Short Chapter - 03

262 52 10
                                    

Date With MY LOVE

.

.

" එන්න බබී අපි කැන්ටින්‍ එකට යමු...දග කරන්න එපා ලමයෝ...ඒ පැත්තට අපි පස්සේ යන්.. දැන් කමු.. "

" අනේ බෝබෝ ඒ පැත්තේ බෝට්ටු පදිනවලු අනේ.. යන්කෝ.. යන්කෝ.. !! "

" හිටපන් ඉස්සෙල්ලාම කාල යන්න.. මෙතන බඩගිනි කියලා දෙක කරා නේද..කෑවේ නැත්නම් එක්කන් යන්නෑ ..ආපහු හැරිලා යනවා යන්න ගෙදර .....!! "

" ම්හ්ක්...නරකයා තවුසේ... "

මන් එහෙන් මෙහෙන් කුණු කුණු ගගා අතපය වනන හවාවත් ඇදන් කැන්ටින එක පැත්තට ගියා...ඒකේ ඇතුලේ ලඩචෝරු ඇරෙන්න  මහලොකු දෙයක් බඩ පිරෙන්න කන්න දෙයක් තිබුන්නෑ .. ඒ නිසා මන් බර්ගර් දෙකකුයි.. කෝක් දෙකකුයි ඇරගෙන එයා ඉන්න තැනට ගියා... එයාව ඇතුලට එක්කන් ගියේ නෑ කඩචෝරු පප්පා ඒ.. එතන පුරෝලා කඩචෝරු වලින්...දැක්කනම් එහෙම මෙතන මල් බලන්න නෙමෙයි වෙන්නේ දවසම කඩචෝරු කන්න ..

" ආ එන්න අර බෙන්ච් එකේ ඉදන් කමු.. "

" ම්හ්ක්...කවන්න !! මට බැ කන්න.. "

අහ්.. හරි සෝක්.. ඔව් ඉතින් මන් බැදත්තේ මොන්ටිසෝරී බබෙක් නේ... අනේ ඉතින්..මේ මනුස්සයා නිසාම හොදයි... අපිත් ආවා ඉදලා ඉදලා ආවා ඩෙට් එකකට.. මරු ඩේට් එක..

එතනින් පස්සෙ ඉතින් බනියට බර්ගර් දෙකෙන් එක බාගයක් ඉතුරු වෙන්න ඔක්කොම කවලා කෝක් එක බොන්න දුන්නට පස්සේ මන් අර ඉතුරු බාගේ කාලා කෝක් එක බිව්වා ..

මගෙ බඩත් එක්කම හිත පිරෙනවා එයා කාලා බීලා සනිපෙන් ඉන්නකොට... මගේ ජීවීතේම එයා.. 

" යන් බෝ අපි බෝට්ටු පදින්න.. යන්කෝ අනේ.. !! "

" එක්කන් යන්නන් හැබැයි හොද ලමයා වගේ දගලන්නෙ නැතුව ඉන්න ඕනේ.. වතුරට එහෙම අත දන්නේ නෑ... මන් කියන විදිහට ඉන්න ඔනේ හොදේ... ? "

" ඕකේ බොස්... යන් අනේ ඉක්මන්ට.. !! " 

මල කෙලියයි.. ජුලී හතට කෙලියයී...වතුර නැ  යකූ බෝට්ටු පදින්න...ඒ මදිවට සුද්ද කරන්න පටන් ඇරන්..

මන් හීමීට බැලුවේ කෝලම් කොල්ලා දිහා..ඉන්නවා ඉතින් ඇස් දෙකත් කදුලු පුරෝගොන මූනත් කලු කරන් ..වතුර නැති උනාට මන් මොනා කරන්නද ඉතින් වතුර තියන්කොට අස් කරනවන්ම් ඉතින් පගාවක් දීලා හරී බෝට්ටුවක පද්දවන්න තිබ්බා.. වතුරත් නෑනේ ඉතින්..

𝐃𝐚𝐭𝐞 𝐖𝐢𝐭𝐡 𝐌𝐘 𝐋𝐎𝐕𝐄 ♡︎ ✔︎( ʸⁱᶻʰᵃⁿ ᵛᵉʳˢⁱᵒⁿ ' ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ' ) ☺︎︎ Where stories live. Discover now