"ඇය උරුමයන් ත්‍රිත්වයක හිමිකාරියක්."
"පියා මෙන්ම මුණිවත රකින්නියක්ලු ඈ බොහෝවිට."
"ධූසර-නීල-රන් හුයෙන් සලු ලන ඇය දෑහිඟුල් තිලකයත් ගූසු නලල් පටත් පලදිනවා ලු"
"ඇය තලයක් අරබයා රන් හරය ප්‍රගුණ කරන්නියක් නොවේ ලු"
"නිසැකවම ඈ හිස උදුම්මුවා ගත් එකියක් විය හැකියි"පෘතග්ජනයා සැමවිටම ඔවැනි නොවේද...
ඇත්තෙන්ම මා සිත රිදුනද...
නෑ, කොහෙත්ම නෑ.
මන්ද ඒ වචන මට අමුතු දේවල් නොවුනු බැවින්.
ඔවුන් හන්දා දුක් වූ කාලයන් නොතිබුනාම නොවේ.
නමුදු,
මා තනි නොකිරීමට උත්සහ ගත් කීප දෙනෙකුන් උන්නා.
ඒ කීප දෙනා නිසාවෙන් අද මම මෙහෙම ජීවත් වෙනවා.මේ තමා මාන්නක්කාරයින්ගේ පුදබිම...
බොහෝ පිරිසක් මග දෙපස බලා සිටිනවා.
මොහොතකට දැනුනු හරි අමුතු තිගැස්මක් නිසා සිචෙන් පියාණන්ගේ වමත්ල වටා එතී තුබුණු මාගෙ සුරත මා තවත් දැඩිව වෙලා ගත්තා.
මා දෙස සෙමින් හැරී බැලූ ඔහු පෑ මදහස මට සහනයක් ගෙන දුන් නිසා හොඳ හුස්මකින් ලය පුරවාගත් මා,
ඔහු සමඟ පියගැටපෙලට පය තැබුවා.ඉතාමත් කුඩා කාලෙ සිටම මම මේ බිමට පැමිණියත් බොහෝ පිරිසකගේ නෙත ගැටීමට පටන් ගත්තේ මීට සය සත් වසකට පමණ පෙර සිට.
ඇත්තෙන්ම පියවරුන් තිදෙනම සමග ගත කල කාලයේ මම වැඩිමනක්ම හැදුණේ ගහකොල සමඟ.
ඔවුන් තිදෙනාගෙන් එක් අයකුද හෝ මාව පිටස්තරයින්ගේ බැල්මට හසුවනවාට බොහෝසෙයින් අකැමති වූවා.
පෙරකල මා නොයෙක් වර ඒ මන්දැයි ඇසුවත් ඔවුනෙකුන්වත් හරි හැටි පිළිතුරක් නොදුන්නා.
නමුත් දැන්...
දැන් මට වැටහෙනවා ඒ ඇයි කියල.
ඔවුන් හරිම පරෙස්සමට මාව හැදුවා.
කිසිඳු අයතා දෙයකට මගේ සිත වියවුල් කරන්න ඉඩ දුන්නේ නැහැ.මේ පුදබිම සිපගන්නාවූ පියොනියන් අතිශයින්ම මනරම්.
තුහින මධ්‍යයේ නිදන් ගත පුළිඟු කැටයන්ට සමානාකාරයේ රූප ආවේණියක් හිමි පියොනියන්ගෙන් පියගැටපෙල දෙපස හැඩ වෙලා.
එකල ඔවුන් තිදෙනාට තුරුල් වී මේ පියගැටපෙල නගින විට මම ගොඩක් වෙලාවට පියොනියන්ට අත දිගු කරනවා.
ඒවාට ඇඟිලි තුඩකුද හෝ තැබීම නීතියට පටහැනි වූවත් මින්ජු පියාණන්ට මගේ ආශාවන් හමුවේ ඕනෑම නීතියක් කඩකිරීමේ හැකියාවක් තිබුණා.
ඔහු හරිම විශාලයි. පෘථූලයි.
දිගු ශක්තිමත් දෑත් වලට හිමිකම් කීවා.
ඉදින් ඔහුට ඒ පියොනි මිටක් නෙලා ගැනීම මහා කාර්යයක් වුනේ නෑ.
ඔහු සෑමදාම ඒ දේ කරා.
මමත් ඒ ගැන දන්නා නිසාම මෙහි පැමිණි හැමදිනකම ඒ දෙසට අත දිගු කලා.
ඇත්තෙන්ම මේ පියගැටපෙලට එන මග ලස්සන කරපු තවත් දෙයක් තමා, දෙපස ඇඳ තිබෙන සිත්තම්.
බොහෝවිට ඒ සිත්තම් වල අර්ථයන් වන්නේ නොයෙක් නොයෙක් ආකාරයේ අතීත නායකත්වයන්හි වෘතාන්ත.
රන් පැහැයට සමාන වූ පීත පැහැයක් ආලේපිත බැමි මත කැටයම් වූ සියලු කතාන්දර මට එකක් නෑර කියලා දුන්නෙ සිචෙන් පියාණන්.
ඒ මාර්ගයේ ඒමට පටන් ගත්ත මොහොතේ ඉදන් පියගැටපෙල ලඟට එන තුරුම ඔහු මට ඒ දේවල් හරි ලස්සනට විස්තර කරා.
හැමදාම එකම කතාන්දරය උනත් ඒ කතාන්දර තුල ගැබ් වුනු අනු කතා, උප කතා යනාදි බොහෝ දේවල් වලින් ඒ පියගැටපෙල නගින ගමන ලස්සන උනා.
සමහර වෙලාවලට මින්ජු පියාණන් පුදුමයෙන් සිනාසෙන්නෙ සිචෙන් පියාණන්ගෙ වූ මේ හැකියාවට.