර ඔවුහු පිටත වෙරළට ආසන්නයේ සිටගෙන සිටියහ. එය සයුරු මද සුළඟ ඔවුන් වටා එතී තිබූ සිසිල් රැයක් විය.
“මට සමාවෙන්න, මම නිකං අසිහියෙන් හැසිරුණේ.“ මුදු සිනහවක් පාමින් ශ්යාඕ ඡාන් කීවේ ය. සිය සැමියාගේ සිනා හඬ ඇසුණු විට යිබෝගේ කෝපය නිවී ගියේ ය. “අපිට ඊළඟ පාර වෙන ස්පා එකකට යන්න පුළුවන්.“ ශ්යාඕ ඡාන්ගේ අතින් අල්ලා ගනිමින් වන්ග් යිබෝ කීවේ ය. අනෙකා කිසිවක් නොකියා අනෙකා විසින් වෙරළ දෙසට ඇදගෙන යනු ලැබීමට හරිමින් සිටියේ ය.
ඔහුගේ හදවතට සැබවින්ම සතුටක් දැනුණු අතරවාරයේම එය වේදනා ද දුණි. ඊළඟ පාර? ඒ කවද්ද? ඔහු සිය යටිතොල සපමින් සිතුවේ ය. අන්තිම දවස හොඳම වෙන්න ඉඩ දෙමු.
“ඔයාට දැන් හෝටල් කාමරේට යන්න ඕනද?“ වන්ග් යිබෝ ශ්යාඕ ඡාන්ගේ අත අල්ලාගෙන ඔවුන් දෙදෙනා වෙරළෙහි ඇවිදිමින් සිටින අතරේ වන්ග් යිබෝ ඇසුවේ ය. “අපිට තව ටිකක් ඇවිදින්න පුළුවන්.“ ශ්යාඕ ඡාන් කී විට යිබෝ එකඟවෙමින් හ්ම් හඬක් නැගුවේ ය.ඔවුන් දෙදෙනා ඇවිදිමින් සිටින අතරේ නිහඬ බව ඔවුන් පිරවූ අතර අවට වූයේ තෙත වැලිවල ගැටීමට පැමිණෙන මුදු රළවල හඬ පමණක් විය. ඒ වනවිට තරමක් ප්රමාද වී තිබූ බැවින් අනෙක් පිරිස් සිය හෝටල කාමරවලට ගොස් තිබුණි.
YOU ARE READING
1438 -- Sinhala Translation
FanfictionAll credits of the story must go to the real owner of the story. @Endless_Infinity I'm just translating it into Sinhala. විවාහ වූ යුගලයන් අතර පවා මතභේදාත්මකභාවයන් සහ ගැටුම් පවතී. වන්ග් යිබෝ සහ ශියාඕ ඡාන් ඉන් බැහැරට අයත් වූවෝ නොවූහ. (SHORT STORY) *J...