Chapter 06

87 17 3
                                    

“ඇත්තට?“ හිරුගේ ගිනිගෙන දැවෙන උණුසුමෙන් සිය මුහුණ ආවරණය කරගැනීමට අත යොදාගනිමින් වන්ග් යිබෝ කීවේ ය. ලවණමය මුහුදු වාතය අවකාශය පිරවූ අතර ඔවුන් දෙදෙනාගේම දෙපා මුහුදු වෙරළෙහි වූ ශ්වේත වැල්ලෙහි ගිලී ගියේ ය. “මං ළඟ ප්ලෑන් තියෙනවා, අපි ඒවා කරන්න ඕන.“ වන්ග් යිබෝව පිරිස අඩු පෙදෙසකට ඇදගෙන යන අතරේ ශ්‍යාඕ ඡාන් විරිත්තුවේ ය.

“හරි, මං සේරම ශෙඩූල් එකේ දාගෙන ඉන්නෙ.“ ශ්‍යාඕ ඡාන් සිය ගමන් මල්ල පීරා ඔහු විසින්ම අලංකාර අත්අකුරින් ලියන ලද සලකුණු කළ හැකි ලැයිස්තුවක් වන්ග් යිබෝට පෙන්වූයේ ය.

∆ මුහුදු රළ මත යාම
∆ බනානා බෝට්ටුවෙහි යාම
∆ දූපත් අතර ගමන් කිරීම
∆ හුස්ම ගැනීමේ යන්ත්‍ර සමග කිමිදුම් (ස්කූබා ඩයිවින්ං)
∆ වැලි මාලිගා සෑදීම
∆ මුහුදු වෙරළෙහි සම්භාහන මධ්‍යස්ථාන

ලැයිස්තුවෙහි වූ අවසාන කරුණු දෙක කියවූ වන්ග් යිබෝ මහ හඬින් සිනහසුණේ ය. ශ්‍යාඕ ඡාන් ඔහුගේ ප්‍රතිචාරය දැක සිය සැමියා වෙත රැවුවේ ය. “ඇයි ඔයා හිනාවෙන්නේ?“

“වැලි මාලිගා හදන එකයි, ස්පා එකයි?“ ඇත්තට?“ ඔහු නාසයෙන් හඬක් නිකුත් කළ විට ශ්‍යාඕ ඡාන් තරහින් මෙන් හුස්ම ගත්තේ ඊට එකඟ නොවෙමින් මුව උල්කරගනිමිනි. “මොකක්ද ඒකෙ තියෙන විහිළුව? අපි මේ දේවල් කරන්න පුරුදු වෙලා හිටියා. ඔයා දන්නවනෙ?“ ඔහු ඊට විරුද්ධ බව පළකොට වන්ග් යිබෝට පසුපස හරවා සෙවණක් වෙත ඇවිද ගියේ ය.

ඔහු තවත් විහිළු නොකළ වන්ග් යිබෝ සිය සැමියා පසුපසින් ගියේ ය. ඔවුහු ගෙන ආ දේවල් බිම තබා පැදුරක් වැල්ල මත එළුවේ ය. “ඒ වුණාට සර්ෆ් බෝඩ් කොහෙද තියෙන්නෙ?“ යිබෝ සිය කමිසය ඉවත් කරමින් ඇසුවේ ය. ශ්‍යාඕ ඡාන්ගේ දෙකොපුල් රත් පැහැ වූ අතර ඔහු සෙමෙන් තමාටම ශාප කරගත්තේ ය. ඔහු ඒවනවිටත් යිබෝගේ සිරුර නොයෙක් වර දැක තිබුණත් ඔහු තමාවම රතුවීම වළක්වා ගත නොහැකි විය. ඔහුගේ සැමියගේ උදර මාංශපේශී බෙහෙවින් ආකර්ෂණීය විය.

“මං දැනටමත් කුලියට අරන් තියෙන්නෙ.“ ඔහු ඉවත බලමින් කියා මල්ලෙහි වූ යමක් සොයන බවක් හැඟවීය. “ඇයි ඔයා ලැජ්ජවෙන්නෙ?“ යිබෝ ඔච්චම් කරන ස්වරයකින් ඇසූ විට ශ්‍යාඕ ඡාන් රතුවූ මුහුණකින් ඔහුට රැව්වේ ය. “ක..කවුද? එහෙම දෙයක් නෑ!“ ඔහු සිය පය වැල්ලහි හපා ඉවත බැලුවේ ය. අවසානයේ වන්ග් යිබෝ ප්‍රබෝධවත්ව සිනහුසුණු අතර ඔහුට මෙවැනි සැහැල්ලුවක් පෙර දැනී නොතිබුණි.

1438 -- Sinhala TranslationWhere stories live. Discover now