හිතට දැණුනු අමුතු හිස්බවක්.
ඉවවහා ගිය සතුටින් ඉන්න හේතු තිබුණත් ඒ කිසිම දේකට හිත පුරවන්න බෑ වගේ.
පෞද්ගලික ආලින්දයේ යිංහුආ සමඟ පුහුණු වීම් කරා.
අද ටිකක් අව් රශ්මිය තිබුණත් අතරින් පතර එන මූසල තෙත් අඳුර, ආලෝකයේ නැවුම්බව නැති කරල.කුටියෙන් එලියට ඇවිත් දිගු බරාදය දිගේ ඇවිදන් ආවෙ කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව.
බලකොටුවක් ම නොවුනත් එවැන්නක් වූ අපරිශුද්ධ රාජධානිය තැනි තියෙන්නෙ විශාල කලුගල් වලින්.
බරාදය දෙපස බිත්ති හරි විශාලයි. ශක්තිමත්.
නී පවුලටම ආවේණික වාස්තු විද්‍යාවකට අනුව හැදුනු නිසාද දන්නෑ මේ බිත්ති වලින් පවා එන්නෙ රුහිරු ගන්දයක්.
සිතුවිලි දහසක් මැද්දෙන් බරාදය කෙලවරටම ඇවිත් අත් වැටට හේත්තු වෙලා පහල මාලය දෙස බලං හිටියා.
හැමෝම ටිකක් කලබලයි.වස්සානයත් එක්කම වසන්ත ඍතුව ඉවර වෙන්න යන්නෙ.
සරත් සමයේ ආරම්භය.
කාලසීමාවන් සයකින් යුත් මේ ඍතුව ඉතාමත්ම කාර්‍යබහුලයි.
වැපිරු බොහොමයක් ධාන්‍ය වර්ගවල අස්වනු අරං ඒත් එක්කම ගිම්හාන භෝගයන් වල වැවිලි කටයුතු පටන් ගන්නේ මේ කාලයේදි.
ඇඳුම් අල්මාරිය ලා පොලෝ පැහැ වස්ත්‍ර වලින් හැඩ කරන්න කාලෙ හරි.යුන්මෙන්...
මේ කාලෙට මන් අහන්න ආසම වචනය.
සරත් ඍතුව ගත කරන්න කදිම ම තැන තමයි ඒ.
යුන්මෙන් නෙලුම් කලපුවේ වතුර වල බැහැල ඉද්දි දැනෙන සනීපය ගූසු වල වලාකුළු මණ්ඩපේ සීත ඇලි වලින්වත් ගන්න බෑ.
කින්හේ, ගුසු, ලැන්ලින් වල තියෙන අච්චාරු වලට වඩා යුන්මෙන් වල අච්චාරු ඇයි එච්චරටම රස.
ඒ වගේම විවිධාකාර විදිහට හැදුනු මියන්තියාඔ, ජියාඔශි වගේ පිටි ආශ්‍රිත කෑම ගැන මතක් වෙද්දිත් මගේ රස නහර ඉලිප්පෙනවා.
එතකොට යුන්මෙන් වලට ආවේණික වුණු නෙළුම් අල-ගං කුකුල් මස් සූපය.
යුන්මෙන් කොමඩු.
යුන්මෙන් හාල් ස්ප්‍රීතුව.
අමතකම කරන්න බැරි අනික් දේ...
ආ-චෙන් මාමණ්ඩියගෙ විශේෂ සරත් ඍතු බෝට්ටු සවාරිය.මේ සියලුම සිතුවිලි මාලාවෙ ඝට්ටනයන් මැද අතරමං වූ මා නැවත් පියවි සිහියට ආවේ මගේ උරහිස මතට දැණුනු උණුසුම් ස්පර්ශය නිසා.
"දූ, අපි හෙට යුන්මෙන් යමු."
මගේ නිහඬ ආදරවන්තයා, සිචෙන් පියාණන්.
ඒ හැකියාව ගැන මට නිර්වචනයක් දෙන්න තරම් ගැලපෙන වචන නෑ.
ඒ තරම් තේරුම් ගැනීමක්.
කුඩා කාලේ ඉදන්ම යාලුවෝ නොහිටපු මට තනියක් නොදැනුනේ මේ අය හින්දා.
සිචෙන් පියාණන් සමඟ ගත කරන සරත් සමයට මම ගොඩක් ආසයි.
පියෙක් තම දියණියට දෙන උපරිම නිදහස ලබා දෙන අතරෙ ඇයව ආරක්ෂා කරනවා කියන්නෙ හරිම අසීරු කර්තව්‍යයක් උනත් මින්ජූ පියාණන්ගෙන් පස්සෙ සිචෙන් පියාණන් ඒ වගකීම හරියටම ඉටු කරනවා.වචන වලින් ස්තූති කරන්න නොතේරුණ නිසා මම ඔහුගේ බඳ වටේ දෑත් යවා තදින් තුරුල් උනා.
හැමදාමත් වගේ මගෙ පිටි කොන්ද පිරිමදිමින් හිස මුදුනෙ හාදුවක් තියන්න එයා අමතක කරේ නෑ.
මේ උණුසුමට මම ආසයි කියනවාට වඩා කෑදරයි කිව්වොත් නිවරැදියි.
නීල-ධවල ගූසු නිල ඇඳුමෙන් එන නැවුම් සමන් පිච්ච සුවඳ මාව පුදුමාකාර විදිහට සංසුන් කරනවා.
කොතරම් වෙලාවක් ඒ විදිහට ඉදියද කියල නම් දන්නෑ.
ඒත් තව ඕනි තරමක් වෙලා යනකන් ඒ පහස තුලින් කිමිදෙන්න පුලුවන් කියල මම දන්නවා."ආදරෙයි...♡"
නොදැනීම මගේ මුවින් පිටවුණු වචනයට පිලිතුරක් ලැබුණත් ඒ දේ සවනේ වැකීමට මත්තෙන් දෑස් පියැවුණේ ලැබුණු පිලිතුර තුල ගැබ් වුණු මායාව නිසාමයි.