_20_

2.4K 427 72
                                    

" කොහෙද ගියේ ආාාාා.යන තැනක් කියලා යන්න දන්නේ නැද්ද "

නැවත මාලිගාව ට ආපු ටේ හ්‍යොයන්ග් ව මූනටම මුන ගැසුනු ජන්ග් කුක් ටේගේ ඇගට කඩා පනින ගමන් කෑගහැහුවේ ටේ හ්‍යොයන්ග් තවත් එයාව ගනන් නොගෙනෙම ඉස්සරහට යද්දී

" ඔහොම නවතිනවා ටේ හ්‍යොයන්ග්..මට දෙපාරක් කියන්න තියන්න එපා.කොහෙද ගියේ කියනවා "

වැඩිවෙන කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරන ගමන් ජන්ග් කුක් කතා කලේ ටේ හ්‍යොයන්ග් ගේ මේ හැසිරීම එයාව තව තවත් කේන්ති ගස්සන නිසා

මොකද ජන්ග් කුක් විතරයි දන්නේ එයා මේ දවස් කීපය කොච්චර අමාරුවෙන් ද ගත කලේ කියලා.අඩුම කෝල් එකකින්වත් එයාට ටේ හ්‍යොයන්ග් ට කතා කරගන්න බැරුව ඉද්දී එයාට පිස්සු හැදුන් නැති ටික විතරයි.ඉතින් ටේ හ්‍යොයන්ග් ගේ මේ හැසිරීම ඉස්සරහ ජන්ග් කුක් ට කේන්ති යන එක අහන්න දෙයක් ද

" මං මොකටද මං යන එන තැන් ගැන ඔයාට කියන්නේ?? ඔයා මගේ කවුද? "

ටේ හ්‍යොයන්ග් එහෙමම නැවතිලා ඇහි බැමකුත් උස්සන් ගමන් ජන්ග් කුක් ගෙන් ඇහුවේ කිසිම හැගීමක් නැති කෙනෙක් විදියට

" හහ්.. ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නේ ආාාාා තමුන් මං ආදරේ කරන කෙනා.. තමුන් ගැන මං හොයලා බලන්නේ නැතුව වෙන කවුරු හොයලා බලන්න ද "

" ආයේ එහෙම කරන්න එපා.මං ගැන හොයලා බලන්න තව ගොඩක් අය ඉන්නවා.. සෝ ඔයා ඒ ගැන වද වෙන්න එපා.. අනික ආයේ මගේ පස්සෙන් ඇවිල්ලා මට වද දෙන්නත් එපා "

ටේ හ්‍යොයන්ග් අන්තිම වචන ටික ජන්ග් කුක් ගේ මූනට දමලා ගහලා කියලා යන්න හදද්දී තවත් කේන්තිය පාලනය කරගන්න එක අපහසු වුන ජන්ග් කුක් ටේ හ්‍යොයන්ග් ගේ අතින් අල්ලලා ඇදලා අරන් බිත්තියේ වැදෙන්න තල්ලු කරලා දැම්මේ ඇස් වලින් ගිනි පිටවෙද්දී

බිත්තියේ කොන්ද ඇනෙනවත් එක්කම ටේ හ්‍යොයන්ග් ගේ මුවින් සිහින් කෙදිරියක් පිටවුනේ දනුන වේදනාවට.යන්තමට ඇස් ලා කදුළු පටලයකින් වෙලෙද්දී ටේ හ්‍යොයන්ග් ට තේරුනා එයා එහෙම කතා කරලා කරගත්තේ ලොකු වැරද්දක් කියලා

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓Where stories live. Discover now