🧡 43 🧡

1.2K 222 36
                                    

At Night

ජිමින් රෑ හොදටම drinks අරගෙන mansion එකට ආවේ වැනි වැනි කෙටියෙන් කිව්වොත් කොල්ලා කෙලින් හිටගන්න වෙනම ගේමක් දෙනවා පඩිපෙළ දිගේ බඩගාගෙන හතරගාතෙන් කොහොමහරි ගිහින් සෝ ආගේ රූම් එක ඉස්සරහ හිටගත්තා

අනියා තාම පොලොව බදාගෙන ඉන්නේ බිත්තිය දිගේ උඩට නගින්න හදන නයෙක් වගේ ජිමින් දොර දිගේ බඩගාගෙන නැගිටින්න හදනවා අංගොඩ ප්‍රදේශයේ වාසය කරන එකෙක් ජිමින්ව දැක්කා නම් කොල්ලා අංගොඩ හොස්පිටල් එකෙන් පැනලා කියලා හිතාගෙන එක්කගෙන ගිහින් හොස්පිටල් එකට භාර දෙනවා තනිකර පිස්සෙක් වගේ හිටියේ

" D....ol..l.."

යාන්තම් නැගිටගත්ත ජිමින් දොරට හේත්තු වෙලා සෝ ආට කතා කලා

" D...oll... p..lease open the d..door "

ජිමින් දොරට ගහන ගමන් කතා කලා මේ වෙලාවේ study table එක උඩින් ඔලුව තියාගෙන පෑනක් කරකවන ගමන් ඉදපු සෝ ආ ජිමින්ගේ කටහඬ ඇහුනු නිසා ඔලුව ඉස්සුවේ ජිමින් ඉන්නේ හොද සිහියෙන් නෙවෙයි කියලා ඒ කටහඩෙන් කියන්න පුලුවන් ටික වෙලාවක් දොර දිහා බලාගෙන ඉදපු සෝ ආ නැගිටලා ගිහින් දොර ඇරියා එතකොට එකපාරට මීතොටමුල්ලේ කුනු කන්ද කඩාගෙන වැටුනා වගේ ජිමින් සෝ ආ ඇගට කඩාගෙන වැටුනා සෝ ආ අඩියක් දෙකක් පස්සට ගිහින් යාන්තම් බැලන්ස් කරගත්තේ නැත්නම් කෙල්ලට කොන්දක් ඕස්ට්‍රේලියාවෙන් අපනයනය කරන්න වෙනවා

" යාහ්හ් ජිමිනි.. තමුසේ බීලා ද "

කෙල්ල ඇහුවේ නහයත් අකුලගෙන දැනෙන සැර ඇල්කොහොල් ගද නිසා

" doll..."

ජිමින් කෙල්ලගේ උරහිසට ඔලුව තියාගෙන මුමුනනවා සෝ ආ ජිමින්ව ඇදට තල්ලු කරලා හොද හුස්මක් ගත්තා ඊට පස්සේ ගිහින් දොරත් ලොක් කරලා ඇවිත් ඉනටත් අත් දෙක තියාගෙන ජිමින් දිහා බලාගෙන හිටියේ කොන්ඩේත් අවුල් වෙලා පිස්සෙක් වගේ ශර්ට් එකේ බටන් ඔක්කොම ගැලවිලා කකුලේ තියෙන්නෙත් එක සපත්තුවයි අනිත් සපත්තුව හොයන්න NIS එකෙන් ගෙන්නන්න වෙනවා

" කනමදයා වගේ බීලා බීලා ඇවිත් ඉන්න ලස්සන විතරක් ශර්ට් එක ඇගේ ඇත්තෙත් නැ මේ මනුස්සයා මෙහෙම ද ක්ලබ් එකේ ඉදලා ආවේ මට එන කේන්තියක් මේකාගේ මූන කට සමතලා වෙන්න රෝලින් පින් එකෙන් නෙලන්න හිතයි drinks ගන්නවා කියලා මෙහෙමත් ගන්නවා ද අනික මොකටද දන්නේ නැ ඩෝල් ඩෝල් ගගා මගේ ලගට ආවේ අර තොරොම්බල් කරත්තේ ලගට නේ යන්න තිබුණේ මේකාට දැන් බැන්නා කියලා වැඩක් තියෙද හොද සිහියෙන් නෙවෙයි නේ ඉන්නේ අපරාදේ මගේ වචන "

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Donde viven las historias. Descúbrelo ahora