තනිකමත් නිදහසත් අතර දෝලනය වන ජීවිත කෙබඳු වන්නා ඇත්ද...
චිත්තවේගයන් ගොන්නක් හිරවුණු අවකාශයක් මැද එක් කෙලවරක තනිකමත් අනෙක් කෙලවරේ නිදහසත් පෙනෙන විට විඳවනවාද විඳිනවාද කියල නිශ්චිත තීරණයක් ගන්න බැරිව සිටින අයවරුන්, ඔවුහු වෙති.
බැඳීම් සමඟ තවදුරටත් ගණුදෙනුවක් නොමැති තැන නිදහස විඳින ඔවුහු, පහු වූ බැඳීම් වල මතකයන් සමඟ ගැටෙන කල්හි තනිකමින් බැට කන්නාහූය.කොතෙක් උත්සහ කලත් දෑස් මායිමේවත් නින්දක සලකුණු නැති නිසාත් හිතට දැනුණු නොසන්සුන්කම නිසාත් තානායමේ සයනයෙන් නැගිටි මම තරප්පු පේලිය ඔස්සෙ පහලට බැස ගියේ හුලං ටිකක් වැදුනොත් මේ ගතිය නැති වේවියැයි හිතලා.
යුන්මෙන් එන හැම වාරයකදීම මමත් සිචෙන් පියාත් චෙන් මාමණ්ඩියත් සමඟ යුන්පින් වෙලඳ නගරයට එන්න අමතක කරන්නෑ.
සාඉයි, යිලිං වගේම යුන්පින් කියන්නෙත් මනබඳනා වෙලඳ නගරයක්.
දිවා කාලෙට බඩු විකුණන්නන්ගෙන් වගේම විවිධාකාරයේ පුද්ගලයින්ගෙන්, සංචාරකයින්ගෙන්, කුල පුත්රයින්ගෙන් පිරුණු යුන්පින් බොහොදුරට කලබලකාරි වුවත් සුහද සිනාහඬවලින් පිරිල.
අතීතයේ යම් සිදුවීම් නිසා විනාශ මුඛයට පත් වුනත් ජියන් වංශනායක වුණු ආ-චෙන් මාමණ්ඩිය මෙම වෙළඳ නගරය ප්රතිසංස්කරණය කරල නව මුහුණුවරක් දුන්නා.
කෙසෙ නමුත් යුන්පින් දැන් පෙරටත් වඩා දියුණුයි වගේම ලස්සනයි.තානායමෙන් එලියට ආ මම ප්රධාන විදියෙ දිගේ ඉදිරියට මද දුරක් ඇවිද යනවිට රාත්රීකාලයේදි පමණක් විවෘතව තබන තැබෑරුමකට ගොඩ වුණා.
නෙක නෙක විද යුන්මෙන් මත්පැන් වල ගන්ධයන් අතරින් නාස් පුඩු වලට දැනුනේ ඒ සුපුරුදු සුවඳ.දහතුන් වන වියේදි පමණ එය පලමු වරට තොල ගෑවුණ විට දැණුනේ යම් තිත්ත රසයක් වුවත්, නැවතත් රස බැලීමට තිබූ ආසාව හන්දම මින්ජු පියාණන්ගේ ප්රණීත ස්ප්රීතු ගබඩාවට හොරෙන් රිංගා නැවත වරක් උත්සහ කලේ රස සම්බන්ධයෙන් තිබූ කුතුහලයටයි.
ඇත්තටම හරි අමුතු හැඟීමක් දැනුනත් උගුරක් උගුරක් පාසා ඒ රස මාව මන්මත් කරා.
මත්පැන් සම්බන්ධයෙන් එවැනි අතීතයක් තියෙන මගේ රුධිරයේ මධ්යසාර දරාගැනීමේ හැකියාව සාමාන්ය ස්ත්රියකට සාපේක්ෂව සැලකිය යුතු තරමක් ඉහළයි.