2. "යිංහුආ" ඇය විණි.

42 4 2
                                    


රුහිරයෙන් තෙත් වුණු බිමක් මත පිය සටහනක් වදින දවසක් ගැන හීන නොපතපු තරම්.
ඒත් එවැනි දේ සිදුවීමට වියහැකියාව අති මහත්.
හදිසි කෝපය, විරහව, පලි ගැනිමේ ආශාව කියන හේතුන් වල අවසන් ප්‍රතිඵලය උනෙත් මහත් වූ යුද්ධයක් වගේම මරණයක්.

යිලිං භූමදාන කන්ද මත පයක් තබන හැම මොහොතකම දෙසවන් හරහා යන මනඃකල්පිත කෑ ගැසීම් දැන් මට හුරු වෙලා.
ඉස්සෙල්ලාම මින්ජූ පියාණන්ගෙ සුලැඟිල්ලේ එල්ලිලා මේ බිමට පය තබපු දවස කවදාවත් අමතක නොවෙන්නත් හේතුව මේකමයි.
එදා පියාණන්ගේ පිට කබාය තදින් අල්ලං ඇඩුව මමද අද ඉන්නෙ කියන එක හිතාගන්න අමාරුයි.
ජීවිතේ පලවෙනි වතාවට ආයුධ පුහුණුවට පියාණන් සමඟ එකඟ උනේ මේ භූමදාන කන්දෙන් නැගුනු මනඃකල්පිත කෑගැසීම් වල පිටුපස වැලලි තිබුණු මතකයන් වල ප්‍රතිඵලයක් විදිහට.

සාධරණත්වයේ හා යුක්තියේ රාජධාණියේ අනාගත උරුමක්කාරියත් තවත් තලයකට ජීවිතේ ලිවිය යුතුමද.
පියාණන්ගෙ හදිසි කෝපය හමුවේ රුහිරු පිපාසාවෙන් උරණ වූ බාශියාව කඳන් වලින් හිස් වෙන් කරන දසුන් නිසාම තලයක් කෙරෙහි තිබු ආසාව නැති වෙලා ගොඩක් කල්.
නමුත් හැමදේටම විසඳුම් තියෙනවා.
මේ ගැටලුවට විසඳුම විදිහට තමා මගේ "යිංහුආ" මගෙ අතට ලැබුණේ.

මගේ සුළු පියා, ආ-සන්ග්ට ස්තූතිවන්ත වෙන්න පුංචි කාලෙ ඉදන්ම අවන්පත් ගැන හැම අංශුමාත්‍රාවකම තොරතුරු ඉගෙනගන්න මට පුළුවන් උනා.
ආපෝ ධාතුවෙන් උපත ලැබුවත් හැමදාම මගේ හිත බැඳුනේ වායෝ ධාතුවත් එක්ක.
මේ දේවල් වල පන්නරය මට "යිංහුආ" ව තෝරගන්න උදව් කරා.

ටෙසෙන්...
යකඩ සැකිල්ලක් සහිත තලයන්ගෙන් නිමවූ අවන්පත.
නිහෝනයේ ඉදන් මගෙ අතට එන්න දින ගණනාවක් ගත උනත් ඇයව පළමුවෙන්ම ස්පර්ෂ කල දවස කවදාවත් අමතක වෙන්නෑ.
ඒ තියුනු සියුම් තලයන් වල ගැබ්ව තියෙන ආත්මීය ස්වරය, රුහිරු නාල දිගේ මගෙ හදවතටම කා වදින්න තරම් දක්ශ උනා.
ඇය ලස්සනයි.
යකඩින් තැනූ සැකිල්ල අතරින් සියුම් ධවල සේද රෙදි වලින් ඇයව සරසලා තිබුනා.
ඒ රෙදි කඩ මත රෝස පැහැයෙන් "චෙරි මල්" සිතුවම් කරල.
යකඩ සැකිලි එකතුවූ කෙලවර ධූසර සායම් පෙවූ සිනිදු සේද වූල් නූල් එක් කර තැනූ මනරම් ආයිත්තමක් එල්ලා වැටෙන්න සලස්වලා.
ඇයව අතට ගත් මොහොතෙම මගේ තොල් පෙති වලින් එලියට ආවෙ "යිංහුආ" කියන වචනය.
මැය වෙනුවෙන්ම මට වෙනමම සටන් කලාවක් පුහුණු වෙන්න සිදු වුනා.
ටෙසෙන්ජට්සු වලට පලමු පියවර තැබුවේ ඒ විදිහටයි.

සමුරායි වීරවරුන් අතර ඉතා ප්‍රචලිත වුණු, යුද්ධයන් වලදි නොවැරදීම පාවිච්චි කල ප්‍රධාන පෙලේ ආයුධයක්, ටෙසෙනාව.
සාමාන්‍යයෙන් යකඩ සැකිල්ල අටක් හෝ දහයක් දක්වා බෙදී තිබෙන අතර සෑම බෙදුමක් කෙලවරම යකඩ තලයක් සවි කරලා තියෙනවා.
යම් ටෙසෙනා වල විශේෂත්වය නම් තලයන් අවැසි ආකාරයට ගලවා නැවත සවිකරන්න පුලුවන් වගේම විස පොවන ලද තලයන්ද භාවිතා කරන්න පුලුවන්.
ටෙසෙනාවක් නිසියාකාරව පුහුණු වී සටන් කරනවා නම් එක් අවන්පත් පහරකින් දසදෙනෙකුගේ වුවද එකවර දිවි තොර කරවීමෙ හැකියාවක් තියෙනවා.
මෙම ශිල්පය හැදෑරීමේදිත් ඉතාම සුපරික්ෂාකාරී වියයුතුයි වගේම අධි සංවේදනයක් තිබිය යුතුමයි.
ධ්‍යානය පරිපූර්ණ කිරීමේදි මෙන් මෙහිදීද සය ඉන්ද්‍රියයන් මනා සංයමයකින් හසුරුවන්න වෙනවා.

මම යිංහුආ ව පුරුදුවෙන්න තෝරගත් තැන තමා යීලිං භූමදාන කඳුපන්තිය.
සටන් බිමක් කියන්නෙ සාමදාන නිස්කලංක භූමියක් නෙවෙයි.
එවැනි අවස්ථාවකදි ඉන්ද්‍රියන් හසුරුවන එක ඉතාමත් අපහසුයි.
ඉදින් ඒ සඳහා පෙර පුහුණුවක් ලබාගන්න සුදුසුම තැනයි මේ.
දස අවුරුදු කාලයක් මුලුල්ලේම සෑම දිනකම මම මේ භූමියට එනවා.
මගේ ශරීරයේ කිනම් හෝ ස්ථානයක තැන්පත්ව සැඟවී තිබෙන ආවේශිත හරය මුලින්ම දැනෙන්න පටන් ගත්තෙ මෙතනදි.
ඒ දේ ප්‍රතිඵලයක් විදිහට සාමයක් නොලද ආත්මයන්හි බියකරු සංසාරික හඬවල් මට ඇහෙනවා.
ඒ තුලින් ඉන්ද්‍රියන් හසුරුවන විට මනසට දැනෙන ආධ්‍යාත්මය හරිම වෙනස්.

කඳුපන්තිය හරහා වෙනදා වගේම සැඩ සුලං හමන්න පටන් අරං.
වස්සාන කාලයේ ආරම්භය හින්දා වෙන්න ඇති ඉහලින් ඇති අහස වෙනදාටත් වඩා අඳුරුයි.
කින්හේ වල මගේ සුපුරුදු නිවහන වෙත යන්න වෙලාව මන් දැනගන්නෙ මේ සුලඟින්.
සෑම දිනකම මම කඳු පන්තියෙන් නික්මයන්න මොහොතකට පෙර නැවත හැරී බලන්නෙ සුළැඟිල්ලක් අල්ලාගෙන ඉන්න පුංචි දරුවෙක්ගෙ අතක් මැවිල පෙනෙන දසුන දෙසයි.

මින්ජු පියාණන්ගේ මතකයන් වලින් පිරුණු මේ බිමට මම හැමදාමත් ආදරෙයි...♡

🌸නායක ත්‍රිත්වයේ දියණිය🌸Where stories live. Discover now