" ජිමික්සන්....."
" මට ඔය නම කියන්න එපා කියලා මම කියලා තියෙනවා..."
ජිමින් කිව්වේ කෙල්ලට රවන ගමන් කෙල්ල ජිමින්ට ඇහැක් ගහලා ඇතුලට ආවා
" හායි කොටිස්...."
" සැක්...තොගේ මන්ද මානසික ගති තාම ඇරිලා නැ "
" Don't be අපහාස...."
කෙල්ල ටේහ්‍යුන්ට රවලා කිව්වා
" මොකද මෙහේ කරන්නේ....? ලන්ඩන් වල හිටපු පිස්සෝ ගහලා එලෙව්වා ද "
" අනෙව්....මගේ හැන්සම් මස්සිනා පොඩ්ඩ... එහේ හිටපු ලොකුම පිස්සි ඔයා මෙහෙට උස්සගෙන ආවාම ලන්ඩන් පිස්සෝ වද වුනා ඉතින් මම් මෙහෙට ආවා හූම්..."
කෙල්ල එහෙම කිව්වාම තුන් දෙනාම හිනා වෙන්න පටන් ගත්තා කට්ටියගේ සද්දේ ඇහිලා ජන්කූක් දුවගෙන ආවා
' සෝයූන් නූනා..."
" අනෝ කුක්සන්..... "
කෙල්ල දුවගෙන ගිහින් ජන්කූක් බදාගෙන වටයක් කැරකුනා
" නූනා එනවා කියලා සේරි නූනා කිව්වේ නැ නේ "
" එයා දන්නේ නැ ඔම්මා දන්නෙත් නැ මම මෙහේ ආවා කියලා "
" මොහ්........"
සෝයූන් ගැස්සිලා ගිහින් කටහඬ ඇහුනු පැත්ත බැලුවාම තමයි දැක්කේ කාලි මෑනියෝ අවේස වෙලා වගේ සුප් හැන්දත් අතේ තියාගෙන තමන්ගේ පැත්තට මරනීය බැල්මක් දාගෙන ඉන්න සේරිව
" ඔන්නි...."
" දැන් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ "
ටේහ්‍යුන් එහෙම කියලා ගිහින් සෝෆා එකේ වාඩිවුනා
" තමුසේ මෙහෙට ආවේ කාටවත් නොකියා ද ආ කතා කරනවා.."
" ඔන්නි....අහන්නකෝ...කේන්ති ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලා කවුද කාට ද කියනවා ඇහුනා "
සෝයූන් හිමින් අඩියෙන් අඩිය පිටිපස්සට යන ගමන් කිව්වා
" යේ අහිතකරයි තමුසෙගේ ශරීර සෞඛ්‍යයට "
සේරි එහෙම කිව්වාම සෝයූන් ජන්කූක් තල්ලු කරලා දුවන්න පටන් ගත්තා
" ජින් ඔප්පේ බේරගනියෝ..."
සෝයූන් දුවගෙන ගිහින් ජින්ගේ පිටිපස්සේ හැංගුනා
YOU ARE READING
𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️
Fanfictionආදරය කියන වචනයට පවා වෛර කරන කොල්ලෙක් අහිමි වූ සෙනෙහස හොයන දගකාර කෙල්ලෙක් එක රැයකින් ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් වේවි ද.... ? Start :29/04/2022 End ; 29/09/2022