ඔවුහු පවසනා අයුරට නම් නෙතින් ගිලිහෙනා අශ්රයන්, අදාල භාවයනට ඉනංගු වන්නාහ.
සත්යයක්...
විස්තර කිරීමට අපහසු මුත් අත්දැකීම් ලද සත්යයක්.
මේ මොහොතේදි දැනෙන්නේ දුක්ඛයක් මුසු යම් අයුරකට සාපරාධි බවක් හැඟෙන මුත් ඒ සියල්ලටම නිමග්න වාඩු ගැනීමෙහි ලා ආශාවක් වටා බැඳුණු අතිශය පීඩනයක් කිවහොත් පැහැදිලි යැයි සිතමි.
තවමත් සුව නොවූ සාමයික විශාදය මගේ මනස ව්යාකූලයෙන් ව්යාකූල කරනවා."ඇයි මම තවමත් ණය මේ ශරීර කූඩුවට.
කුඩා කල සිටම විඳි දුක් ගැහැට, කම්කටොලු, වියෝවයන් පවා නොසෑහේද මේ පව් වල අවසානයක් දැක්මට."නොදැනීම කොපුල් තෙමී නෙත් මධ්යයෙන් අශ්රයන් ගිලිහෙන්න පටන් අරං.
ඒ ගිලිහුණු අශ්ර බිඳු පිලිවෙලින් කොපුල් පේශි, කොපුල් ගොබයන් පසුකරගෙන විත් උඩු ලවනතින් මුවට වැටුනේ, මෙතෙක් වේලා මහා වෙරයෙන් දරාගෙන සිටි භාරයකින් නිදහස් වූවාක් ලෙසිනි.
"...... මධු මිශ්ර ලවණ රසයක්"
වෙනදා මෙන් නොව මෙහි මධු රසය වඩාත් විශිෂ්ටව දැනෙන්නට වූවා.
නොකඩවා හැලුනු අශ්ර බිඳු සමහරක්, දියවරණ ලැන්ලින් ස්වර්ණ සේද ඇතිරිලි මතින් රූරා යනවිට,
යහනට පසෙකින් ඇති කවුළුව හරහා ගැලූ සඳ රැස් ඒ බිඳු තුලින් වර්තනය වී ඊට එදිරියේ බිත්තිය මත පතනය වූ කලට හටගත් විවිධාකරයේ බිම්බයන්හි සංයෝජනය,
වචනයේ පරිසමාප්තියෙන්ම මගේ මනෝධාතුවේ ප්රතිබිම්බයක්ම විය.
ඒ දෙස අනිමිසයෙන් බලාසිටි මා නැවත පියවි සිහියට පැමිණියේ සිචෙන් පියාණන්ගේ අත්ලේ ස්පර්ශයෙන් මගේ උරසේ දැනුණු උණුසුමටයි.
සිසිර ඍතුවේ ආගමනය නිසා පරිසරයේ ඇති සීත මගේ ගත තවත් දුර්වල කලද මේ පහස, උණුසුම වචනයෙන් විස්තර කිරීමට අපහසු ආකාරයේ සහනයක් ලබා දෙනවා.
ඉදිරියට නැවී කලවා වටේ දෑත් පටලා දෙදණිස් මත මුව හොවා සිට මා,
පිටුපසට ඈඳා ඔහුගේ තුරුලෙහි හොවා ගත්තෙ, තවමත් ඔහුගේ කුඩා දියණිය මිසක විසල් රාජ්යයක අනාගතය භාරගන්නියක බවද අමතක කරවිමිනි.
සෑමදා මෙන්ම එදත් ඔහුගේ පුළුල් අත්ල,
නිදන වස්ත්රයෙන් පමණක් වැසී තිබූ මගේ පිටි කොන්ද මතින් ගෙන ගියේ ඒ දිගු ඇඟිලි වලින් සම්බාහනයක යෙදෙමින්.
මනසේ තිබූ සියලූම වියවුල්, පීඩනයන්, දුක්ඛයන්, ආතතීන් එක් ක්ෂණයකින් අන්තර්ධානය වූවා.
දෑස් පියාගෙන තව තවත් ඔහුගේ උණුසුමට ගිලුණු මා, කෙමෙන් නිද්රාවකට යොමු වන විටම පියාණන්ගෙ හඬින් ඒ මුද්රාව බිඳුනා.