Chapter 08

83 15 11
                                    

ශ්‍යාඕ ඡාන්ට ගල් කැබලිති හා විශාල ගල් කැබලි කෙරෙහි වූ ආශාව තුනී වී කම්මැලි බවක් දැනුණු නිසා නැගී සිට සිය කලිසමෙහි වූ දුහුවිලි පිස දැමුවේ ය. ඔහු තවමත් දුරකතන ඇමතුමට සම්බන්ධ වී කාර්යබහුල වී සිටින සිය සැමියා දෙස හොරෙන් බැල්මක් යොමු කළ විට ඔහු නොදැනුවත්වම කටුක සිනාවක් පෑවේ නැවතත් ගස දෙසට යන අතරේ ය.

ඔහු සිය අතැඟිලි ගසෙහි රළු අත්තක් මත දිවවමින් සියුම් තනුවක් මිමිණුවේ ය. “දැන්, ඔයා කොහෙද හිටියෙ,” ඔහු තමාටම කොඳුරමින් ගසෙහි කොටා තිබූ සංඛ්‍යා පෙළ සෙවීමට වූවේ ය. ශ්‍යාඕ ඡාන් ඉහළ බැලූ විට ඔහුගේ මුව මත සිනාවක් නැගුණි.

ඔහු එදෙසට ළඟා වී ඉලක්කම් මුදුව ස්පර්ශ කළේ ය. යථාර්ථය නැවතත් ඔහුගේ මනසට ගලා ආ විට ඔහුගේ හදවත වේදනාවට පත්විය. හෙටදින, ඔවුන් දෙදෙනා වෙනුවෙන් කිසිවක් ශේෂ නොවනු ඇත. ඔවුන්ගේ මනසෙහි වූ බිඳීගිය මතක පමණක්...  ඔහු මුදුව සුසුමක් හෙළා සිය අත ආපසු ගත්තේ ය. ශ්‍යාඕ ඡාන් මදක් එබී බැලූ විට යිබෝ තවමත් දුරකතනයෙහි එල්ලී ගෙන සිටිනු දුටුවේ ය. ඔහු සිය බැල්ම වෙනතකට යොමු කර දුහුවිලි පිස දා ලූවේ ය.

ඔහුට එකවරම හුස්ම සිරවුණු බවක් හා හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනුණි. ශ්‍යාඕ ඡාන් එක් අතක් ගසෙහි කඳට තබාගනිමින් ඊට වාරුවූයේ අනෙක් අත සිය පපුව මතින් තබාගනිමින් සිය හුස්ම ගැනීම පහසු කරගැනීම කටයුතු කරමිනි. “නෑ.නෑ දැන් නෙවේ.....” ඔහු හති දැමූ අතර ඔහුට දැනුණේ තම දණහිස් දුර්වල වූ බවකි. ඔහුගේ පපුව රිදුම් දුන් අතර ඔහුගේ පෙනහළු කුමන හෝ ලෙසකින් සිරවී තුබුණි.

ශ්‍යාඕ ඡාන් සෙමින් හිඳගෙන ගසට වාරුවූයේ ය. “අනේ, කරුණාකරලා..” ඔහු තමන්ට කොඳුරමින් සිය සාක්කුවෙන් කුඩා බෝතලයක් අතට ගත්තේ ය. ඔහු තරමක බෙහෙත් ප්‍රමාණයක් සිය අතට දමාගෙන ඉක්මනින් ඒවා සිය මුව තුළට ඔබා ගත්තේ ය.

ඔහු නැවතත් බෝතලය සිය සාක්කුවට දමාගෙන සුවපහසු ඉරියව්වකට මාරු වූයේ ය. මිනිත්තු කිහිපයකට පසුව ඔහුගේ හුස්ම ගැනීම යථා තත්ත්වයට පත් වූ විට ඔහු සැනසුම් සුසුම් හෙළුවේ යිබෝ තමා මෙවැනි දුක්ඛිත ලෙසකින් සිටිනු නොදුටු නිසාවෙනි. ඔහු තරමක වේලාවක් එතැන හිඳ සිටි අතර ඔහු සිය සැමියා ආපසු එනු නොදුටුවේ ය. “ඔයා මොනා ද මෙතන කරන්නෙ? ඇයි පැදුරෙ ඉඳ ගත්තේ නැත්තෙ?” යිබෝ ශ්‍යාඕ ඡාන්ගේ පසෙකින් පහත් වෙමින් ඇසුවේ ය.

1438 -- Sinhala TranslationWhere stories live. Discover now