16TH DESSERTS PLATE

740 172 82
                                    

ජාන් දවසම කලේ එයාගේ නට් බකට් ලගට වෙලා තනියම කියව කියව හිටිය එක...ජාන් එයාටවත් මතක නැති තරම් නට් බකට්ට කිස් දුන්නා....නට් බකට්ගේ ඔලුව අත ගෑවා...හවස් වේගෙන එනකොට ජාන් ගිහින් උනු වතුර අරන් ඇවිත් නට් බකට්ව සම්පූර්ණයෙන්ම උනු වතුරෙන් තෙත මාත්තු කරලා අලුත් ඇදුමකුත් ඇන්දෙව්වා...ජාන් එයාට ලෙඩ වුනාම බින් එයාව බලා ගන්නවා වගේ හැමදේම බින්ගෙනුත් අහගෙන තනියම කලා...අන්තිමට නට් බකට්ගේ නලල ටික ටික රත් වේගෙන නට් බකට්ට උන හැදීගෙන එනකොට ජාන් නට් බකට්ගේ ඔලුවට Cologne දාලා මසාජ් කලා...එයාට පුලුවන් උපරිමෙන් එයා එයාගේ නට් බකට්ව බලා ගත්තා...බින් වගේම චෙෆ් කුවාන් ජාන්ට උදව් වෙන්න ආවත් එයා කැමති වුනේ නෑ එයාලවත් එයාගේ නට් බකට්ව අල්ලනවට...කොහොම හරි ජාන් උදේටවත් නොකා හිටිය නිසා බින් බලෙන්ම කවන්න හැදුවත් ජාන් ඒක කෑවෙත් නෑ....නට් බකට් නැගිටිනකන් එයා ලගට වෙලා ඔහේ බලන් හිටියා....

                  අනේ ඉතිම් ජානුත් නට් බකට් ළඟින් එයාලව එලව ගත්ත එකේ අලුත් ජෝඩුව නම් හොදට පෙම් සුව විදිනවා....බින් ජාන් කිව්ව නිසා නට් බකට් නැගිට්ටොත් පොවන්න සුප් එකක් හදන්න කිචන් එකට ගිය වෙලාවේ අපේ හෙඩ් චෙෆ් නිකමට ඔය පැත්තට බෙල්ල දාලා බැලුවා...මෙන්න බින් ඉන්නවා ෆ්‍රිජ් එකට එබීගෙන පස්ස උඩ තියාගෙන...ෆ්‍රිජ් එකම අනිත් පැත්ත ගහන් එයා මොනවදෝ හොයනවා....ඕක දැක්කම කුවාන්ටත් නිකන් ඉන්න බෑනේ තියෙන කඩි කුලප්පුවට ගිහින් පැන්න ගමන් බින්ගේ පශ්චාත් බාගෙ අත් දෙකෙන්ම අල්ලලා මිරිකුවා...ඒක නම් බින්ට රිදුනා හැබැයි කුවාන්ටත් නිකන් ස්පොන්ජ් එකක් මිරිකුවා වගේ බින්ගේ පශ්චාත් බාගේ අහු වුනා....මේ මනුස්සයා සද්ද නැතුව ඇවිත් ඇගට පැන්නම බින් ගැස්සිලා ගිහින් ඔලුවත් වද්ද ගත්තා මදිවට අර මෝඩයා අල්ලපු එකත් රිදුනා...යක්ශා වේශයෙන් කුවාන් දිහා හැරෙනකොට මිනිහා ඉන්නවා දත් තිස් දෙකම එලියේ දාගෙන හිනා වෙවී...දිව්වොත් ලග ඉන්නකොට කනවට වඩා සැරට කන්න වෙනවා කියලා මේ ටිකට තේරුම් අරන් හිටිය නිසාම චෙෆ් කුවාන් සද්ද නොකර අහින්සක හිනාවක් එක්ක බලන් හිටියා....ආවේස වෙලා උන්න බින් හැරුන ගමන් අතේ තිබ්බ ලීක්ස් ගස් දෙකෙන් කුවාන්ට ගහගෙන ගහගෙන ගියේ මනුස්සයට දුවන්න ඕන කොහෙටද කියලත් අමතක වෙලා යනකොට....

MY DESSERTS PLATE (YIZHAN - short Story - completed  )Where stories live. Discover now