Next Day Morning
" නූනා සෝයූන් දැක්කාද..?"
" අනියා රූම් එකේ නැද්ද "
යුංගි උදේ නැගිටිනකොට සෝයූන් ලග හිටියේ නැ කොල්ලා සෝයූන් නම කියලා කෑගහන ගමන් mansion එකේ හැමතැනම ඇවිද්දත් කෙල්ලව හොයාගන්න බැරි වුනා ඒක නිසා තමයි සේරිගෙන් ඇහුවේ
" සෝයූන් නූනා රූෆ්ටොප් එකට යනවා දැක්කා "
ජන්කූක් බනානා මිල්ක් ශේක් එක වැඩේ දෙන ගමන් කිව්වා යුංගි ඔලුව වනලා රූෆ්ටොප් එකට ගියා සෝයූන් රූෆ්ටොප් එකේ කොනකට වෙන්න බැම්මට හේත්තු වෙලා බිම ඉදගෙන ඉන්නවා කෙල්ල ලොකු කල්පනාවක හිටියේ යුංගි හිමින් අඩිය තියලා ගිහින් කෙල්ලගේ ලගින් වාඩි වුනා
" මොකද මෙතන කරන්නේ "
යුංගිගේ කටහඬට කෙල්ල ගැස්සිලා ගියා යුංගි ඒක හොදටම දැක්කා සෝයූන් කොල්ලා දිහා බලලා ආපහු බිම බලාගත්තා
" සෝයූන්.... මම ඇස් අරිනකොට තමුසේ මගේ ලග නැති වුනාම මම කොච්චර බය වුනා ද දන්නවා ද "
සෝයූන් ඒත් මුකුත් නොකියා බිම බලාගෙන ඉදියා කෙල්ලගේ නිහඩ බව යුංගිට ලොකු ප්‍රශ්නයක් යුංගි සෝයූන්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් කතා කරන්න ගත්තා
" සෝයූන් ..."
" ම්ම්ම්..."
" මොකද මේ.."
" මෙතනින් යන්න යුංගි මට තනියෙන් ඉන්න ඕන "
සෝයූන් වෙව්ලන හඩකින් කිව්වා
" අනියා මම යන්නේ නැ "
" යුංගි තමුසෙට මම කියන දේ තේරෙන්නේ නැද්ද මට වදයක් නොවී යන්න මෙතනින් මට ඉන්න දෙන්න තමුසේ මහ ඇනයක් හැමදේටම ඇගිලි නොගහා ඉන්නවා තමුසේ මගේ හස්බන් වෙන්න ඇති ඒ වුනාට මම තමුසෙව හස්බන් කියලා පිලිගන්නේ නැ මම තමුසෙට කැමති නැ "
සෝයූන් හැමදාම කිව්වේ බිම බලාගෙන යුංගි දිහා එක විනාඩියකට බැලුවේ නැ
" මගේ දිහා බලන්න "
යුංගි සෝයූන්ව එයාගේ පැත්තට හරවගන්න ගමන් කිව්වා සෝයූන් හොදටම අඩලා අනියා එයා තාමත් අඩනවා යුංගි කෙල්ලගේ කම්බුල් වල තියෙන කදුලු පිහිදැම්මා යුංගි සෝයූන්ගේ නලලට එයාගේ නලල තියාගෙන ඇස් පියාගත්තා
YOU ARE READING
𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️
Fanfictionආදරය කියන වචනයට පවා වෛර කරන කොල්ලෙක් අහිමි වූ සෙනෙහස හොයන දගකාර කෙල්ලෙක් එක රැයකින් ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් වේවි ද.... ? Start :29/04/2022 End ; 29/09/2022