🧡 40 🧡

1.1K 223 57
                                    

ජන්කූක් සෝආ එක්ක කොච්චර කතා කරන්න හැදුවත් සෝ ආ කොල්ලාව මගහැරියා සෝ ආ සතුටින් ඉන්න හැදුවා විතරයි එකපාරට මෙහෙම දෙයක් වුනාම එයාට කියාගන්න බැරී දුකක් දැනුනේ සෝ ආ කල්පනා කරන ගමන් mansion එකට ආවා living room එකට වෙලා ඉන්න සෝයූන් දැක්කාම සෝ ආගේ මූනට හිනාවක් ආවා

" සෝයූන් ඔන්නි..."

කෙල්ලගේ කටහඬ ඇහිලා සෝයූන් හිනාවක් එක්ක සෝ ආ දිහා බැලුවා

'  ඕ සෝ බබා.."

සෝ ආ දුවගෙන ඇවිත් සෝයූන් ලගින් වාඩිවුනා සෝයූන් කෙල්ලගේ නහයෙන් මිරිකුවා

" යාහ්හ් ඔන්නි.."

කෙල්ල සෝයූන්ගේ අත අයින් කරන ගමන් කෑගැහුවා සෝයූන් හිනා වුනා

" ඔන්නිට දැන් කොහොමද "

" හොදයි බබෝ.."

" ම්ම්ම්.. යුංගි ඔප්පා ඔන්නිට සිහිය නැතුව ඉන්න දවස් ටිකේ ඔන්නිගේ ලගට වෙලා හිටියා එයාට කොච්චර ගෙදර යන්න කිව්වත් එයා ගියේ නැ ඔන්නි ඇස් අරිනකම් බලාගෙන ඉදියා "

සෝයූන් සෝ ආගේ අතකින් අල්ලගත්තා

",මට පොරොන්දුවක් වෙනවාද සෝ බබා.."

" මොකද්ද ඔන්නි.."

සෝයූන් කෙල්ලගේ පැත්තට හැරුනා සෝ ආ කල්පනා කලේ සෝයූන් මොකද්ද කියන්න හදන්නේ කියලා

" මට මොනාහරි වුනොත් ඔයාගේ යුංගි ඔප්පාව බලාගන්න "

සෝයූන් කෙල්ලගේ ඇස් දිහා බලාගෙන කියද්දී සෝ ආ ඇස් ලොකු කරගෙන සෝයූන් දිහා බලාගෙන ඉදියා

" ඔන්නි..."

" මුකුත් කියන්න එපා සෝ බබා චේබල් මට පොරොන්දු වෙන්න යුංගිව බලාගන්නවා කියලා "

සෝයූන්ගේ ඇස් වල කදුලු පිරිලා සෝ ආ ටික වෙලාවක් මුකුත් නොකියා හිටියා

" හරි ඔන්නි.. "

සෝයූන් හිනා වුනා ඒත් ඒ හිනාව අස්සේ තියෙන වේදනාව සෝ ආට තේරුනා

" ඒත් ඔන්නිට මුකුත් වෙන්නේ නැ ඔන්නි ඉක්මනට සනීප වෙයි "

සෝයූන්ගේ කම්බුල් වලින් අල්ලාගෙන කිව්වා සෝයූන් සෝ ආ තුරුල් කරගත්තා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️حيث تعيش القصص. اكتشف الآن