කඳු මුදුනේ ආදරය

492 143 147
                                    

THAT DAY..

මේ ගෙවී යන්නේ කඳු මුදුනට නැගි ගෙවෙනා දවසේ දහවල් කෑම හදන කාලයයි..  සවාරියට ආව සේරම ගෑනු ළමයි එක්ක තවත් කොල්ලො දෙතුන් දෙනෙක් වැඩේට බැහැලා මේ ඉන්නේ... මෙන්න මේ කොල්ලො අතරේ උයන්න කියලා මෙලෝ සන්තෑසියක් නොදන්න සීන් කොල්ලවත් වැටිලා උන්නා..

කරන්න දෙයක් නෑ.. බස් එකේම ඉන්න සීන්ගෙ යාලුවෝ ඔක්කෝගෙම තීරණය තමයි සීන් යීබෝගේ වයිෆි කියන එක.. මොනවා කරන්නද සීන්ටත් මොකක්ද මන්දා හේතුවක් නිසා ඒක ප්‍රතික්ෂේප කරන්න හිතුනෙත් නෑ.. ඒ නිසා ඔක්කොම කෙල්ලෝ ටිකයි උයන්න සෙට් උන කොල්ලො ටිකයි සවාරිය ආව ඔක්කෝටම උයද්දි සීන්ට අලුත බැදපු මනමාලී වගේ යීබෝ වෙනුවෙන් කෑම උයන්නත් වෙලා..

❤️ අයියෝ මට බෑ යකූ...

මස් කැබලි කිහිපයක් පුච්චමින් සීන් මල පැනලා මේ කියන්නේ.. දැන් කොල්ලා කන්න කෙසේවෙතත් ඇති පදමට ඩස්ට්බින් එක පිරෙන්න අගුරු වෙච්ච මස්ද කොහෙද දාලා තිබ්බා...

ඈත ඉදන් යීබෝත් මේ දිහා බලන් උන්නේ හක්කට අතකුත් තියන්.. තමන්ට කන්න උයන්න ගිහින් සීන් කන කට්ට දැකලා යීබෝට හැබැයි පොඩ්ඩක් දුකයි..

මොකද සීන් උයන්න දන්නෑ කියලා ඔක්කෝටම දන්න නිසයි කොල්ලව මේ ඔක්කොම එකතු වෙලා බයිට් කරන්න හිතන් උයන්න දුන්නේ...

💚 මේ.. මන් පොඩි පම්ප් එකක් දාලා එන්නම් ඈ...

යීබෝ කොල්ලෝ ගොඩේ උන්න යූ බින්ගේ උරහිසට පහරක් ගහලා කූඩාරම් වටෙන් ගිහින් සීන් ලගට කිට්ටු උනා..

අපරාදේ කියන්න බෑ සීන්ගෙ අත් වලත් මස් පුච්චපු දැලී.. ඉතින් හිතාගන්න පුළුවන් නේද කොල්ලගේ පිච්චිල්ලේ තරම..

යීබෝ සීන්ට කිට්ටු වෙද්දිම යීබෝ දැක්කේ සීන්ගේ නහය උඩම හරි ලස්සනට දැලි තට්ටුවක් ගෑවිලා තියෙනවා..

💚 බබා.. බරටම වැඩ වගේ...

❤️ අයියෝ..😔😔 මට උයන්න බෑ අනේ.. මට දැන් මේක ඇති වෙලා..

💚 ලව් එක පටන් ගත්තා විතරනේ...

❤️ අනේ බෝ.. ඔයා හොදයිනේ.. ඔයා උයලා දෙන්න මට යතාකාලෙදී හොදේ..

༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒                                          ✓Where stories live. Discover now