🧡 32 🧡

1.2K 214 49
                                    

සෝයූන් කැෆේ එකට වෙලා තමන් ඉදිරියේ ඉන්න පුද්ගලයා දෙස අත් දෙක බැදගෙන බලාගෙන හිටියේ නොරිස්සුම් මුහුනකින් විනාඩි කිහිපයක් ගෙවිලා ගියත් සෝයූන්ගේ බැල්මේ කිසි වෙනසක් සිදු වුනේ නැ දෙන්නාගෙන් එක් කෙනෙක්වත් කතා කලේ නැ

" කතා කරන්න දෙයක් නැත්නම් මම යනවා "

සෝයූන් එහෙම කියලා යන්න හදද්දී ඒ පුද්ගලයා සෝයූන්ගේ අතින් අල්ලලා නැවැත්තුවා සෝයූන් ඒ සැනින් එයාගේ අත ඇදලා ගත්තා

" තමුන්ට මාව අල්ලන්න අයිතියක් නැ "

" සෝ මට කතා කරන්න ඕන "

ඒ පුද්ගලයා එහෙම කියනකොට සෝයූන් ඇහිබමක් උස්සලා බැලුවා

" සෝ.....? කොහොමද තමුසේ එහෙම කතා කරන්නේ මට "

සෝයූන් එහෙම අහන ගමන් වාඩිවුනා

" මම ඔයාගේ boyfriend නේ මට එහෙම කතා කරන්න බැරී ද "

සෝයූන් හිනා වෙන්න පටන් ගත්තේ ලෝකේ ලොකුම විහිලුව වගේ

" boyfriend නෙවෙයි ex boyfriend "

සෝයූන් හිනාව නවත්තලා කිව්වා එතැන හිටියේ සෝයූන්ගේ ජීවිතේම කනපිට හරවපු එයාගේ ex boyfriend පාර්ක් බෝගම්

" සෝ මගේ අතින් වරදක් වුනා මට සමාවෙන්න ඒත් අපිට කලින් වගේ ඉන්න බැරී ද මම තාමත් ඔයාට ආදරෙයි "

" තමුසෙට මාව සෙල්ලමක් ද ආ මාව එපා කියලා දාලා ගිහින් වෙන කෙල්ලෝ එක්ක නටලා ආපහු මගේ ලගට එන්න තමුසෙට ලැජ්ජාවක් නැද්ද "

සෝයූන් තරහ උපරිමයෙන් පාලනය කරගෙන කතා කලේ වටේ මිනිස්සු ඉන්න නිසා ටේබල් එක උඩ තිබුණු සෝයූන්ගේ අත උඩින් බෝගම් අත තිබ්බා

" අපි ඒ අතීතේ අමතක කරලා අලුතින් පටන් ගමු ඔයා නැතුව මම ගොඩක් පාලුවෙන් හිටියේ මට ඔයාව අමතක කරන්න බැරී වුනා සෝ මම පොරොන්දු වෙනවා ආපහු ඒ වගේ වැරැද්දක් මම කරන්නේ නැ කියලා මේ අත ආපහු අතහරින්නේ නැ සෝ මට තව එක අවස්ථාවක් දෙන්න "

බෝගම් සෝයූන්ගේ අතක් එයාගේ අත් අතරට අරගන්න ගමන් කිව්වේ සෝයූන් බෝගම් දිහා බලාගෙන ඉදියේ හැගීම් විරහිත මුහුනකින් එකපාරක් තමන්ව එපා කියලා දාලා ගිහින් පුලුවන් තරම් තමන්ට රිද්දපු කෙනා ආපහු මෙහෙම ඇවිත් එයා එක්ක ආපහු ඉස්සර වගේ ඉන්න ඕන කිව්වාම සෝයූන්ට හිතුනේ තව කෙල්ලෝ කී දෙනෙක් ලස්සන වචන වලින් රවට්ටන්න ඇති ද කියලා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now