5. මදාරා පොකුර

12 1 1
                                    


යමෙකුට යම් දෙයකට යම් සිදුවීමකට හිත විඩා කළ හැකී නොසිතූ මොහොතයන්හිදී.
ඒ දැනෙන විඩාවට හේතුව දුක්ඛයක් හෝ සුඛයක් වීමේ වියහැකියාව හරියටම දෙකෙන් පංගුවයි.
ඉතාමත්ම කුඩා වයසකදි දරාගැනිමට ඉතා අපහසු වියෝවයන් එදිරියේ විඩා වූ මගේ හිතට තවදුරටත් එවැනි ඉරණමක් අත් නොවීමට වගබලාගන්න මට සිදු වුනා.
එවැනි ප්‍රයත්නයක ඵලය වූයේ නව බැඳීම් නොමැති හුදෙකලා ජීවිතයක්.

මට මතක ඇති කලෙක ඉදන්ම මම අන්තර්වර්තික ජීවිතයක් ගත කරන්නට පෙළබුනා.
බාලවියෙ සිදුවු යම් සිද්ධීන් වල කම්පනයන් නිසා සෙනග ගැවසෙන ඝෝෂාකාරි ස්ථානයන්හි සිටීම අදටත් මට බෙහෙවින්ම අපහසු කාර්‍යයක්.
ඒ සියලුම කම්පනයන් හා පීඩනයන් අවසානයේදී මගේය කියා ඉතිරි වූයේ සදාතන විෂාදය සමඟ අතන්ද්‍රතාවයයි.

සරත් සමයේ ආරම්භය කියාපාන්නක් වගේ අද අහස් ගැබ හරිම පැහැදිලියි.
චන්ද්‍ර කලා වලට අනුව අද පයලා තියෙන්නෙ නුපුන්සඳක්.
කුටියෙන් පිටතට විත් ඕක් ලීයෙන් සෑදුනු විශාල ජනෙල් දොරටුව වසා දමා අසල වූ පියගැටපෙලෙ අසුන් ගෙන අපරිශුද්ධ රාජධානියේ තවත් නිස්කලංක රාත්‍රියක අසිරිය විඳගන්නට සිතුවේ නැවත පැමිණෙන දිනක් තවමත් නිශ්චිත නොවන බැවින්.
කින්හේ වාතලයෙන් නැවුම් වා පිඩක් නාස් පුඩු අතරින් යැවු මට දැනුනෙ සමීප ඉතා සුපුරුදු සුගන්ධයක්.

ඔව්,
එයාල ආයෙත් පිපිලා.
වසන්තයේ නික්මයාමට සමු දෙන්න එයාල ආයෙත් ඇවිත්.
ඉදගෙන හිටපු තැනින් නැගිටපු මම ඉක්මනින්ම දිව ගියේ වතු පියොනි යාය පිටුපසට.

මදාරා...
ඇත් දල පැහැයෙන් බබලන, සීනුවක හැඩයක් ගත්, දිගු නටුවක් ඇති, මධ්‍යය රනින් සිත්තම් වුනු දිව්‍ය පුෂ්පය.
පොලෝ තලයේ ඉතා දුර්ලභ, ගුසු වල පමණක් හටගන්නා දේවාශිර්වාද ලැබූ ඔවුන්, කින්හේ වල හට ගත්තෙ අහම්බයෙන්.
මීට විසි එක් වසරකට පෙර තදින් වර්ෂාව ඇදහැලුනු දිනක අලුයම් භාගයේ මෙලොවට නතු වූ ආත්මයක ආගමනයේදි කින්හේ වල ගොඩක් වෙනස් සිදුවීම් සිදුවුනා.
මේ මදාරා ගොමුවේ හටගැන්මත් එයින් එකක්.
මදාරා මල් පිපුණාම ඒ මුලු ප්‍රදේශයම සගන්ධවත් කරවනවා.
පාරිශුද්ධත්වය පක්ෂපාතීත්වය මෙන්ම රාජකීයත්වය ද සංකේතවත් කරන්න ඔවුන් නිසැකයෙන් සමත්.

🌸නායක ත්‍රිත්වයේ දියණිය🌸Where stories live. Discover now