Short Chapter - 05

200 46 11
                                    

Date With MY LOVE

.

.

.

" ම්හ්ක්ක්... "

" මොකද ඔය දැන් ... ! "

" තරහයි මන්.. ! "

" ඉතින් ? "

" තරහයීඊඊඊඊඊඊඊ !!! "

" අනේ ඉතින් මගේ බබී දගකරන්න එපා හොදේ .. බලන්න ඉතින් අර පහල කට්ටියත් ඉන්නවනේ... එක පාරකුත් ඇඩුවා..ආයේ අඩන්න තියා ගන්න එපා පැටියෝ .. කෝ එන්නකෝ ඉතින්.. "

බදා ගත්තා ඉතින් වෙන මොනා කරන්නද..

එයාට සතුටු හිතෙන්න එක්ක ආපු ගමනම පටන් ගත්තු වෙලාවේ ඉදන් අඩනවා මේ කොල්ලා... මාත් ආයේ එයාව ඇදගෙන ඇතුලට ගිහින් අස්සකට වෙන්න තියෙන පැත්තට ගිහින් හොදට තද කරලා බදාගෙන එයාගේ ඔලුවට හාදු ගොඩාරියක් තිබ්බා ..

හී...හී... හෙට බර්ත් ඩේ එක එයාගේ.... !!!

" බෝබෝ... ?? "

" ම්ම්.. කියන්න බබී.."

" දැන් යමුද අපි පහලට.. කකුල් දෙක වෙව්වලනවා වගේනේ.. "

" ඒකනේ අනේ මන් ඕක වෙන්න කලින් නේ ඔයාව පහලට එක්කන් යන්න ගියේ.. කෝ එන්න එහෙනම්.. මගෙ අතින් අල්ලගෙන පහලට බහින්නකෝ ඔයා.. යන් එන්න .. "

එයාට ගොඩක් වෙලා උඩ තැන් වල ඉන්න බෑ .. උස තැන් වලට බයයිනේ අප්පේ ඒ කොල්ලා... දැන් ඉතින් ශේප්.... මන් එයාව පරිස්සමෙන් අත අල්ලගෙන හිමීට හිමීට පහලට බැස්සා .. දැන් නම් දවල් වෙන්නත් ලගයි.. බඩගිනියිද දන්නෑ එයාට..

" මගේ බබීට බඩගිනි නැද්ද දැන්..ම්ම්.. "

" නෑනේ අනේව් ... ඔයාට බඩගිනිද එයීම් "

" හ්ම්ම් ඔව්නේ.. කෝ එන්න මේ පැත්තර යන්.. ඔයාට ඕන්නම් වීඩීයෝ එකක් දාගන්න බබී... වතුර එකක් ගෙනත් දෙන්නද ඔයාට .. අපි දැන් ආයේ ඒ පාරෙන් යන්නේ.... "

" හා..හා.."

" ඔතනම ඉන්න.. කොහෙවත් යන්න එපා.. මන් එනකන් හරිද.... ? "

" හා හා... "

දාලා යන්නත් බෑ..එක්කන් යන්නත් බෑ.. කමක් නෑ පේන මානෙන ඉන්නේ ... එයා පොඩි ලමයෙක් නෙමෙයිනේ දැන්... ඒත් ඉතින් එයානේ මගේ ලමයා... මගෙ හැමදේම... මට එයාව වටින නිසානෙ විනාඩියක් වත් මගේ ඇතීන් තියෙන්නැතුව ඇහේ තියන් පරිස්සම් කරන්නේ.. මොකද මගෙ ජීවීතේ එයා.. මන් ඉක්මන්ට එයා දිහා බලගෙන ආයෙ කැන්ටින් එකට ගිහින් වතුර එකක් එක්ක පොඩි කෑම එකක් අරන් ආවා ...







ඒත් කෝ මෙයා...

ජාන්.. ජාන්.. ඔයා කොහෙද...

ජා...න්..... !!




එයා මන් එනකොට මන් නවත්තලා ගියපු තැන හිටියේ නෑ...!!

ඒත් මන් එයා දිහා බලගෙනමනේ අනේ ඇතුලට ගියේ.. ඇසිල්ලෙන් කොහෙටද අනේ එයා අතුරුදහන් උනේ... කොහෙටද අනේ මෙයා ගියේ... මෙහෙ කොහෙ කියලා එයාව මන් හොයන්නද.. වටේ පිටේ කවුරුවත් ඇත්තෙත් නෑ අහන්න කියලා.. කාගෙන් වත් කරදරයක් වුනාද දෙයියනේ මගෙ කොල්ලට.. මේ කාලේ මිනිස්සුන්ට කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ගානක් නෑ...අනේ එයාටනම් කරදරයක් වෙලානම් තියෙන්නෙ එපා දෙයියනේ.. මගේ කොල්ලා.. !!

ටික වෙලාවකට කලින් ලස්සන පරිසරයකින් ලැබුනු උපරිම සැනසීමක් වගේම සන්සුන් හැගීමක් හිතට ලැබුනු මට .. මේ වෙද්දී කියා ගන්න බැරිමූසල හැගීමක් මගෙ හිතට දැනෙන්න ගත්තා..

ඒ වෙලාවේ මගෙ හිතට දැනුනේ ඇයි මන් එයාව විනාඩියකට හරි මගෙන් ඈත් කරේ කියන එක විතරමයී..

එයාව මාතේක්කම එක්ක ගියානම් දැන්.මෙහෙම දෙයක් වෙන්නෑනේ කියන එක දහවතාවක් විතර මන් හිතෙන් පසු තැවුනා.. ..

මන් ඉක්මන්ට ගෙනාපු දේවලුත් හදිස්සියට ලග තිබුනු බෙන්ච් එකට විසි කරලා කැලයක් වගේ තිබ්බ පැත්තකට දුවන්න ගත්තා...

ඒ..ඒත් ...ඒ පැත්තට වෙන්න මිනිස් පුලුටක්වත් තිබුන්නෑ... එයාගේ චායාක්වත් ඒ පැත්තේ තිබුනේ නැති නිසා.. මන් ආපහු එතනින් දකුනු පැත්තට දිව්වා...

මට හදිස්සියට කොල් කරන්නවත් මගේ ෆෝන් එක මන් ලග තිබුන්නැ.... ඒකත් මන් එයාට දුන්නා.. අනේ...මගෙ කොල්ලා කොහාට ගියාද ?

කොහෙද අනේ ඔයා...

" ජා..න්.. !! "


.

.

.

" මන් මෙ....හේඒඒඒ...අනේඒ....

බෝඕඕඕඔ...!!!! "




_________________ To be Continued ~~

හායී ලමයිනේ...

අද කතාව ගැන අදහසක් කොටන් යන ගමන් වෝට් එකකුත් දාගෙන යන්න අනේව්....

වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම ශ්තූතී..

ආයේ ඉක්ම්නට එන්නම් .. බායී හැමෝටම..

☃︎𝒎𝒂𝒅𝒖𝒔𝒉𝒊


𝐃𝐚𝐭𝐞 𝐖𝐢𝐭𝐡 𝐌𝐘 𝐋𝐎𝐕𝐄 ♡︎ ✔︎( ʸⁱᶻʰᵃⁿ ᵛᵉʳˢⁱᵒⁿ ' ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ' ) ☺︎︎ Where stories live. Discover now