🧡 15 🧡

1.4K 216 97
                                    

වොෂින්ටන් නගරයේ අහස දෙස බැල්කනියේ වාඩි වී ගිටාරය ද අතැතිව සිටි යුංගි කල්පනා ලෝකෙන් එලියට ආවේ තමන්ගේ ඔම්මාගේ කටහඬ ඇහිලා

" යුංගියා.... කොහෙද ඉන්නේ.."

කොල්ලා මූනට හිනාවක් අරගෙන රූම් එකට ආවා යුංගිගේ ඔම්මා කොල්ලා දිහා ඉනට අත් දෙකත් තියාගෙන බලාගෙන ඉන්නවා

" ඔම්මා...."

යුංගි එහෙම කියාගෙන ගිහින් අවුරුදු ගානකින් දැක්කා වගේ ඔම්මාව බැක් හග් කලා

" එහාට යනවා හුරතල් වෙන්න එනවා මෙතන අවුරුදු තිහක් වෙන්න එනවා තාම මට ලේලි කෙනෙක් හොයලා දුන්නෙත් මම හොයලා දෙන කෙල්ලෙක්ට කැමති වෙන්නෙත් නැ හැමදාම ඔහොම ඉන්න ද කල්පනාව ආ ඔයා පිලිවෙලක් කරලා මගේ යුංගියාගේ දරුවෙක්ගේ මූන බලන්න මමත් ආසයි..."

Meanwhile yoongi's mind : ලමයෙක් හදන්න මැරි කරන්න ඕනද..?

" අයියූ ඔම්මා...මට ගැලපෙන කෙනෙක් තාම හම්බුනේ නැ "

" ඔයා හිතන විදියේ කෙල්ලෙක් නම් මේ ලෝකේ නැතුව ඇති එහා ලෝකෙන් තමයි හොයන්න වෙන්නේ "

යුංගිගේ ඔම්මා කිව්වේ යුංගිව ඈත් කරන ගමන්

" එහා ලෝකෙන් හරි හොයාගන්න පුලුවන් නේ ඔම්මා ඔයා ඉතින් ඒ ගැන හිතන්න එපා "

යුංගි කිව්වේ එයාගේ අහිංසක හිනාව දාන ගමන්

" මම ඔයා ගැන හිතන්නේ නැතුව කවුරු ගැන හිතන්නද මට ඉන්නේ ඔයා විතරයි යුංගි "

යුංගිගේ ඔම්මා කිව්වේ ඇස් වල කදුලු පුරවගෙන

" මම දන්නවා ඔම්මා මම මැරි කරන කෙනා ඔයාටත් එයාගේ ඔම්මාට වගේම සලකන්න ඕන "

යුංගි කිව්වේ ඔම්මාව වැලදගන්න ගමන් යුංගිගේ ඔම්මා කොල්ලාගේ ඔලුව අතගෑවා යුංගිගේ මුලු ජීවිතේම වුනේ එයාගේ ඔම්මා තමයි

" හරි හරි... දැන් හොද දරුවා වගේ ගිහින් රෙඩි වෙන්න අනිද්දා අපි කොරියාවට යන්න "

යුංගිගේ ඔම්මා කියනකොට කොල්ලාගේ මූන වෙනස් වුනා

" යුංගි ඔයා ඔයාගේ තරහ පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන අරස්සෝ...?"

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now