නැවතුම

563 164 158
                                    

THAT DAY..

උදේ කෑමෙන් පස්සේ සිංදූ කැලේට විසික් වෙලා සෙට් එක තැන් තැන් වල පත බෑවිලා පොඩි ඇලට් එකක් දැම්මේ උගුරු වල තියෙන අමාරුවටමයී... පිටිපස්ස සීට් එකේ අයිනට වෙලා සීන් විතරයි ට්‍රිප් ආපූ සෙට් එකෙන් අවදියෙන් ඉන්නේ... මෙහෙම යන්නත් කම්මැලි නිසා සීන් ෆෝන් එකත් අරන් ගියේ ඉස්සරහට..

අහ්.. සීන් විතරක් නෙවෙයි යීබෝ ඉන්නෙත් අවදියෙන්.. කොල්ලා නම් ෆෝන් එකට කොටනවා එකසිය ගානට වේගයෙන්.. සීන් බලන් හිටියේ එයාට නොදෙන හිනාවක් යීබෝ ෆෝන් එකට දෙන නිසා..

හැබැයි ඉතින් ඒ හිනාවට නම් බාධාවක් වෙන්න සීන්ට හිතුනේ නෑ.. ඒ නිසා කොල්ලා බස් එකේ දොරත් ඇරගෙන දොරටම හේත්තු වෙලා කොන්දොස්තර මහත්තයෙක් වගේ හිටන් ඉද්දී යීබෝ එක පාරටම දොර දිහා බැලුවේ එක පාරට සුපිරි හුළගක් ඇගට දැනුන නිසා...

💚 නිදි නැද්ද..

❤️ ම්...

💚 මොකෝ කම්මැලියිද..

❤️ අපිට නෑනේ විරිත්ත විරිත්ත මල් කඩන්න කෙල්ලෝ.. ඒ නිසා අපිට පාලුයි කම්මැලියි තමයි.. අවුලක් නෑ කරන් යන්නකෝ..

සීන් යීබෝ දිහා බැල්මක් වත් නොදා කියද්දි යීබෝ සීන්ට හොදම එකෙන් රවලා ඇස් දෙක වහගත්තා.. සීනුත් බස් එකට නගින පඩියේ වාඩි වෙලා පහු වෙලා යන වාහන මිනිස්සු දිහා බලන් යද්දී...

💚 ඔතන ඉදන් වැටෙන්නැතුව අර අයිනට ගිහින් නිදාගන්නවද ආ....

සීන්ගේ කන ලගින්ම ටිකක් තදින් ඇහෙන සද්දෙට සීන් ටිකක් හෙල්ලිලා යද්දි කතා කරන්නේ යීබෝ නිසා සීන් රවලා අහක බලාගත්තා...

💚 එනවද උස්සන් ගිහින් තියන්නද..

❤️ ම්... වඩන් යන්න...

සීන් යීබෝගේ පසට හැරිලා අත් දෙක උඩට දික් කරද්දි යීබෝට කෙල ගිලුනේ පැනපු ගමන් සීන් වඩාගන්න කිව්ව නිසා...

💚 අනේ මේ.. ඇවිත් වාඩි වෙනවා..

❤️ වාඩි වෙලා තමයි ඉන්නේ.. ඇස් පේන්නැද්ද.. පොට්ටයා ගහලද ආ.. මන් එන්නෑ...

༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒                                          ✓Where stories live. Discover now