8. සුන්දර වේදනාව

10 1 0
                                    


වේදනාවත් වෙලාවකට හරි සුන්දරයි.
හදවතට වැදුන හිතට දැනෙන විදිහෙ දෙයක් කරන වෙලාවලට ඒ දේ නිසා ඇතිවන වේදනාවන් වල අගයක් තියෙනවා.
ඒ වේදනාව දැනෙන්න හේතු වුණු තුවාලය සුවපත් වෙලා කැලලක් බවට පත් උනත් දවසක ආයෙත් ඒ කැලල දිහා බලද්දි පහුවුණු ලස්සන මතක සාගරේක කිමිදෙන්න පුලුවන්.

යුන්මෙන් නෙළුම් කලපුවේ මැදට වෙන්න පිහිටලා තිබුණු එලිමහන් විවේක පියස නිදහසේ සැහැල්ලුවෙන් යමක නිරත වෙන්න කදිම තැනක්.
ඉස්සර නම් සෑම දිනක් පාහෙ ම සුද්ධ පවිත්‍ර වෙන මේ කුටිය දැන් පිරිසිදු වෙන්නෙ සතියකට වතාවයි.
මෙතනට ආ-චෙන් ඇරුණම අවසරයකින් තොරව පැමිණීමේ හැකියාව තියෙන්නෙ මටත් තව එක් අයෙක්ටත් පමණයි.
මන් කුඩා කාලේ දුටුවා සේම අදටත් ලස්සනට මේ තැන් තිබුනත් එක් අඩුවක් තියෙනවා.

ආ-ලි නැන්දණිය...
මේ ඇයගේ තැනයි.
කවදාවත් නොදැක්කා වුණත් කතන්දර වලින් අහල තිබුණු විදිහට නම් ඇය හරිම සුන්දරයි.
දුටුවන් නෙත් සැහැල්ලු කරවන පිංවන්ත රුවක් ලු ඇයට තිබුණේ.
සුදු නෙලුම් පෙත්තකට සමාන සුසිනිඳු පැහැපත් සමක් ඇති ඇයගේ මුහුණේ ඉරියව් වල තැන්පත්කමට ඉහලින් යන්න හැකි ස්ත්‍රියක් ගුසු වලවත් හිටියේ නැල්ලු.
තව ස්වභාවයෙන්ම ලජ්ජාශීලි ඇවතුම් පැවතුම් තිබුණත් අවශ්‍ය තැන්වලදි තමන්ගේ බලය පෙන්නන්න තරම් ඇය විනීත නිර්භීත අයෙක්ලු.
මගේ සුලු පියා මට එක සැරයක් කියල තිබුණා ආ-ලි නැන්දණිය අතින් පිලියෙල වුණු නෙලුම් අල- ගං කුකුල් මස් සූපය තරම් රස සූපයක් එයාට තාමත් හම්බුන්නෑ කියල.
ඇය පිලිබඳව මන් අසා තියෙන්නෙ ගොඩක් ලස්සන දේවල්.
අනන්තවත් හිතිලා තියෙනවා මටත් ඒ මතක වල කොටස් කාරියක් වෙන්න තිබුණානම් කියල.
ඒත් එක අතකට මන් ඒ දේ එහෙම නොවුනු එක ගැන මම සතුටු වෙනවා.
මොකද මගෙ හිතට තවත් සමීපතයකුගේ වියෝවයක් දරාගන්න තරම් හැකියාවක් නොතිබෙන්න ඉඩ තිබ්බා.

"ආව්..."
මම පියවි සිහියට ආවේ මේරූ නෙලුම් දඬුවක කටුවක් අතේ ඇණුන නිසා.

අද උදෙන්ම ආ-චෙන් සමඟ පුහුණුපිටියට ගිහින් ඇවිත් කිරීමට වෙන වැඩක් නොතිබුණ හන්දා නෙළුම් වලින් ඉකෙබානා මල් සැකැස්මක් හදන්න හිතුවා.
යුන්මෙන් එන හැම වතාවකම මම කරන දෙයක් මේ.
ඒ දේ නියැලෙන්න තෝරගන්නෙ මේ එලිමහන් විවේක කුටිය.
දවස් කීපයකින් සුද්ධ පවිත්‍ර කරල නොතිබුණ නිසා විලේ පිපී පරවී යන නෙළුම් මල් වල පෙති හුළගේ ගසාගෙන ඇවිත් දැව බිම හැමතැනම වැටිලා.
කලපුවේ මේ හරියේ වැඩිපුර ම පිපෙන්නෙ සුදු නෙලුම් නිසා බිම තිබුනු පෙති වලින් බහුතරයක්ම සුදු පාටයි.
මමත් සුදු නෙළුම් වලින්ම ඉකෙබානාව හදන්න හිතපු නිසා මේ පරිසරයත් ඒකට ගැලපෙනවා.
ඔය අතරේ සිදු වුණු පුංචි අකරතැබ්බය හන්දා සුරතේ දබරැඟිල්ලේ ලේ බිංදුවක් මතු උනත් ඇඟිල්ල මුව තුලට දමාගෙනම මම මගේ ඉකෙබානාවේ අන්තිම කොටසත් නිමකරා.

මොහොතකින් ඉඳ සිටි තැනින් නැගිටලා ගිහින් අත් වැටට බර වුණු මම මඳ සුළං රැලි වල පහස විඳින්න පටන් ගත්තෙ හිතට සනීපයක් දැනෙන්න.
මිනිත්තු කීපයක් පමණ පියැවිලා තිබුණු දෑස් ඇරුණේ මා සොයාගෙන පැමිණි සේවිකාවක් හින්දා.

"කුළ දියණිය, කුළ දියණිය,
නී නායක තුමා පැමිණියා..."
සුපුරුදු පරිදි යුන්මෙන් සේවිකාවන්ටම ආවේණික වුණු කිංකිණි හඬැති කෑගැසිල්ලෙන් මා දැනුවත් කරල ඇය ආපසු දිවගියා.

සුළු පියා, මෙහෙ...
කුමක් කෝ රාජතාන්ත්‍රික කටයුත්තකට ලැන්ලින් ගිය ඔහුව මම මසකින් පමණ දැක තිබුන්නෑ.
පැමිණි සේවිකාවගෙ වේගයට ටිකක් අඩු වේගයකින් මමත් පය ඉක්මන් කලේ නෙලුම් පියස වෙතටයි.

මම යනවිට සිචෙන් පියාණන් හා ආ-චෙන් සමඟ සුලු පියා සතුටු සාමීචියේ යෙදිලා හිටියේ.
එතනට ගිය වනම සිටගෙන සිටි සුලු පියාව මම වැලගත් ආකාරයට සිචෙන් පියාණන් නොහිටින්න අපි දෙන්නම භූමි වන්දනා තමා.
කෙසේ හෝ වේවා මට ඔහුව ගොඩක් මතක් උනා.
ටිකක් වේලා යනකන්ම ඔහුගේ තුරුලේ සිටි මම මදක් ඈත් උනේ සුලු පියාගෙ කබා අත යටින් පැමිණි හඬකටයි.

"සූටික්කෙක්...
කෝ...
ආ-සන්ග්
ඔයා මට සූටික්කෙක්ව රැගෙන ආවද"

ඇත්තටම ආ-සන්ග් වගේම මාත් විහඟ විශේෂ වලට ගොඩක් ආස කරා.
පුංචි කාලෙදි මාත් එක්ක හිටපු පඬු පැහැ සූටික්කා මීට වසර දෙකකට පමණ මිය ගියාට පස්සෙ ආයෙ මම කිසිම විහඟ විශේෂයක් ඇති කරේ නෑ.

"ආ ඔව්.
හැබැයි මේක ඉල්ලීමක් වෙනුවෙන් දෙන්න කියපු දෙයක්.
ආය චිංහ යන්න කලින් ලැන්ලින් වලට ගොඩවෙන්න.
දෙයක් ඔයා එනකන් බලන් ඉන්නවා"

කුඩා කූඩුවක දමාගෙන සිටි ධවල පැහැ සූටික්කාව මගේ අතට දෙන අතරේ ඔහු පැවසුවා.
මේ විශේෂය හරිම දුර්ලභයි.
ඔවුන්ව කොටු වෙන්නෙත් එහෙමත් වෙලාවක.
ඒ වෙනුවෙන් කාලයක් බලන් ඉන්න ඕනි.

විශේෂයක් දැනෙනවා.
අනිවාර්යයෙන්ම එහෙ යන්න ඕනි.
ලැන්ලින්,
ඒ දේ බලන්න මන් ඉක්මනින්ම එනවා...♡

🌸නායක ත්‍රිත්වයේ දියණිය🌸Where stories live. Discover now