THAT DAY...
•
•
•
මග බලා
නිදි මරා..
පෙරුම් පුරනා
ගමන ආවා...සිතේ ආසා
ගොඩක් පුරවා..
රියට ආවේ
යන්න චාරිකා...අහම්බෙන් දුටුදෑසක් නිසා..
චාරිකාවක් වෙනස් වූවා..
පෙම් චාරිකා දින දින ගෙවා..
අවසානයේ පෙරට ආවා...තුරුල් වී අප අහස දෙස බලා..
උන්න විට ලොකු හදක් පෙනුනා..
සදත් හිනැහේ අපව දැකලා..
කුමක් දෝ ඒ කියන්නේ අප හා...රාත්රීය සුන්දරයී සැමදා..
පෙම්වතුන් එක්වී ගුලි වී නිදනා..
පෙම් බස් දොඩට පෙම්වතුන් හා..
රාත්රීය නම් මනරම්ය සැමදා....💚❤️
•
•
•
චාරිකාවේ සතර වන දිනය.. ගෙවිලා අවසන් වීමට නියමිතයී.. කුඩා ඇළ පහරක් අසළ හරිත පැහැ ගස් කොලන් වලින් වට උන කුඩා නිවාඩු නිකේතනයකට තමයි මේ ඔක්කොම ඇවිත් ඉන්නේ...
මේ නිවාඩු නිකේතනය හදලා තියෙන්නේ කුඩා කුඩා නිවාස ලෙසට.. එක නිවසක කාමර දෙකයී.. ඒ කියන්නේ හතරකට ඉන්න පුළුවන් එක ගෙදරක.. එක ගෙදරකින් අනෙක් ගෙදරට අඩි දහයක වගේ දුරක් තමයි තිබ්බේ.. ඔක්කොම එක ලග ගෙවල්.. හරියට චූටී ගමක් වගේ..
ඉතින් යීබෝ සීන් , බින් ශුවාන් හිටියේ එක ගෙදරක.. කාමර දෙක බෙදාගෙන ඔක්කොම නාලා කාලා මේ රෑ 8ට විතර සෙට් උනේ පොඩි බජව්වක් දාන්න...
ඉතින් පොඩි පොඩි සංගීත භාන්ඩත් අරගෙන හැමෝම සින්දු කියන්න සෙට් උනේ අද නම් මදුවිත දිහා ඇහැක් ඇරලා නොබලා..
YOU ARE READING
༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒ ✓
Short Storyයමුද සවාරියක්... මේක තමයි ඉරනම් සවාරිය.. එහෙනම් පුරව ගන්නකෝ බෑග් එකට ඇදුම් ලොට්ටක්.. කෑම බීම ටිකකුත් ගන්න ඈ.. වතුරත් ඕනේ ඉතින්.. ම්ම්.. තව මොනවද.. 🤔🤔🤔 අහ් සින්දු කෑලී ටිකක් අහුල ගන්න.. ඒවත් ඕන වෙයි අපිට... 💚❤️